පාසල් රග්බි ලීගයෙන් කෙළින්ම ජාතික තලය වෙත ළඟා වන රග්බි ක්‍රීඩකයන්ගේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ බැසීම පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටින්නේ, ඔහු සහ ඔහුගේ අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන අංශය විසින් වත්මන් යාන්ත්‍රණය දියුණු මට්ටමකට ගෙන, අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන් සවිබල ගැන්වීම සඳහා කටයුතු කරන බවයි.

පිරිමි රග්බි කණ්ඩායමට කාන්තාවන්ගෙන් පාඩමක්

ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත ළඟ තිබිය දී ශ්‍රී ලංකාව පසුගිය සතියේ බෝර්නියෝ සත් සාමාජික තරගාවලියට සහභාගී වුනේ තරග අත්දැකීම් ලබා ගැනීමේ අරමුණ පෙරදැරිවයි…

පසුගිය දා පැවති ‘2017 සිංගර් පාසල් රග්බි ලීගයේ’ නිල ආරම්භක උත්සවය අමතමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඔහු මේ බව පැවසීය.

“අප ක්‍රීඩා ඒකකයට නව නිලධාරීන් බඳවා ගෙන එය නඟා සිටුවිය යුතුයි. පාසල් රග්බි අංශයෙන් ජාතික තලයට නිර්මාණය කරන ක්‍රීඩකයන් ප්‍රමාණයේ ලොකු හිඩැසක් තිබෙනවා. අපට ඕන ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉදිරියට ගිහින් අවසානයේ දී ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කිරීමයි.” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පෙබරවාරි මස අග දී ඇරඹුණු පාසල් රග්බි ලීගයේ පළමු වටය අවසන් වූ පසු දෙවන වටය ඇරඹෙන්නේ සිංහල-හින්දු අළුත් අවුරුදු උත්සවයෙන් පසුවයි. මේ වන විට “බී” කාණ්ඩයේ පළමු වටය අවසන්ව ඇති අතර ත්‍රිත්ව, සා. තෝමස්, වෙස්ලි සහ සහිරා යන කණ්ඩායම් දෙවන වටයට සුදුසුකම් ලබා ඇත.” ඒ” කාණ්ඩයේ පළමු වටය මෙතෙක් ක්‍රියාත්මක යි.

පාසල් රග්බි ක්‍රීඩාවේ ප්‍රගමනය ගැන අදහස් දැක්වීමට එක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා කියා සිටියේ,

“පාසල් රග්බි පාපන්දු සංගමය ඇරඹුණේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා ඇමතිව සිටිය දී 1988 වසරේදීයි. සාමාජිකයින් 50 දෙනෙකුගෙන් ආරම්භ කළ එහි, මේ වන විට කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩා කරන සාමාජික පාසල් 200කට අධික පිරිසක් සිටිනවා.”

නොකඩවා 15 වන වරටත් පාසල් රග්බි ලීගය ශක්තිමත් කරමින් සිංගර් ශ්‍රී ලංකා ආයතනය මෙවරත් තරගාවලියට අනුග්‍රහය දක්වනු ඇත.

සිංගර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි අශෝක පීරිස් මහතා පවසා සිටියේ හිටපු ප්‍රධානී හේමක අමරසූරිය මහතා විසින් 2003 වසරේ දී පාසල් රග්බි ලීගය හා අත්වැල් බැඳ ගැනීමට ගත් තීරණය ප්‍රශංසනීය බවයි.

“අපහසුම කාල වලදී පවා අප පාසල් රග්බි ලීගය හා අත්වැල් බැඳ සිටිමින් ක්‍රීඩාවට අවශ්‍යම මොහොතේ දී එය නඟා සිටුවීමට කටයුතු කළා. විශේෂයෙන්ම 2008 සහ 2012/13 වර්ෂවලදී. සිංගර් ආයතනය සෑම විටකම ක්‍රීඩකයන් හා සිටියා.”

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට