Thursday 6 April 2017

පන්නරය - 2 - Kent Nelson



පන්නරය - 1 ලිව්වේ මීට කලියෙන්...!

පීටර් සැමන්ස් මට දිගටම අංචි ඇද්දාය කිව්වොත් නිවරදියි...ඔහුට මගේ ස්වාධීනත්වය ප්‍රශ්නයක් වෙන්න ඇති..ඒ කිව්වේ, අනිත් සියලුම ගෘහනිර්මාන ශිල්පීන් සහ සැලසුම් ශිල්පීන්, එවකට කොවි (COWI) සමාගම උපදේශණ කාර්‍යයන් වල නියුතු ඕමානයේ මහබැංකු ගොඩනැගිල්ලේ වැඩ කටයුතු වල නියත වූයේ ඔහුගේ අනසක යටතේ වුවද මා හට ලබාදී තිබුන කාර්‍යය වු, පෙට්‍රෝලියම් ඩිවෙලොප්මන්ට් ඕමාන් (PDO) සමාගමේ කැසිකැසල පුලුස්සා චක්‍රීයකරණය කිරීමේ ඒකකය සඳහා ගොඩනැගිය යුතු ගොඩනැගිල්ල නිර්මානය කිරීම මා හට තනියමම කිරීමට මාකෝ ගත් තීරණය  (100% ක ස්වාධීනත්වයක් ලබාදීම) ඔහුට ප්‍රශ්නයක් වීම විය යුතුය..!

Award winning design of Oman Central Bank building by Archt. Ole B Larsen


ඇත්තටම COWI ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ Ole B Larsen මහතාය. එනමුදු මා එම සමාගමට එක්වූ කාලයේ ඔහු කෙටි බිස්නස් වීසා උඩ, ඉඳ හිට ගෙන්වාගෙන වැඩ කරගැනීම තමා කම්පැනි පොලිසි එක වෙලා තිබුනේ..එයට හේතුව ඔහුගේ අධික වේතනය..නමුත් එයින් පීටර් ලොකු ගැම්මක් අරගෙන අනිත් අයට ලොක්කා චරිතය රඟපෑ බැව් මම දනිමි.


පීඩීඕ සමාගමේ ගොඩනැගිලි, එම සමාගම විසින් එකලස් කර ඇති නියාමයන් ආස්‍රයෙන් නිර්මාණය කලයුතුය...එම නියාමයන් ගැන හොඳ දැනුමක් සේම, ඒවා අඩංගු ග්‍රන්ථ ඩග්ලස් ලෑන්ග්මේය්ඩ් අත තිබුනද, ඕස්ටේර්ලියානු ජාතික ඩග්ලස්, පීටර්ගේ කීම අසා මුලදී ඒවා මා හට පරිශීලනය කිරිමට ඇති මං ඇසුරුවත්, වෙනත් මාර්ගයකින්, එනම් මා හඳුනන ඉන්දියන් ජාතික ගෘහ නිර්මාන ශිල්පියෙකුගේ මාර්ගයෙන් එම නියාමයන් ගෙන්වාගෙන, මා සෙමින් දැහැමින් වැඩකටයුතු කරගෙන ගියෙමි.

එසේ දැහැමින් සෙමින් වැඩ කිරීමට නිර්භීත කමත් පන්නරයත්  මට ලැබුනේ, ඕමාන් වලට එන්න කලියෙන් සවුදි අරාබියාවෙ ගත කල මාස දහතුනේදී , මා ලැබුවාවු පන්නරයක් ඇත්නම්, එම පන්නරයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වු, කෙන්ට් නෙල්සන් (Kent Nelson ) නම්වු ඒ සොඳුරු ඇමෙරිකානු ජාතික ගෘහනිර්මාණ ශිල්පියාගෙන් යැයි ලියා තබන්නේ ඉමහත් ආදරෙයෙනි.

කෙන්ට් මට හමුවෙන්නේ 1991 ජූනි මාසේ විතර (මට මතක හැටියට ). ඒ වන විට මා සේවය කලේ අල්කෝබාර් වල කන්සල්ටින් ඇන්ඩ් ඩිසයින් ඉංජිනියරින් (CDE) කියන සමාගමේ. එහි ගෘහනිර්මාන ශිල්පීන් ලෙස එවකට සේවය කලේ පිලිපීන ජාතික ජිල්, බ්‍රිතාන්‍ය ජාතික ටෙඩ් සහ මම...!

al-khobar at night

කෙන්ට් මට වඩා අවුරුදු විසිපහක් විතර වයසයි මට හම්බවෙනකොට...කෙන්ට් එතකොට ඩිවෝස් වෙලා හිටියේ..එක දුවක් හිටියා... දුවගේ නම ට්වයිලා උනාට ( Twyla) ට්වයි ට්වයි (TWY TWY) කියලා දුවට කෙන්ට් කියන්නේ,  ..කෙන්ට් ගොඩාක් වෙලාවට වැඩ කරලා තියෙන්නේ එයාගේ ගෙදරින් පිට ප්‍රාන්ත වල හරි පිටරට වල් වල හරි..එයා එක්ස්පැට් කෙනෙක් හැටියටම තමයි ජීවිතේ ගෙවන්න පුරුදු වෙලා තියෙන්නේ...එයා හවායි වල වැඩ කරලා නිවාඩුවකට ගෙදර ආපු වෙලාවක ඇදුම් බෑග් එකේ කාන්තා යට ඇඳුමක් තිබිලා බිරිඳ කියලා ඒඩ්ස් ටෙස්ට් එකක් කරන්නය කියලා..ඒ ආර්ගියුමන්ට් එක දුර දිග ගිහින් ඩිවෝස් වෙලා තියෙන්නේ.

හැබැයි කෙන්ට් මට නං කිව්වේ ඒ කාන්තා යට ඇඳුම එයා ගේ නැගනියට ගෙනා තෑග්ගක් බව...හි හි හි....!

කොහොම හරි 1996 ජුලි 17 වෙනිදා ඇමෙරිකාවෙ ඩලාස් එයාපොර්ට් එකෙන් ගුවන්ගත වෙන කොට කඩා වැටුන හෝ මිසයිලයක් මගින් බිම හෙලපු TWA Flight 800 යානයේ හිටපු ට්වයි ට්වයි අම්මත් එක්ක යුරෝපයේ ඩිස්නිලන්තයට නිවාඩු යන ගමන් මගියන් හැටියට මියපරලොව ගියා..කෙන්ට් එතකොටත් සවුදි අරාබියේ වැඩ කලේ..මම හිටියේ ඕමාන් වල...ඒ මොහොතේ මම කෙන්ට්ව දවස් දහයකට ඕමාන් වලට ගෙන්න ගෙන බලා කියාගත්තා හැටි තාම මතකයි..කරුමේ කියන්නේ, ට්වයි ට්වයිගේ අම්මා, TWA ගුවන් සමාගමේ හිටපු ගුවන් සේවිකාවක් වීම...

කෙන්ට් මට ;

  • පැරලල් පාකින් කරනාකාරය, 
  • පාටියකදි ගෑල්ලමෙක්ව අල්ලගන්නාකාරය, 
  • ප්ලාස්ටික් ලෙඩ් පැන්සල්වලින් මයිලර් පේපරේක ඩ්‍රෝවින්ග් අඳිනාකාරය, 
  • පිහියෙන් ගෑරුප්පුවෙන් කෑම කනාකාරය, 
  • පෙප්සි ටින් එකක ගැට්ට තලලා හෂීශ් උරනාකාරය 
ආදී ජීවිතයේ සෑම පැතිකඩක්ම ගුරුමුශ්ටි නැතුව කියල දුන්න හැටි මතක් වෙනකොට හරිම සොඳුරුයි මගේ හිත...!

කෙන්ට්ට හරි ප්‍රශ්නයක් තිබුනා එයාගේ හැඩරුව ගැන...එයාර්ලයින් වල එයාහොස්ටර්ස්ලාගෙන් හරි උදව් තිබුනා මෑන්ස්ට ඒ නිසා.. හේතුව කෙන්ට් හරියටම ප්‍රසිද්ධ හොලිවුඩ් නළු ග්‍රෙගරි හයින්ස්ගේ කපාපු පලුව..කොච්චර කිව්වත් විශ්වාස කරන්නේ නෑලු එයානෙවෙයි කියලා..ඉතින් ෆල්යිට් එකේ මැනිපෙස්ටො එක බලන්න කියලලු බේරෙන්නේ..ඒ කරන්නෙත් බඩ පිරෙනකන් බියර් එහෙම සප්පායම් උනාට පස්සෙලු...!

කෙන්ට් මට ඒ දවස්වල ඉඳලාම කියන දෙයක් තමයි.... R2LA (අටූලා) යෝ මෑන්..යූ හෑව් ටු ලුක් ආෆ්ටෙර් යූ මෑන්...කම් ටු ජිම් විත් මී..කියලා...කොහෙද තාමත් බැරි උනා නෙව ඒක නම් අහන්න...!

Gregory Hines - Kent Nelson Look aLike

කෙන්ට් මට කිව්වේ R2LA...කියලා.. ඇමරිකන් ඇක්සන්ට් එකෙන් මගේ නම කියවෙන්නේ එහෙම..මට පස්සේ කාලේ ඊමේල් එව්වෙත් R2LA කියලා...ඊමේල් වල මාව ඇමතුවේ R2LA the Great කියලා...!



අපි කවුරුත් දන්නවා සවුදිඅරාබිය මත්පැන් තහනම්, කාන්තාවන්ට මූන ආවරනය කලයුතු වගේ මිනිස් අයිතිවාසිකම් නැති රටක්ය කියලා..රටක් නෙවෙයි ඇත්තටම අපායක්..මේ අපායේ තිබුනා ක්ෂේම භූමියකුත්..එකට කියන්නේ ඇරම්කෝ සීනියර් කෑම්ප් කියලා දහරාන්වල තිබුන...මත්පැන්හල් නැති නිසාත්, නොදන්න දේවල් කරලා ජීවිත හානි කරගන්න නිසාත්, ඇරැම්කෝ සීනියර් කෑම්ප් එකේ ඉන්න ඈයින්ට රටට එනකොටම මත්පැන් ගෙදරදිම පෙරාගන්න අවශ්‍ය උපකරණ මෙවලම් ටිකක් දෙනවා ඇරැම්කෝ එකෙන්ම...සීනියර් කෑම්ප් එකේ ගේට්ටුවෙන් ඇතුලේ තිබුනේ ඇමරිකාව..ගේට්ටුවෙන් මෙහා ලෝකයේ / අපායේ කරන්න බැරි වැඩ ඒ කිව්වේ කාන්තාවන්ට කොටගවුමක් කලිසමක් ඇඳගෙන එහේ මෙහේ යෑම, වාහනයක් එලවීම වගේම ගෑනු පිරිමි දෙන්නෙකුට කැෂුවල් සෙක්ස් කිරීම දක්වා නිදහසක් ගේට්ටුවෙන් එහා ලෝකයේ තිබුනා..!

ඉතිං හැම සුමානෙම මට කෙන්ට් 200 පෲෆ් ඉස්පිරිට් ගෙනල්ලා දුන්නා..වතුර වගේ නිසා ෆ්‍රිජ් එකේ දාගෙන පෙප්සි යහමින් දැම්මාම රම් පරාදයි...කෙන්ට් හම්බවෙනකන් පියුජොට් (එහෙමයි පර්ජෝ එකට එහේ ලංකාවෙ බුවාලා කිව්වේ) නිහාල්ගේ තනූෆ් බෝතල්වල පුරෝපු කසිප්පු බීපු මට කෙන්ට් දෙයියෙක් උනා...අර අපිලට අඹ පොවපු ඉයන් වගේ..!
aerial view of aramco camp 

කෙන්ට් එක සති අන්තෙක කථා කලා මටත් අපායෙන් එහා ලෝකය බලලා, වයින් වීදුරුවක්, බියර් එකක්, විස්කි වඩියක් ගහලා පිලිපීන ගෑල්ලමෙක් එහෙම ආස්‍රය කරලා එන්න...මමත් ඉතින් කෙන්ට්ගේ වාහනේ නැගලා ගියා ඇරැම්කෝ සීනියර් කෑම්ප් එකට....!

එ ගමනේ විස්තරය බලධරයා විසින් කපාහරින ලදි...! සොරි වෙන්න ඕනෑ...!

හැබැයි ඒ ගමනෙන් මම හොඳ පාඩමක් ඉගෙනගත්තා ජීවිතයට...ඒක තමයි තමන්ට යම්කිසිදෙයක් අවශ්‍යනම්, පැකිලෙන්නෙ නැතුව ඒ දෙය ලබාගැනීමට දහිරියෙන් ක්‍රියාකළ යුතුබව...මගේ කුලෑටි කම, ඒ කියන්නේ ගමේ ගතිය..අර කොහේ හරි ගෙදරකට ගියාම අපි කියන්නේ නිකන් ඇවිල්ලා යන්න ආවාය කියල එහෙම වගේ ගතිය...අන්න ඒ ග්‍රාම්‍ය ගතිය මග ඇරගන්න අත්පොත් තැබුවේ එහෙම නැත්තං පන්නරය එහෙම ලැබුවේ එදා වෙන්න ඕනි...තේරෙන්න ඇති නේ මොකක්ද ඉතිං වෙන්න ඇත්තේ කියලා....!

කොහොම හරි ආපහු එනගමන් බඩපිරෙන්න ඉංගිරිසියෙන් බැනුම්නං ඇහුවා කෙන්ට්ගෙන් මං.....!


ආපහු PDO Waste Recycling ව්‍යාපෘතියට හැරෙමුකෝ...මට සාමාන්‍යයෙන් කාලය කළමනාකරනය නිසි අයුරින් කරගන්න පුලුවන්, නමුත් ආකිටෙක්ට්ස්ලා හුඟදෙනෙකුට අඩුවෙන්ම පවතින ගුනයක් එය. තවත් දෙයක් තමයි මට තනියෙන්ම මුලු ප්‍රොජෙක්ට් එකකම ඩ්‍රෝවින්ග්ස් උනත් කරගන්න පුලුවන්. සාමාන්‍යයෙන් ආකිටෙක්ට්ස්ලා සම්ප්‍රදායිකව ඩ්‍රාප්ට්ස්මන්ලට කියල තමයි ඩ්‍රෝවින්ග්ස් කරගන්නේ..මට ඔය Co-pilot වැඩේ අල්ලන්නෙම නෑ..එක්කෝ මම ඇන්දා නැත්තං නිකා හිටිය..හැබැයි ඒ චන්ඩිකං පොඩි ප්‍රොජෙක්ට්ස් වලට විතරයි.

මාස තුන ඉවරවෙනකොට මම තනියම මුලු ප්‍රොජෙක්ට් එකේම ඩ්‍රෝවින්ග්ස් ටිකත් අනෙකුත් ලියවිලිත් ඉවර කලාට, ඕස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාණ ශිල්පියා වූ ඩග්ලස් මට ලොකු උදව්වක් කලා වැහි වතුර බැසයෑමේ කානු පද්ධතිය (Surface and Storm Water Drainage System) නිර්මාණය කිරීමට, හේතුව ඒ වෙනකොට මට ඒ ගැන කිසිම දැනීමක් නොතිබීම...!

අර්වින් කොච්චර සන්තෝස උනාද කිව්වොත් හැමෝටම කියනවා ඇහුනා ඒටීආර් තමයි මමදැක්ක එකම ආකිටෙක්ට් වෙලාවට ප්‍රොජෙක්ට් එකක් ඉවර කරපු කියලා..(මගේ නම ඒටීආර් උනා ඒ අවුරුදු 23 දීම)
ඒකට මගේ උත්තරේ උනේ අර්වින් තාම ලා බාල ඉන්ජිනෙරුවෙක් නිසා වැඩිය ආකිටෙක්ට්ස්ලා එක්ක වැඩ කරලා නෑය කියන එකයි.

කොහෙමෙන් කොහොම හරි, අර්වින් ගෙයි මගෙයි වෘත්තීයමය බැඳීම, ඒ සුබවාදී ආරම්භය නිසා තවත් වසර විස්සක් ඉස්සරහා දක්වාත්, අදත් එලෙසෙම පවතිනවා...ඒකට තමයි අර ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් ඉස් වෙරි ඉම්පෝර්ටන්ට් කියන්නේ මයේ හිතේ..

මාසතුනෙන් නිවාඩු ඉවර වෙලා එනවා කිව්ව ලොක්ක ආවාම වෙච්ච දෙයින් ඉගෙනගත්ත පාඩම ඊලඟට....!


74 comments:

  1. ඔය තියෙන්නෙ ඉක්මනටම දාල. මොනව උනත් චෙෆාට හොඳ සෙට් එකක් හම්බවෙලා තියෙනව වගේ වැඩ කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. අවුරුදු එන නිසා ඊලඟ එක පරක්කුවෙන බව දන්න නිසා මේක ලිව්වා...!

      Delete
  2. //එ ගමනේ විස්තරය බලධරයා විසින් කපාහරින ලදි...!// තොරතුරු දැන ගැනීමේ පනත බලාත්මක කරල තියෙද්දි බලඩරයට ඕන හැටියට එකේකඒව කපන්න බෑ කියන එක දන්නැද්ද හිටං.

    ReplyDelete
    Replies
    1. තාම තොරතුරු නිලධාරීන් පත්කරල නැති නිසා බලාත්මක කරන්න බැරිය කියල කියන්නේ හිටං..!

      Delete
  3. කොහොම හරි දෙවෙනි පෝස්ට් එකක් ලිව්වා කියන්නේ ඉතුරු ටික ලියයි කියන බලාපොරොත්තුව තියාගන්න පුළුවන්.
    මේ කතා ඇතුලේ හිතන්න ඉගෙන ගන්න දෙවල් ගොඩයි Archi...

    ReplyDelete
    Replies
    1. සෙස්ස පස්සට....!!
      හෙට ඉඳන් පොල් කඩනෝ අපි...ඉතින් විගහට මේක ලියලා දැම්මා..අවුරුදු කන්නත් එපැයි ලබන සුමානේ..!

      Delete
    2. අපි පොල් කඩනවා කියන්නේ පඩි දවසට

      Delete
    3. අපිට කොහෙන්ද ඇනෝ පඩි...!!
      එහෙම වාසනාවක් නෑ..අඩුගානේ පැන්සොං එකක්වත් නෑ ඕං..!!

      Delete
  4. ආර්ටුඑල්ලේ මහත්තයා. දිගටම එන්න..

    ReplyDelete
    Replies
    1. ආර් ටූ ලා ...R2LA...!
      මරු නේ...බ්ලොග් එකක නමකට චෝයී ඒක...නැද්ද..!!!

      Delete
  5. හ්ම්ම්ම් අත්දැකීම් ගොඩක්, මේක දැකල සි... MGR ගෙන් ඒකිව්වෙ ATR ගෙන් AIDS ටෙස්ට් එකක් ඉල්ලයිද?

    ReplyDelete
    Replies
    1. එදාට අපි තිස්වෙනි තට්ටුවේ පදිංචියට එනවා....!

      :)

      Delete
  6. චැක් වැඩක් නැ හොදම හරිය ලියලා නැ

    ReplyDelete
    Replies
    1. කිව්වනේ මම චෝයි ලමයා වෙලාය මේක ලියන්නේ කියලා...!
      අනික බොලාගේ ඉමැජිනේශන්වලටත් ඉඩකඩ තියන්න එපැයි...!

      Delete
    2. අටමෝ මේකත් සරත්ගෙ බ්ලොග්එක වගේවෙයිද

      Delete
    3. කවුද ඇනෝ සරත් කියන්නෙ....?

      Delete
    4. ලංකාප්‍රීය වෙන්ට ඇති ඔය කියන්නේ ...නැ එහෙම නවත්තන්නේ නැ කියල මට කියුවා ඇනෝ

      Delete
  7. අවුරුද්දට ඉස්සෙල්ල තව කෑල්ලක් ලියන්න ඇහැක් වෙයි මයෙහිතේ.

    ReplyDelete
    Replies
    1. මාර වැඩේ නේ උනේ..තව ජුංඩෙන් ආයේත් ලියන්න වෙනවා..තැන්කූ...!
      අවුරුද්දට ඉස්සරවෙලා වෙන එකක් ලියමු එකතුවෙලා...හිහිහි...!

      Delete
  8. මේ ගැන ලැකාන්ල, ජිජැක්ල, මාක්ස්ල මොනව දන්නෙ නෑ නේද කියන්නෙ ?

    ReplyDelete
    Replies
    1. කව්ද අප්පා ඒ...මට නං හම්බෙලා නෑ ඒ තුන්දෙනාම...හම්බුනොත් අහනවද ඇනෝ ඒ අයගෙන් මොනවැයි කියන්නේ කියලා..මාව අඳුරන්නේවත් නැතුව ඇති අප්පා...!!
      :)

      Delete
    2. ඒගොල්ල මොනවැයි බොන්නෙ?

      Delete
    3. ඇල්වතුර නිවලා වෙන්නැති..බීලා නෑ එයාලත් එක්ක අපිනං...!!

      Delete
  9. Replies
    1. ඒ කිව්වේ...?
      දැන් ප්‍රාගේ කමෙන්ට්ස් තේරෙන්නෙත් නෑනේ අප්පා...!
      අපිට තමයි කියන්නේ ලියන ඒවා නොතේරුනැයි කියලා..!!

      Delete
    2. R2D2
      https://en.wikipedia.org/wiki/R2-D2
      හිතනකොට ඒකෙ තව සමානකම් හිතෙනව. විවිධ ජාතීන් එකට එන watering holes තියනව desert-like ලෑන්ඩ්ස්කේප් එකේ.

      ඔබතුමාලා විශිෂ්ඨ කාව්‍ය නිර්මාණවලින් කාව්‍යාබාධිත අපිට පහරදෙනකොට අපි ඔය වගේ ලමා කතාවලින් පිලිතුරුදෙන්න පුරුදුවුනානේ

      Delete
    3. අන්න එහෙම තේරුං කොලා නං ඉවරනේ අප්පා...අපිලට නෝ බ්‍රේන්ස් නේ බොස්...!!

      Delete
    4. චෙෆ්ව ඇසුරු කරලම පුරුදු වෙලාද කොහෙදො.



      Delete
    5. දුමී...ඕක තමයි කියලා තියෙන්නේ අසේවනාච බාලානං කියලා...හැබැයි බාලානං බඩ පිරෙන්න බොනෝ...!
      :)

      Delete
    6. අනික R2D2 මොකෝ Pra Jay මොකෝ...R2LA ත් එහෙමයිනේ..
      StarWars...හෙහ් හෙහ්...!

      Delete
    7. බාලා නං, Chewbacca කෝ?

      Delete
    8. අයියෝ කමියව අමතක කරන්න බෑනේ...!

      Delete
  10. ඔය තියෙන්නේ.. හ්ම්ම්..හ්ම්ම්.. ඉතුරු ටිකත් ඉක්කනට..

    මොනාද අෆ්ෆා ලියනකොට ඒක ටිකක් දිගට ලියන්නකෝ මාගල් තුනක් විතරවත් මේ අපිලා වගේ..

    හැබෑට කොහොමෙයි අඹ බොන්නේ? ඉයන් අඹ ජූස් ද ගෙනත් පෙව්වේ?

    අටූලා.. ඒක මරු නම..

    ReplyDelete
    Replies
    1. දිගට ලිව්වම කියවන්න එපාවෙනවා කියලා දන්නේ නැද්ද හැබෑට...?
      ඔහෙ අර වැහුව පඩංගුව ආයෙත් ඇරපු එකනං මසුරන්...!

      Delete
    2. // හැබෑට කොහොමෙයි අඹ බොන්නේ? ඉයන් අඹ ජූස් ද ගෙනත් පෙව්වේ?//

      නෑ නේ අඹ රස රහමෙර...!!

      තාමත් තියෙනවා ඉතිරි ඒවා..!
      ඔයා ඉතින් සිංගල් මෝල්ට් නේ...!

      Delete
  11. ///ඉතිං හැම සුමානෙම මට කෙන්ට් 200 පෲෆ් ඉස්පිරිට් ගෙනල්ලා දුන්නා..වතුර වගේ නිසා ෆ්‍රිජ් එකේ දාගෙන පෙප්සි යහමින් දැම්මාම රම් පරාදයි...///

    අපිට හම්බ වෙච්ච ඒවානම් සෑහෙන්න අවුල්...
    එහෙ හිටපු අවුරුදු දෙකයි මාස තුනටම මම බොන්න ඇත්තේ දවස් දහ පහළොහක් වගේ...

    එක පාරක් හම්බ උනා ඔර්ජිනල් පෙප්සි කෑන් එකේ ආපු එව්වා, ඒවා පෙප්සි පාටමයි, කෑන් එක පෙප්සි වගේම සීල්, එකම වෙනස CO2 පුරවල නැති නිසා කෑන් එක හයියට නැහැ, ඇල්ලුවහම එබෙනවා...
    ඒවා බිව්වම සංසාරේ එපා උනා. ජරාව...

    ඒ අස්සේ දෙවතාවක්ද කොහෙද ලොතරැයි ඇදුනා කම්පැණි එක ගානේ බහ්රේන් ගිහින් "නිල ලේබල්" වල රහ බලල එන්න...

    එහෙ ජීවිතය ගැනනම් කියල වැඩක් නැහැ, අති ප්‍රසංශනීයයි...
    තිබ්බ එකම හොඳ දේ ඇරබික් ශවර්මා විතරමද මන්ද...

    ReplyDelete
    Replies
    1. එහෙදි වෙච්ච ඒවා මතක්වෙනකොට මාර ආත්මානුකම්පාවක් ඇතිවෙනවා...තරුණ කාලේ නිසා අල්ලගෙන හිටිය...අනික පලවෙනි වතාවනේ රටකට ගිය..දැන්නං හිතන්නවත් බෑ එහෙම ජීවිතයක් ගැන...!

      Delete
    2. its not like old days in KSA
      I'm living in Dammam & came to here in 2010
      now everything is available, if u had mny
      I mean the everything like SL

      Delete
    3. True..even those days the situation was same...issue was i didn't have fullus....!

      Delete
    4. //.issue was i didn't have fullus//
      Fulus?

      Delete
    5. Maafi fullus (arabic) = No money

      Delete
  12. ආර්ටූලා ගේම නං ගේම තියරියෙන් නෙව ඉන්නෙ මේ කියන විදිහට.. ඒක නියමයි.
    පණ පිටින් දිවිය ලෝකෙත් ගිහින් වගේ.. අපි දැන් ඕක මවා ගන්න ඕනෙ ගමරාල දිවිය ලෝකෙ ගිය විදිහටද? නැහ් නං අන්ධයෝ අලියගෙ හැඩ බලපු විදිහටද? බලධාරියාව සේප් කරගන්න විදිහක් නැද්ද හැබෑට?
    මේ ටික කාලෙට ගස්ලබ්බට හම්බුන චීන්නු හැන්දකින් කෑම කෑවෙත් මෙහෙට ඇවිත් මුල් වතාවට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එච්චරම චන්ඩි නෑ..හැබැයි අසාධාරනේ නං පේන්න බෑ..!
      මම ජෙන්ට්ල්මන් කෙනෙක් නෙවී..එනිසා වරදට දඬුවම මිසක් සමාව නැත....!

      Delete
  13. මේක කියෙව්වම මටත් අමුතු අමුතු දේවල් මතක් වෙනවා බොස්. ඉස්සර කාලේ (අර ලාමක ටින් ටින් කාලේ) ක්ලබ් හෙම ගිහින් වුන දේවල්. පළවෙනිම tequila boom boom එකක් බීපු දවසෙ රෑ ගෙදර ඇවිත් නිදාගන්නකොට 37.9 ට උණ. පහුවදා වෙනකොට 39.7. ඔන්න මල් වගේ ළමයින්ට වෙන්න පුළුවන් වගේ අකරතැබ්බ. වෙන මොකටවත් නෙමෙයි බයට.
    ඔහේ ට වැඩියෙන්ම ගැලපෙන්නේ R2LA තමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ...!
      මම ඒ දවස්වල හරි කුලෑටි වරිතයක්...!

      Delete
  14. මගේ බැග් වල තිබුන බ්‍රා පැන්ටි වලට සඳු මාව දහ පාරක් ඩිවෝස් කරලා ...
    ඉයන්ගේ අඹ පානය වැදුනා කන සාක්කුවට වැටෙන්න ..
    මේ අත් දැකීම් ලියන එක අනිත් අයට ලොකු උදව්වක් වෙයි ..
    ඔයා මගේ පොස්ට් එක කියෙව්වේ නැද්ද කමියගේ බ්ලොග් එකේ දාපු ..

    ReplyDelete
    Replies
    1. කියෙව්වා කියෙව්වා...හැමෝම ගැන හිතලා කමෙන්ට් එකක් දැම්මේ නෑ...!
      අලුත් කතා ටිකක් හොයාගනින් මෙන්ඩෝ..නැත්තං ඔය කස්ටියම උඹට හිනාවෙයි...නැද්ද..!!

      Delete
  15. අත්දැකීම් කියන්නෙ මතක් කර කර රස විඳිය හැකි දේවල්...අගෙයි

    ReplyDelete
    Replies
    1. ලියන්න නං දේවල් ගොඩායි...ඒත් බෝරින්ග් සබ්ජෙක්ට් එකක්නේ මේ ආකිටෙක්චර්...ඉතින් හෙමීට තෝරලා බේරලා චුට්ටක් විතර ලියල දාන්නයි හිතාන ඉන්නේ..!
      තැන්කූ පාන්දර අගයීමට....!!

      Delete
  16. හැබැයි ඒ ගමනෙන් මම හොඳ පාඩමක් ඉගෙනගත්තා ජීවිතයට...ඒක තමයි තමන්ට යම්කිසිදෙයක් අවශ්‍යනම්, පැකිලෙන්නෙ නැතුව ඒ දෙය ලබාගැනීමට දහිරියෙන් ක්‍රියාකළ යුතුබව

    ජය වේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. සමහර අපේ ගති හරි පසුගාමීයි බටහිර ඇහෙන් බැලුවම...ඒවයින් මිදෙන්න අත්දැකීම් සහ කාලය පාවිච්චි නොකොලොත් අපි තුප්පහි ජාතියක් වෙනවා...!

      Delete
  17. එහෙනම් ඉගෙණ ගත්ත ඒ පාඩම ගැනත් ඉක්මනට ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. හිත හිතා ඉන්නේ අවුරුදු පහු උනාම ලියන්නං...!

      Delete
  18. ඉතාම රසවත්...එත් ජීවිතේ වෙච්ච රසවත්ම දේවල් ලියන්න බෑ නේද...සන්නස්ගල වෙන්න අපිට බෑ නෙ මචං...

    ReplyDelete
    Replies
    1. ලියන්න නං ඇහැකි..ඒත් ලිව්වාය කියලා කාටවත් වැඩක් වෙන්නේ නෑ නේද මචෝ සමහර දේවල්..ඒවා ඒ මොහොතට රස උනාට ආයුෂ අඩු රසයවල්..පොප් මියුසික් වගේ...!
      සන්නා බිස්නස් කාරයා වෙච්චි...:)

      Delete
  19. ආර්ටුල ඒකනම් නියමයි. ලැබිච්ච හොඳම පන්නරය ලියල නෑනෙ ඉතිං.

    ReplyDelete
    Replies
    1. ඒවා ලියන ඒවා නෙවෙයි කසුන්..තනියම විඳින ඒවා...!
      :)

      Delete
  20. ජීවිතය ඉතාමත් සුන්දරාත්මකව හිතන්න පුලුවන් මිනිහෙකුට විතරයි මෙහෙම ලියන්න පුලුවන්. ලියපන් දිගටම. සීමා මායිම් කියන්නේ අපි නිදහස් මදියි කියන එක. මම හිතනවා උඹ තෘප්තිමත් බුවෙක් කියලා. ඒ මුදල් හෝ සුඛෝපභෝගි ජීවිත රටාවල්ම නෙමේ. උඹ ඇතුලේ අතුල කෙනෙක් ඉන්නවා. ඒ අතුල එලියට එනවා උඹ ලියන දේවල් තුලින්. ඒක මරේ මරු!!!!!

    ReplyDelete
    Replies
    1. මමත් ඒ R2LA ට මාර කැමතියි මචෝ...තාමත් බැඳීම් මැද ජීවත්වෙන නිසා කවුරු කවුරු ගැනත් හිතලා කොන්ට්‍රෝල් එකේ ලියමි...මේක 20-20 ගේම් එකක් නොවෙන්න ඕනි නේද..!

      Delete
  21. //"බෑග් එකේ කාන්තා යට ඇඳුමක් තිබිලා බිරිඳ කියලා ඒඩ්ස් ටෙස්ට් එකක් කරන්නය කියලා.."// හොල්මන්ද පොල් කොළ කිව්වලු

    ReplyDelete
    Replies
    1. ඕන් ඇමරිකන් කාරයොන්ගේ ගෝත්‍රිකත්වය...!!

      Delete
  22. මෙව්වා ලියවෙන්න ඕනැ නියම ස්ටයිල් එක එළියට ඇවිල්ලා. කෙටියෙන් කියතොත් චෙෆාකි කියන අද්භූතයා යට ගිහිං R2LA කියන පරිණතයා එළියට ඇවිල්ලා. මෙහෙම ලියන කෙනෙක් කලිනුත් හිටියා අරුණ කියලා. එයා දැං ලියන්නෑ. හරිම කූර විදිහට ලිවිල්ල නැවැත්තුවා. R2LAට එහෙම නොවේවා! මෙව්වා තව අවුරුදු ගානකට පස්සෙ පුරාවෘත්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. අරූ ඔය උඩින් ලියලා තියෙන්නේ...තව ටික කාලෙකින් ඉර පායනකොට ලියාවි..හීත කාලෙට ගස්ගල් සත්තු උනත් කෙටි නිද්‍රාවකට යනවනේ සුරංග....!!

      Delete
  23. හත්ඉලව්වේ ... එන්න පමා උනා නොවැ දැන් කෝ 3 ?

    ReplyDelete
    Replies
    1. අවුරුදු කාලා ලියන්න හිතන් ඉන්නේ...!!

      Delete
  24. ඔය සවුදි ලයිෆ් එක ගැනත් ටිකක් ලියහන්කෝ R2LA the great.(මේක නිකන් අර ඇටිලා ද හන් වගේ ) අතුරු කතාවක් විධිහට. මගේ කතාවක සවුදි ජීවිතය ගැන ලියන්න ඕනේ. වැඩිය දන්නේ නැහැ අදාල පුද්ගලයා කීව දේ ඇරෙන්න. මේ කතාව අපූරුයි .

    ReplyDelete
    Replies
    1. සවුදිවල ලයිෆ් එකක් නැතිඑක ලියතෑකි...ඒ තරම්ම අනාථ කාලයක් ගෙව්වේ මම...!!

      Delete
  25. නිවරදියි - නිවැරදියි
    ගෘහනිර්මාන - ගෘහනිර්මාණ
    නියත වූයේ - නිරත වුයේ?
    අනසක - අණසක
    කැසිකැසල - කැලිකසළ
    නිර්මානය - නිර්මාණය
    ආස්‍රයෙන් - ආශ්‍රයෙන්
    ආදරෙයෙනි - ආදරයෙනි
    කථා කලා - කතා කළා
    ආස්‍රය කරලා - ආශ්‍රය කරලා

    ReplyDelete
    Replies
    1. හම්මේ ඕව තෝර තෝර ලියන්න ගියොත් ඉතිං කචල්...!
      ඊලඟ එක ලියනකොට හිතලා ලියන්නං..
      තැන්කූ ඇනෝ කරෙක්ශන්ස් වලට...!

      Delete
  26. ඇවිත් ගියා. ආයෙ එනවා.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ආවාට...ආයෙත් එනවයි කිව්වම ඊටත් සතුටුයි...!

      Delete
  27. ඕමාන් වල ඉන්න ආකියෙක් වෙන මගේ යාලු ග්‍රහයෙක් මට කිව්වා චෙෆාකි ඕමානයේ හිටපු කාලය ඇතුළත විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති කළ බව. සතුටුයි ඒ ගැන ලියන්න ගත්තට !

    ReplyDelete
    Replies
    1. ඇත්ත..මට සංකීර්ණ ව්‍යාපෘති රැසකට සහභාගි වෙන්නත්, ලාංකික ගෘහනිර්මාණ ශිල්පීන් රැසකට එවැනිම අවස්ථාවන් උදාකරදීමටත් හැකි උනා ඒ අවුරුදු 23 තුල...
      දැන් ඉතිං පිනක් දහමක් කරන් ඔන්න ඔහේ ඉන්නවා ලංකාවට වෙලා...:)

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....