දෘශ්‍ය ආබාධිත දරුවන් සඳහා coding උගන්වන Project Torino

දෘශ්‍ය ආබාධිත දරුවන් සඳහා coding උගන්වන Project Torino

2729
0
SHARE

තාක්ෂණික යෙදවුම් සහ උපාංග අද අපේ ජිවිතයේ නැතිවම බැරි දේවල් බවට පත් වෙලා තියෙනවා. ඒ තරමටම තාක්ෂණය අපගේ ජිවිත වලට සමීප වෙලයි තියෙන්නේ. බොහෝ වෙලාවට මෙම තාක්ෂණික යෙදවුම් භාවිතයේදී දෘශ්‍ය අබාධිත පුද්ගලයින් අපහසුතාවයට පත් වෙනවා. Computer programming වගේ ක්ෂේත්‍රයන් පිළිබඳව සලකා බලනකොට එය හොදින්ම පැහැදිලි වෙනවා. නමුත් අද වෙනකොට එවැනි ක්ෂේත්‍රයන් පිළිබඳව දෘශ්‍ය අබාධිත පුද්ගලයින් වැඩි උනන්දුවක් දක්වන්න පෙළඹිලා තියෙනවා. Microsoft සමාගම Project Torino දියත් කරන්නේ මෙයට විසඳුමක් විදිහටයි.

Project Torino කියන්නේ දෘශ්‍ය අබාධිත දරුවන් ඉලක්ක කරගෙන සැකසුණු physical programming language එකක්. මෙහිදී සිදුවන්නේ physical objects භාවිතයෙන් ඔවුන්ට code කිරීමට ඉගැන්වීමයි. එකිනෙකට සම්බන්ධ කෙරුණු physical objects මගින් logic gates, loops සහ functions වැනි basic programming concepts පහසුවෙන් නිරුපණය කරන්න පුළුවන්. මෙම නිරුපණයන් දෘශ්‍ය අබාධිත දරුවන්ට පහසුවෙන් ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතිනවා. මේ ආකාරයට ඔවුන්ට සින්දු, games වගේම සරල programs ද නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා.

Project Torino නිර්මාණය කරලා තියෙන්නේ එක්සත් රාජධානියේ. මෙය නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන විශේෂඥයින්, පරිගණක ඉංජිනේරුවරු මෙන්ම දෘශ්‍ය අබාධිත දරුවන් ද දායක වෙලා තියෙනවා. පසුගිය වසර කිහිපය පුරාවට users ලා කිහිපදෙනෙක් යොදාගෙන මෙහි අත්හදා බැලීමේ කටයුතු සිදු කරලා තියෙනවා. අද වන විට එය දෘශ්‍ය අබාධිත දරුවන් සියය කට පමණ භාවිතා කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. Project Torino හි අරමුණ නම් ඊට වඩා විශාලයි. Project Torino හි Cecily Morrison මේ ව්‍යාපෘතිය ගැන දක්වන්නේ මේ වගේ අදහසක්.

“මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ මුලික අරමුණක් වුණේ දෘශ්‍ය අබාධිත දරුවන් ද සමාජයට එකතු කරගැනීමයි. මෙම දරුවන් තනි කිරීමට අපට අවශ්‍ය වුණේ නැහැ. අපේ අදහස වුනේ සැමට එක ලෙස භාවිතා කළහැකි යමක් නිර්මාණය කිරීමයි. පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා වැඩි අවස්ථාවක් තිබෙන බව ඉතාම පැහැදිලියි. වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් සඳහා යොමු වීමට අපහසුතා ඇති දරුවන් සඳහා මෙය කදිම අවස්ථාවක් වෙයි කියලා අපි විස්වාස කරනවා.”

Project Torino නිර්මාණය කරලා තියෙන්නේ වයස අවුරුදු 7 සිට 11 දක්වා වන දරුවන් ඉලක්ක කරගෙනයි. දෘශ්‍ය අබාධිත දරුවන්ට පමණක් නොව සෑම දරුවෙක්ටම භාවිතා කළ හැකි පරිදි මෙය සකස් කිරීමයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. මීට අමතරව Microsoft සමාගම app එකක් ද නිර්මාණය කරලා තියෙනවා. App එක තුළින් ඔවුන් ඉගෙන ගත් දේ පිළිබඳව වඩාත් විධිමත් coding environment එකක් යටතේ අත්හදා බැලීමේ අවස්ථාව ඔවුන්ට හිමි වෙනවා.

source : neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY