කමිඳුගේ නොදැවුනු ඉනිම නිසා රිච්මන්ඩ් විදුහලට ජය

337

මීට දින කිහිපයකට පෙරාතුව කුරුණෑගල මලියදේව විද්‍යාලය පරදවමින් රිච්මන්ඩ් විද්‍යාලය අන්තර් පාසල් සීමිත පන්දුවාර තරඟාවලියේ අවසන් තරඟය දක්වා ගෙන යාමට කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා බෙහෙවින් දායක විය. එය තවදුරටත් ඉදිරියට ගෙනගිය කමිඳු අද (25) මහින්ද විද්‍යාලයට එරෙහිව පැවති එක්දින තරගයේ දී ඉතාමත් සාර්ථක පිතිකරණයක යෙදෙමින් තම විද්‍යාලයට පහසු ජයක් ලබා ගැනීමට උපකාරී විය.

මුදිතගේ සුපිරි ඉනිම සේනානායක විද්‍යාලය ගලවා ගනියි

කොළඹ පී. සරා ඕවල් පිටිය එකම ජය ඝෝෂාවකින් ගිගුම් දුන්, ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 11 වැනි රන් සටන…

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී කාසියේ වාසිය තමන් සතුකර ගැනීමට වරම් ලද මහින්ද විද්‍යාලය එය ප්‍රයෝජනයට ගනිමින් සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට තරම් . ඒ පන්දුවාර 47ක් ගතවීමටත් ප්‍රථම ඔවුන්ගේ සියලුම කඩුලු ලකුණු 169ක් තුලදී බිඳ වැටුනු බැවිනි.මහින්ද ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වශයෙන් නවෝද් පරණවිතාන ලකුණු 66ක් වාර්තා කරන්නට සමත් වූවත් අනෙකුත් පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් හිමි නොවීම නිසා මහින්ද විද්‍යාලයට  මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නට සිදුවිය.

අද ගාලු ක්‍රීඩාංගනයේ රැස්ව සිටි මහින්ද විද්‍යාලයේ ආධාරකරුවන්ගේ බලාපොරොත්තු මුල සිටම සිඳ දැමූ සඳුන් මෙන්ඩිස් ලකුණු 30ට කඩුලු 3ක් බිඳ හෙලද්දී අවිඳු තීක්ෂණගේ වමත් දඟ පන්දුවට මහින්ද පිතිකරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස දැවී ගියෝය. ඒ අනුව අද දිවා විවේකය සඳහා රිච්මන්ඩ් විද්‍යාලයේ  ක්‍රීඩකයන් ගමන් කළේ ජයග්‍රහණයේ අපේක්ෂා පෙරදැරි කරගෙනයි.

දිවා විවේකයෙන් අනතුරුව ලකුණු 170ක පහසු ඉලක්කයක් හඹා ගිය රිච්මන්ඩ් පිතිකරුවන්ට තම ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාරයකට අවශ්‍ය වී  තිබුනේ ලකුණු 3.4ක් තරම් අඩු ලකුණු ප්‍රමාණයක් පමණක් වූ නමුත් තරඟය  නිමා කිරීමට එතරම් කල්වේලා නොගත් ඔවුන් පන්දුවාර 34ක් ගතවීමටත් මත්තෙන් ජයග්‍රහණය තමන්ගේ නමට  ලියා ගන්නට සමත් වූහ. වර්තමානයේ රිච්මන්ඩ් විද්‍යාලයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව සිටින වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් අද නොදැවී ලකුණු 84ක් රැස් කරමින් තම විද්‍යාලයට ජයග්‍රහණයේ දොරටු විවර කර දුන්නේය.

ඒ සමගම විද්‍යාල දෙක අතර වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගය රිච්මන්ඩ් විද්‍යාලයට  ජයග්‍රහණය අත් කර දෙමින් නිමාවූ අතර ඔවුන්ගේ මීළඟ එක්දින ක්‍රිකට් අභියෝගය හෙට (26) උදෑසන කොළඹ වෙස්ලි විද්‍යාලයේ දී ආරම්භ වීමට නියමිතව ඇත. ඒ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පැවැත්වෙන අන්තර් පාසල් සීමිත පන්දුවාර තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගයයි.

මහින්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 46.4) නවෝද් පරණවිතාන 66, ප්‍රමීත් හංසික 31, විනුර දුල්සර 21, සඳුන් මෙන්ඩිස් 3/30, අවිඳු තීක්ෂණ 2/29.

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 172 (පන්දුවාර 33.3) කමිඳු මෙන්ඩිස් 84*, ආදිත්‍ය සිරිවර්ධන 38.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට