Blogger Tricks Blogger Tricks

Thursday, March 30, 2017

පිංතාරුව

ආදරය අකුරු හතරක්
විතරක්ම උනු කාලෙක
ඔය හිනාවට
කතාකරන ඇස් වලට
මං ආස කලේ
මගේම කරගන්න
සදහටම ..
ගෙවුන දවසක් ගානෙම
ආදරය හිතපුරාම
පිංතාරු කලේ 
අපි අපේ නිසාවෙන්..
දන්නවද? හීනයක් ඒක
පාට තවරපු හිත පුරාම..

6 comments:

  1. හීනයක් උනත් අපුරුවට
    පිංතාරු කලේ නුඹ...
    මොනාලිසා වගේ
    අමරණීය කරන්නද ප්‍රේමය....

    ලස්සන කවියක්...
    මග හැරුනු ප්‍රේමය ගැන ලියැවුන

    ReplyDelete
  2. ලස්සනයි ධනුවා. පොඩි දෙයක් තියෙනවා කියන්න. කවියකට ඉලක්කමක් දැම්මාම කවියේ තියෙන සුන්දරත්වයට පොඩි හානියක් වෙනවා. පැහැදිලියි නේද ? දිගටම ලියන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී.. මම ඒක හදන්නම්.. ජයවේවා!!

      Delete
  3. අපූරුයි ම⁣ලේ..

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....