Windows අවධානය braille සහ night light mode වෙතට

Windows අවධානය braille සහ night light mode වෙතට

2168
1
SHARE

Windows 10 සමගින් හැමදාමත් අළුත් දේවල් පාරිභෝගිකයන් වෙතට ගෙන එන Microsoft සමාගමේ තවත් අළුත් හදුන්වාදීමක් ගැනයි අද මම  මේ කියන්න යන්නේ. මෑතකදී  Microsoft සමාගම අලුත්ම Windows insider build නිකුත් කරා. මේ  preview version එකට අනුව අළුත් අළුත් updates කිහිපයක්ම windows 10 වලට එකතු වෙලා තියෙනවා.  Microsoft සමාගම බලාපොරොත්තු වෙන්නේ creators update එකත් එක්ක windows 10 භාවිතා කරන customer range එක තවදුරටත් පුළුල් කරගන්නයි.  මේ නිසාම ඔවුන්ගේ අවධානය දෘෂ්‍යාබාධිතයන් වෙතට යොමු වෙලා තියෙනවා. දෘෂ්‍යාබාධිතයන්ට windows 10 භාවිතය පහසු කිරීම වගේම windows ඇබ්බැහි වුවන්ට රාත්‍රී කාලයේ visual relief එකක් දෙන මේ features එකතු වෙන්නේ ඔවුන්ගේ අරමුණ කරා ලගා වෙන්න තියපු තවත් එක පියවරක් විදියට.

මේ විදියට එකතු වුණු features අතරින් Narrators යටතේ එන braille support ගැන කතා නොකරම බැහැ. මේ තුලින් දෘෂ්‍යාබාධිතයන්ට screen එක කියවන්න braille display භාවිතා කරන්න පුළුවන්. මේ feature එක මේ වෙද්දී braille යටතේ දැක ගන්න පුළුවන් වගේම විවිධ භාෂාවල් සහ ඊට අදාල braille table එක තෝරන්නත් ඔයාට ඉඩකඩ සලසලා දීල තියෙනවා.
ඉතින් ඔයාලත් කැමති ඇති දැනගන්න කොහොමද මේ braille option වලට access කරන්නේ කියලා. ඒක හරිම ලේසි දෙයක්. windows settings වල Ease of Access click කරලා narrator කියන option එකට ගියාම මේ සේරම braille options ඔයාට දැකගන්න පුළුවන්. එහෙම නැත්නම් CTRL + WIN + ENTER හෝ Cortana භාවිතා කරලත් Narrator access කරන්න ඔයාට පුළුවන්.

දැන් මම කියන්න යන්නේ පැය ගණන් PC එක ඉස්සරහ දවස ගෙවන ඔයාට සුබ ආරංචියක්. ඒ තමයි  Microsoft සමාගම windows ඇබ්බැහි වුවන්ට රාත්‍රී කාලයේ visual relief එකක් ලබාදීමේ අරමුණින් night light feature එකක් හදුන්වා දීලා තියෙනවා.  ඒ අනුව Display color temperature slider හරහා රාත්‍රී කාලයේදී  display එකේ color customize කරන්න පුළුවන්. මේ නිසා දවල් රාත්‍රී ඕනම වෙලාවක අපහසුවකින් තොරව එක දිගට PC එකේ laptop එකේ වැඩ කරන්න කිසිම බාධාවක් නැහැ.

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY