ලක් යෞවනයන්ගෙන් ප්‍රබල ජපානයට සටනක්

414
U19 Volleyball

ඊයේ (28) ඇරඹි ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (29) පැවතියේ ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිවයි. එහි දී වට 3-0ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරාජය ලැබුවත්, ඊයේ තායිලන්තය හමුවේ දක්නට නොලැබුණු සටන්කාමී බවක් අද ඔවුන්ගෙන් දිස්විය.

ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පාඩමක්

11 වන ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාවලියේ පළමු දිනය අද (28) යි. එහි දී ශ්‍රී ලංකාවට සහභාගී වූ පළමු තරගයෙන්ම තායිලන්තය හමුවේ වට 3-0ක් වශයෙන් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට සිදුවිය.

පළමු වටයේ දී ලකුණු 25-14ක් ලෙස පහසු ජයක් ලබන්නට ජපානයට හැකි වුණත් දෙවන වටය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ විය. ජපානයේ යූජි නිෂිඩා සහ සෙ.මී. 203ක උසින් යුත් සුනිචිරෝ සාටෝ අතින් ප්‍රබල අභියෝගයක් ශ්‍රී ලංකා අවහිරයන් වෙත එල්ල වූ අතර ලකුණු 4ක පරතරයක් රඳවා ගනිමින් දෙවන වටය ජය ගන්නට ජපානය සමත් වූයේ ලකුණු 25-21ක් ලෙසයි.

ඊයේ තායිලන්තයට එරෙහිව නොසිතූ පරාජයක් ලද ශ්‍රී ලංකා යෞවනයන් ජපාන කණ්ඩායම ඉදිරියේ තෙවන වටය තුළ දී ද සටනක් ලබා දුන් අතර එය අවසානයේ දී ලකුණු 25-17ක් ලෙස පරාජය වීමත් සමඟ සමස්ත තරගය පරාජය වන්නට ඔවුන්ට සිදු විය.

ජපානය මීළඟ තරගයේ දී තායිලන්ත කණ්ඩායම හමු වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වනු ඇත්තේ උස්බෙකිස්තාන කණ්ඩායමයි.

දිනය තුළ පැවැත්වුණු අනෙකුත් තරග වල දී හොංකොං කණ්ඩායම වට 03-00ක් ලෙස පරාජය කළ ඕස්ට්‍රේලියාවත් (25-15, 25-7, 25-21), ඉරානය වට 00-03ක් ලෙස පරාජය කළ කොරියාවටත් (19-25, 21-25, 21-25)  හිමි විය.

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට