ඔඩුදුවමින් ඇති Mobile Phone ඇබ්බැහිය : ඔබ දිනකට 2,617 වාරයක් ස්මාර්ට්ෆෝන් තිරය දෙස බලන අයෙක්ද?


ඉහත දැන්වීම්පුවරු දැන් දැන් බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල් ගේට්ටු වල දකින්නට ලැබේ. මව් වරුන්ගේ ස්මාර්ට්ෆෝන් ඇබ්බැහිය නිසා බොහෝ දරුවන්ට නිවසේදී මව්පිය අවධානය නොලැබෙන බව වටහාගෙන ඇති බ්‍රිතාන්‍ය පාසැල් ප්‍රධානීන්, දරුවන් පිලිබඳ සිය වගකීම් දෙම්ව්පියන්ට මතක් කරන්නට මේ අවවාදාත්මක පුවරු සවිකරන්නට පෙළඹී ඇත.

බොහෝ ප්‍රාථමික පංතිවල දරුවන්ට ගෙදර වැඩවලදී හා පාසැලෙන් පිට ක්‍රියාකාරකම් වලදී මව්වරුන්ගේ අවධානය නිසි පරිදි නොලැබේ. ඒ ඔවුන් නිරන්තරයෙන්ම සිය ස්මාර්ට්ෆෝන් තිරයට ඇලී ගැලී ඇති නිසාය.

"මගේ පුතාට වයස අවුරුදු 10යි.එයාට දීර්ඝ බෙදීම හරිම අමාරුයි. ගෙදරවැඩට දීර්ඝ බෙදීම ගණන් දුන්නාම එයාට මගේ උදව් ඕනෙ වෙනවා. ඒත් මට විනාඩි 10කට වඩා මගේ ෆෝන් එක බලන්නේ නැතුව ඉන්න බෑ. මේ නිසා මගේ පුතාගෙ ගෙදරවැඩ හරියට කෙරෙන්නේ නෑ. මට හරිම වදයක් මේ ඇබ්බැහිය. ඒත් ගැලවෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ. ෆෝන් එක චෙක් කරලා මැසේජ් වලට පිලිතුරු යැව්වේ නැත්තම් මට පිස්සු වගේ.

- කේට් බීව්ස්, ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තය


මේ මෑතකදී බ්‍රිතාන්‍යයේ සිදුකරපු සමීක්ෂණයකින්, ජංගම දුරකථනයට ඇබ්බැහිවූවෙක් දිනකට 2,617වාරයක් දුරකථනයේ තිරය "swipe" කරලා තොරතුරු බලනවා කියලා හෙලිකරගෙන තියෙනවා. ඒ කියන්නේ වසරකට මිලියනවාරයකට වැඩිය දුරකථනය අතගාලා තියෙනවා.

දැඩිලෙස දුරකථනයට ඇබ්බැහිවූවන් දිනකට 5,427  වාරයක්  ෆෝන් තිරය ස්වයිප් කරනවා. ඒ කියන්නේ වසරකට වාර මිලියන 2ක් විතර මේ වැඩේ කරනවා.


ලංකාවේ තත්වයක් මීට බෙහෙවින්ම සමානවීගෙන යනවා නේද? බස් එකේ යනකොට, සුපර්මාකට් එකේ බඩු ගන්නකොට, පෙම්වතා/පෙම්වතිය එක්ක යනකොට විතරක් නෙමෙයි, පාර පණිනකොටත් ෆෝන් එක දිහා බලාගෙන පාර පනින හැටි මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.

අංගම දුරකථන ඇබ්බැහිය නිසා දික්කසාද වීම් ලෝකෙ පුරාම වැඩිවේගන යනවා. 

ඒ විතරක් නෙමෙයි, ළමයා නලවාගන්න අත දරුවන්නටත් ෆෝන් එක අතට දෙන අම්මලා තාත්තලා මම දැකලා තියෙනවා. මේ නිසා කිරිවරන්නත් ඉස්සෙල්ලා දරුවා ෆෝන් එකට ඇබ්බැහිවෙනවා කියලා මේ අම්මලාට තාත්තලාට නොතේරෙන්නේ ඇයි?


දැන් විනෝද ගමනක් යනකොටත් ළමයි ෆෝන් ටැබ් අරගෙන යනවා. යනගමන්, එනගමන් හැම වෙලාවෙම ඕවා දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්නට වටපිට සුන්දරත්වය විඳින්න, කතාබහ කරන්නට මේ දරුවන්ට ඉස්පාසුවක් නෑ. මේවාට වගකියන්න ඕනෑ දෙමව්පියන්. 

අපේ ගෙදරත් ටැබ්ලට් ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒත් විනෝද ගමනක් යනකොට වාහනේදිවත්, ගමනාන්තෙදිවත් (රෑට ඇරෙන්නට ) ස්මාර්ට්ෆෝන් / ටැබ්ලට් පාවිච්චි කිරීම මගේ දරුවන් දෙන්නාට මම තහනම් කරලයි තියෙන්නේ. විනෝද සවාරියක් යනකොට ඒ ගමන උපරිමයෙන් වින්දනය කරන්න මම ඒ ගොල්ලන්ට මග පෙන්වනවා වගේම මමත් මගේ දුරකථනය / ටැබ්ලට් එක පැත්තක තියලා තියෙන්නේ. කාර්යාලයෙන් එන ඇමතුම් වුනත් මම අරගන්නේ කතා කරන්නේ අත්‍යාවශ්‍ය නම් විතරයි. 

අනිත් ඇමතුම් දෙන අයට මම පණිවුඩයක් යවනවා "මම දැන් වැඩක යෙදිලා ඉන්නේ, හදිස්සියක් නම් කෙටි පණිවුඩයකින් විස්තර දන්වන්න කියලා....." 

ඔබ / ඔබගේ ගෙදර අය ෆෝන් ඇඩික්ෂන් රෝගයෙන් පෙලෙනවානම් ඉක්මණින් පියවර අරගන්න....










__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments