ගෙවුනු දවස මාර්තු 27 – ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් රැසක්

741

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

වව්නියා කණ්ඩායමට ජය

pic 1(2)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් – දිස්ත්‍රික් සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (27) කිලිනොච්චි කණ්ඩායම හා වව්නියා කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවැත්විය. මෙම තරගයෙන් ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට වව්නියා කණ්ඩායමට හැකිවිය.

වව්නියාව – සියල්ලන්ම දැවී ලකුණු 283 (පන්දුවාර 50): අකිල ලක්ෂාන් 79, සමිත් දුශ්ශන්ත 70, තරිදු ඩිල්ශාන් 37, සුරාජ් රන්දිව් 2/35

කිලිනොච්චිය – සියල්ලන්ම දැවී ලකුණු 279 (පන්දුවාර 50): හර්ෂ කුරේ 126, සංගීත් කුරේ 65, ශෙහාන් මදුසංක 31, මංජුල ජයවර්ධන 3/42, සසිදු පෙරේරා 3/44

සම්පූර්ණ වාර්තාව: අවසන් මොහොතේ වව්නියාවට තියුණු ජයක්


ප්‍රථම තරගයේ ජය ඉන්දියාවට

Emerging Asia Cup 2017 Sri Lanka vs India reportආසියානුකරයේ අසල්වාසි රටවල් 8ක් එකම කුසලානයක් වෙනුවෙන් උරෙනුර ගැටී තරඟ වදින, නැගී එන එක්දින ක්‍රිකට් තරඟාවලිය ඊයේ (27) බංගලාදේශයේ චිතගොං නුවරදී ආරම්භ විය. එහිදී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස ලකුණු 35කින් පරාජය බාර ගැනීමට සිදුවිය.

ඉන්දියාව – කඩුලු 9ක් දැවී ලකුණු 288 (පන්දුවාර 50): බාබා අප්‍රාජිත් 100, ශිවම් චෞද්‍රි 56, හනුමා විහාරි 56, අමිල අෆොන්සු 2/42, චාමික කරුණාරත්න 2/57.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 48.2): චරිත් අසලංක 68, ශෙහාන් ජයසූරිය 64, වනිඳු හසරංග 38, කණිශ්ක් සෙත් 3/53, අස්වින් ක්‍රිස්ට් 3/55.

සම්පූර්ණ වාර්තාව: අප්‍රාජිත්ගේ ශතකය ශ්‍රී ලංකාව පරාජය උරුම කරයි


දික්වැල්ලට බංග්ලාදේශ සංචාරය අහිමි වේ

pic 3ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ආබාධයකට ලක්වී ඇති බව වාර්තා වේ. එනිසාවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දෙවැනි සහ තෙවැනි එක්දින තරග වලින් ඔහුව විවේක ගැන්වීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර සිටියේ දික්වැල්ල වෙනුවට ඩිල්රුවන් පෙරේරා දෙවැනි එක්දින තරගය සඳහා සංචිතයට කැඳවන බවයි.

සම්පූර්ණ වාර්තාව: දික්වැල්ල එලියට, ඩිල්රුවන් ඇතුළට


නුවන්ලා සංචිතයට

Kulasekara and Pradeepදඹුල්ලේ දී හෙට (28) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන එක්දින තරගයට පෙරාතුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අංශය ශක්තිමත් කිරීම සඳහා නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප් කණ්ඩායම වෙත කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

පළමු එක්දින තරගයේ දී සිය දකුණු අතෙහි පන්දුව වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ සුරංග ලක්මාල් වෙනුවට මේ වෙනස්කම සිදු වනු ඇත. තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ මෙසේ පැවසීය.

සම්පූර්ණ වාර්තාව: පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන්න “නුවන්ලා” සංචිතයට


රග්බි –

ත්‍රිත්වයින් අපරාජිත කිරුළ රැක ගනී

pic 5(1)සිංගර් පාසල් රග්බි ලීගය තුළ සිය අපරාජිතභාවය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් ඊයේ (27) මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව පැවති රග්බි තරගයෙන් 94-09ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.

පළමු අර්ධය – ත්‍රිත්ව විද්‍යාලය 41 (7T 4C) – 03 (1P) වේල්ස් කුමර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – නලීන් තරංග (වේල්ස් කුමර).

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 94 (16T 7C)  – 09 (3P) වේල්ස් කුමර විද්‍යාලය

සම්පූර්ණ තරග වාර්තාව: මොරටු පුතුන්ට ත්‍රිත්ව විදුහලෙන් දැවැන්ත ප්‍රහාරයක්

දිනයක අවසානය