NORTH KOREA CRISIS - අතිනවීන ඇමරිකන් F-35 ස්ටෙල්ත් ප්‍රහාරක යානා බළගණයක් ජපානයට


ඇමරිකානු මැරීන් හමුදාව, සිය අතිනවීන F35 ස්ටෙල්ත් ප්‍රහාරක යානා බළගණයක් ජපානයේ ඉවාකුණි මැරීන් හමුදා කඳවුරට යවා තිබෙනවා. මින් පලමු යානා ඊයේ ඉවාකුණි කඳවුරට ගොඩබැස්ස බව වාර්තා වනවා. ඉවාකුණී කඳවුර ඇමරිකාවට අයත් ජපානයේ ඇති යුධ කඳවුරු වලින් එකක් වනවා. Marine Fighter Attack Squadron 121 නමින් හඳුන්වන මෙම බළගණය ස්ටෙල්ත් යානා සඳහාම විශේෂිත බළගණයක් බව වාර්තා වනවා.

ඕනෑම හදිසි ප්‍රහාරයක් සඳහා මෙම යානා සීරුවෙන් තබා ඇති බව එක්සත් ජනපද මැරීන් හමුදාව පවසනවා. 

අද දිනයේදී මෙම F 35 යානා භාවිතාකොට "Hot Loading" නම් පුහුණු ක්‍රියාන්විතයක් පවත්වා තිබෙනවා. හොට් ලෝඩිං ක්‍රියාන්විතයේදී යානයේ ජෙට් එන්ජින් ක්‍රියාත්මක වෙමින් තිබියදීම යානයට බෝම්බ හා මිසයිල සවිකිරීමේ අණතුරුදායක ක්‍රියාකාරකම සිදුවනවා. යුධමය තත්වයකදී ඉතා ඉක්මණින් යානය සන්නද්ධ කොට පිටත් කිරීම සඳහා හොට් ලෝඩින් ක්‍රියාකාරකම යොදා ගන්නවා.


Related:









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments