.

.

Mar 25, 2017

වත්මන් සීගිරි ළඳුන්.... - Sigiri Frescoes




ලංකාවේ කලාකෘතිවලින් මාතලන් අමුතු ලොවකට ගෙන යන තැන තමයි, "ගල් විහාරය".. ගල් විහාරේ පිළිමවල තියෙන කළාත්මක බව, වෙන එකම බුදු පිළිමයකවත් ඇත්තේ නෑ.. එයිනුත් අති දුර්ලභ ඉරියව්වක් වන "පරදුඛ්ඛදුඛ්ඛිත මුද්‍රාවෙන්" යුතු බුදු පිළිමය තමයි මාතලන්ට නම්, අගනාම කළා කෘතිය. එයින් පස්සෙ කැමති තැන් අතරේ සීගීරිය විශේෂ තැනක තියෙනවා.


මෑතකදි අම්මට සිරි ලංකවේ ප්‍රසිද්ධ නිරූපිකාවක් සීගිරි ළඳක් ලෙස සැරසී ගත් ඡායාරුපයක් ඉතා ඉහළ මට්ටමක තිබුනා.. අපේ අයියලාගේ වැඩ දන්නේ නැද්ද ශ්‍රියන්ත වික්‍රම කියලා එකෙක් මේක ප්‍රතිනිර්මාණය කරලා තිබුනා පට්ටෙටම.. (ඔය උඩම තියෙන්නේ උගේ නිර්මාණය, පහළ තියෙන්නේ නිරූපිකාවගේ ඡායාරූපය..)

ඒක දැක්ක ගමන් මාතලන්ටත් මතක් උනා මාතලන් වර්සොන් එකෙන් ලියාපු, පරණ කුරුටු ගී සෙට් එකක්.. ඒකත් එක්ක බුකියේ දාපු පෝස්ට් එක නැගලම ගියා... බුකියේ පැත්ත පලාතේ නොයනා අය වෙනුවෙන්, බ්ලොග් එකෙත් ඒක දැම්මොත් හොඳයි කියලා හිතුනා...



මාතලන්ගේ සීගිරි කුරුටු ගී

මාතලන්මී
සුද්දෝ කැටුව ආමී
සීගිරිය බැලීමී
බැලු බැලු බොහො ජනා
ගී ලීයෙන් මම්ද ලීමී"
-x-

"පිටව නොයමි
සැඟව සිටිමි
සඳ එළියේ 
ළය මඩලේ
පහස විඳිමි"
-x-

"ඉඩ මදියි රමණයට
නගිමු අප මුදුනටම
තරු දකී ඒ නිසා
වසාලමු වීසී කොට
මේ සිසිල් වලා කැට "
-x-

"පුදන්නට මල් රැගෙන
යනු එපා පිදුරංගලට
සසර කළ කිරේවී
නළඟනන් දුටු දිනේ
මෙන් මහා සඝුන්ගේ "
-x-

ඔබේ උරුමය සදා
කසුප් නිරිදුන් පහස
රහසකින්වත් ඉතින්
නොලැබේය අන් පහස
මා සමග රමණයෙන්
වන ඹබර තුඩෙහි රස
ලැබේවී ඔබට මට
දෙඹරුනගේ මාර විෂ
-x-

මේ සීහිරි ගීයක් වගේම ලියපු එකක්

"පරද් ඔබ් රූ කුමරි
කම් නැත් අබරනින්
වැස්වු සලු පිල් තිසර තන්
තද් බැව් දනිම් සුරතින් "

තේරුනේ නැත්නම් මෙන්න සිංහලෙන්

කුමරියන් පරාදයි ඔබේ රුව මට ලඳුනි
අබරනින් අඩු වුවද රූ සිරින් බෝ පිරිනි
හැඩරුවින් පිරි බැවින් සළු පටින් කොමු වැසිනි
වසා ඇති තිසරුනගෙ පහස මා අත රැදුනි​
-x-

53 comments:

  1. බුකියෙ ශෙයා වුනු එකනම් පනා පුත්‍රගෙ සී රජ වෙනුවෙන් ඇඳපු එකක් මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් නොදනිමි

      Delete
    2. සෙනසුරාදා රෑ 8.30ට ස්වර්ණවාහිනී බලන්න.
      ලබන සතියේ සිට ඒ කතාවේ දෙවැනි පරිඡ්චේදය ලෙස හැඳින්විය හැකි කොටස යනවා.

      Delete
  2. හැක් හැක්...

    ReplyDelete
  3. මාතෝ මේ ශ්‍රියන්තයට කුක්කු ගැන දැනුම අඩුයි වගේ නේහ්. සිත්තම්වල ඉන්නේ රජවරුන් එල්ලිලා කාපු වැල අපේ එකා හදලා තියෙන්නේ ගැට. මේකා හොඳට දන්න එකා. ඒ ඔක්කොමත් හරි උඹ මේ කරන සන්සන්ධනය මරු බං

    ReplyDelete
    Replies
    1. පට්ට ටැලන්ට් කොල්ලෝ මචං

      Delete
  4. එකෙන්ම අලුත් කොල්ලො පට්ට ටැලන්ටඩ්.... මේක මම බුකියෙත් දැක්ක. මම ආසම එක;

    "පිටව නොයමි
    සැඟව සිටිමි
    සඳ එළියේ
    ළය මඩලේ
    පහස විඳිමි"

    මේක පට්ට පට පට. මා(තං)තලං ඉස්පෙසොල්...

    ReplyDelete
    Replies
    1. කව්දෑ අප්පා එව්වට ආසා නැත්තේ...

      Delete
  5. උඹේ රැකියාවෙ හැටියට ඉතිම් ඔයවගෙ පරණ කලාකෘති බලන්න චාන්ස් එක

    ReplyDelete
    Replies
    1. මම ඕනම රැකියාවක් කැපවීමෙන් තෘප්තියෙන් කරන එකෙක් මචෝ... දැන් කොරන්නෙ වෙන එකක්...

      Delete

  6. නමින් නම් බුදල්නාමි
    මරදානේ ලලනා යට ඇඳුම් විකුනමි
    ඊළඟ සැරේ , එන්න ඒ පැත්තේ
    කුක්කු කවර් ලාබෙට දෙමි

    ReplyDelete
    Replies
    1. මරදානේ ඉට්ටේසම පැත්තේ යන්න ඕනා... ආවොත් හෙම

      Delete
  7. සීගිරිය...
    දෙස බලන් ලොව කල්පනා
    සිරවුනින්
    නෑ තව වදන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සිරවිය වදන්
      තන්
      තුල

      Delete
  8. රමණය කොරන්ට, හිටුකො ඔහොම......කොහේ තිබ්බද මේ මඩු වලිගෙ :P

    ReplyDelete
    Replies
    1. මඩු වලිගෙන් ගහන්න පව් නේ අප්පා...

      Delete
  9. සුද්දෝ ආවත්
    උන්ට වැසිකිලි
    කැසිකිලියි යාමට
    තැනක් සීගිරියේ නැත

    ReplyDelete
    Replies
    1. ඕක බොරුවක්....
      හැමතැනම වැසිකිලි නම් නෑ...
      ඒත් එයලගේ පාකින් එකේ පිරිසිඳු එකක් තියෙනවා...

      Delete
    2. එහෙනම් පාකින් එකේ ටූ පොඩ්ඩක් දාල ගිය නම් හරි....ගල තරණය කරනකොට දාඩිය හෙම දාන නිසා උඩදි ටූ බර වෙන්නේ නෑනෙ....අනික් වැඩේට නම් ඉතින් රජකාලෙ හදපු එකක් නැතෑ ගල උඩ

      Delete
    3. දඹුල්ලෙ උඩත් වැසිකිලි තියෙනවද...? අනික සීගිරි යන්නේ හුජ්ජා කරන්නද....? ඒකට් ඉතින් ටොයිලට් එකකට ගියාම හරි...

      Delete
    4. ///ඕක බොරුවක්....
      හැමතැනම වැසිකිලි නම් නෑ...
      ඒත් එයලගේ පාකින් එකේ පිරිසිඳු එකක් තියෙනවා...///

      උඹ මේක කියපු එක හොඳයි, නැත්තන් අපි උනත් හිතාගෙන ඉන්නේ අර මීඩියා වල කියපු දේ හරි කියලනේ...

      Delete
  10. Replies
    1. උඹ නේ ඉතින් ඕවා දන්නේ...

      Delete
  11. "පරද් ඔබ් රූ කුමරි
    කම් නැත් අබරනින්
    වැස්වු සලු පිල් තිසර තන්
    තද් බැව් දනිම් සුරතින් "

    රන් ආභරණ නොමැතිව වුවත් රූපෙන් අඩුවක් නැති ඇගේ පියයුරු සළුවෙන් වසා තිබුනද පිරිපුන් බව නොඅල්ලාම මට දැනේ.

    ReplyDelete
  12. අහා, මේකෙන් ගෙස් කරතෑකි සීගිරි සිතුවම් වලින් අතරින් පතර කීපයක් විතරක් ඉතුරු වුනු හේතු, වැල පමණයි ගැට ඉතිරිව නැත.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ A11 සීගිරිය හරහා යන්න ඇත්තේ.

      Delete
    2. ගැට තමයි බං වැල වෙන්නේ...

      Delete
  13. Blog සම්මාන උළෙලට නෑවිත් සීගිරි ලලනාවන් බලන්න ගියා වගේ හෙනං.
    කවි ටික නං නියමයි. ඇයි නිළි රූපේ....

    ReplyDelete
  14. හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ පිටරටවලින් පවා එන්නේ හිටන්...

      Delete
  15. සීගිරි ගෑණුන්ගේ තන් දෙකට වඩා විශේෂ දෙයක් තියෙනවා.
    එයාලගේ කොඳු නාරටියේ හැඩය ගැන මොකද හිතන්නේ.
    මම කලින් පෙන්වපු la grande odalisque චිත්‍රයේ කොන්දත් බලන්න.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ලංකාවේ අයගේ කොන්දේ ප්‍රශ්ණයක් තියෙනවා නේ...

      Delete
  16. // මල් රැගෙන
    යනු එපා පිදුරංගලට
    සසර කළ කිරේවී
    නළඟනන් දුටු දිනේ
    මෙන් මහා සඝුන්ගේ//

    යන්නනම් එපා අම්මෝ.
    ඉතුරු වෙලා ඉන්න අප්සරා අක්කල 18 දෙනත් මකලදායි සෙට් එක එකතු වෙලා.......

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඕකුන් ළඟදීම ඕකටත් ලෙඩේ අදියි...

      Delete
  17. ඔය ඔරිජිනල් පොටෝ එකම ඔරිජිනල් විදියට ගත්තනම් ඉවරයි අෆ්පා

    ReplyDelete
    Replies
    1. මම ඊට වඩා... වෙනස් විදියට හිතන උන්ට පට්ට කැමතියි

      Delete
  18. රසවත් කලාත්මක හැඟීම් අවදි කරවන ලිපියක්.
    කියවෙලා තියෙන කවි ටිකම ඒකට සාක්කි.
    එදා සීගිරි ලඳුන් දැක්ක නරඹන්නන්ටත් වෙන්න ඇත්තේ ඕකමයි
    ඒකනේ කැටපත් පවුර පුරා කවි ලියැවුනේ.

    පින්තූරෙත් ග්‍රැෆික් නිර්මානෙත් දෙකම අපූරුයි. නිර්මානාත්මක අදහස් ඇති කලා කාරයෝ.

    ReplyDelete
    Replies
    1. ලොව ප්‍රථම කොමෙන්ට්ස්...

      Delete
  19. කවි ටිකයි ඔර්ගිනල් ෆොටෝ එකට වඩා එඩිට් කරපු ෆොටෝ එකයි මරු...

    ReplyDelete
  20. අර "කෙන්ජි" කියන එකා මලාද?

    ReplyDelete
  21. මාතලම් මාමි
    පරක්කු වීමී
    මමද ආමි....
    නුබේ....බ්ලොග බැලීමී
    බැලු බැලූ....අත
    පට්ට බ්ලොග හමු වීමී......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න