බෝයිං 787 යානය 3D Printing කරති.



බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය බෝයිං සමාගමේ අලුත්ම යානයයි. එකක් ඩොලර් මිලියන 265ක් වන මෙම යානය නවතම තාක්ෂණයන් ගණනාවකින් සමන්විතය.

වානේ හා ඇලුමීනියම් වෙනුවට ඉතා සැහැල්ලු මෙන්ම ශක්තිමත් කාබන් ෆයිබර් යොදා නිපදවා ඇති මෙම යානයේ නිර්මාතෲවරුන් තවත් අලුත්ම තාක්ෂණයක් 787 නිෂ්පාදනය සඳහා යොදාගන්නට සැරසෙනවා. මෙම අලුත්ම තාක්ෂණය වන්නේ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය හෙවත් ත්‍රී ඩී ප්‍රින්ටින් තාක්ෂණයයි.

දැනටමත් "නෝර්ස් ටයිටේනියම්" නම් නෝර්වීජියානු සමාගමක් සමග ඒකාබද්ධව යානයට අවශ්‍ය මිළ අධික ටයිටේනියම් කොටස් ත්‍රිමාණ මුද්‍රණයෙන් නිෂ්පාදනය කිරීමට බෝයිං සමාගම පියවර අරගෙන. වානේ වලට වඩා සැහැල්ලු හා ශක්තිමත් ටයිටේනියම් කොටස් සාමාන්‍ය ලේත් ක්‍රමයට නිෂ්පාදනයේදී විශාල ලෙස අපතේ යාම් සිදුවන අතර ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් කිසිදු අපතේ යාමක් හෝ වැරදීම් නොමැතිව අතිසූක්ෂම ටයිටේනියම් කොටස් නිර්මාණය කරගත හැකි බව පැවසෙනවා.

787 ඩ්‍රීම්ලයිනර් යානයක මුලු පිරිවැයෙන් ඩොලර් මිලියන 17ක් පමණ එහි ඇති ටයිටේනියම් කොටස් සඳහා වැයවෙන බව පැවසෙන අතර ත්‍රිමාණ මුද්‍රණය මගින් ටයිටේනියම් කොටස් නිපදවීමේදී අපතේයාම් නොමැතිවීම නිසා එක් යානයක ටයිටේනියම් වියදමින් ඩොලර් මිලයන 2-3ක් අතර ප්‍රමාණයක් පිරිවැය ඉතුරු කරගත හැකි බව නෝර්ස්ක් ටයිටේනියම් සමාගම පවසනවා.

මේ අතර නාසා ආයතනය ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් රොකට් එන්ජින් නිර්මාණය සඳහා පර්යේෂණ කරමින් සිටිනවා.

නෝර්ස්ක් ටයිටේනියම් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් නිමැවූ ගුවන්යානා කොටසක්.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments