NORTH KOREA CRISIS - සතිපතා මිසයිල පරීක්ෂණ පියාසැරි පවත්වනවා - උතුරු කොරියාව කියයි


දකුණු කොරියාවේදී ඇමරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් සිදුකල ප්‍රකාශයන්ට පිලිතුරක් මෙන් තමන් සතිපතා මිසයිල පරීක්ෂණ පියාසැරි පවත්වන්නට තීරණය කල බව උතුරු කොරියානු ජේෂ්ඨ හමුදා නිළධාරියෙකු පියොන්ග්යෑන්ග් හි BBC වාර්තාකරුවෙකුට පවසා තිබෙනවා.

උතුරු කොරියාවට මිසයිල හා න්‍යෂ්ඨික බෝම්බ අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කොට තිබෙනවා. ඒ අනුව සෑම උතුරු කොරියානු මිසයිල හා න්‍යෂ්ඨික අත්හදා බැලීමක්ම එක්සත් ජාතීන්ගේ තීරණයට පිටුපෑමක් වනවා.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ලැව් රොෆ් තමන් උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමේ ක්‍රියාදාමය භයානක සෙල්ලමක් ලෙස දකින බවත්, උතුරු කොරියාව මෙම භයානක සෙල්ලම නතර කලයුතු බවත් පවසනවා. එමෙන්ම ඇමරිකාවද උතුරු කොරියාවට එරෙහිව ඒකපාර්ෂවීය ක්‍රියාදාම වලට නොයා යුතු බව ඔහු පැවසූවා.

Related:











__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments