ලහිරුගේ අර්ධ ශතකය සාන්ත තෝමස් ඉනිම රැක ගනී

137

මහා ක්‍රිකට් තරග අතරින් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන තරගයක් වන මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වෙන රුහුණු මහා ක්‍රිකට් සටන ඊයේ (24) 117 වැනි වරටත් ආරම්භ වූයේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී යි. තරගයේ අවසන් දවස හෙටයි (26).

ප්‍රථම දිනයේදීම සර්වේසස් ක්‍රීඩකයින්ගෙන් දැඩි අභියෝගයක්

රුහුණු නිල් මහා සටන ලෙස ක්‍රීඩාලෝලී ඔබ සෑම දෙනාගේම අවධානය දිනා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය…

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් විද්‍යාලයේ ආරාධනය පරිදි පිටියට පිවිසි සාන්ත සර්වේසස් විද්‍යාලය, තම පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 207ක් රැස්කර ගන්නා ලදි. එහි දී වමතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩක තිලිණ ප්‍රශාන් අර්ධ ශතකයක් ද රැස් කර ගැනීමට සමත් විය.

ඊයේ (24) දිනය අවසන් වීමට ආසන්නව තිබිය දී තම පිළිතුරු පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි සාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන් යුගලය ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක තිලිණ ප්‍රශාන් ඇතුළු පන්දු යවන්නන් සමත් වූයේ, සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු දිනය තුල යම් වාසිදායක තත්ත්වයක් ද උදා කරමිනි. තරගයේ පළමු දිනය අවසන් වන විට, සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 4ක් ලබාගෙන යම් පසුබෑමකට ලක්ව සිටිනු දකින්නට හැකි විය.

[rev_slider dfcc728]

.

එතැන් පටන් ආරම්භ වූ අද දිනය තුල සාන්ත තෝමස් විද්‍යාලයේ මුල් පෙළ හා මැදපෙළ පිතිකරුවන් ඉක්මනින් දවා ගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලයේ තිලිණ ප්‍රශාන් ඇතුළු පන්දු යවන්නන් සමත් වූ අතර, එක් මොහොතක කඩුලු 5ක් දැවී ලකුණු 90ක් ලෙස සාන්ත තෝමස් විද්‍යාලයේ ලකුණු පුවරුව දිස්විය. මැදපෙළ පිතිකරණය යම්තාක් දුරකට සවිමත් කළ රමින්ද ප්‍රවිනාත් හා එක්වූ ලහිරු ඩිල්ශාන් සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් අද දිනය පුරාවටම තම විදුහල් ඉනිම දියත් කරවිය. එහි දී රමින්ද ප්‍රවිනාත් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 43කට දැවී ගියේ අර්ධ ශතකය පෙනෙන මානයේ දී යි.

වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් සාන්ත තෝමස් ක්‍රීඩාලෝලීන් අවදි කල ලහිරු ඩිල්ශාන් නොදැවී ලකුණු 63*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ තවත් ලකුණු 8ක් හෝ ඊට වඩා ලකුණක් ලබාගෙන තම විද්‍යාලයට පළමු ඉනිමේ හෝ ජයග්‍රහණය ලබා දීමේ අරමුණ ඇතිව බව නම් නිසැකය.

පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ සාන්ත සර්වේසස් විද්‍යාලයේ  තිලිණ ප්‍රශාන් ලකුණු 44ක් තුල කඩුලු 5ක් දවාලමින් දස්කම් දැක්විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 76.4): තිලිණ ප්‍රශාන් 51, සුපුන් කාවින්ද 48, මුදිත හශාන් 36,  ශසික දුල්ෂාන් 21, මලීශ සදුශ්ක 3/24, ලහිරු දිල්ශාන් 2/28, ප්‍රවීන් මදුෂාන් 2/38, හෂින් දිල්මින් 2/64

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු  199 (පන්දුවාර 101): ලහිරු ඩිල්ශාන් 63*, රමින්ද ප්‍රවිනාත් 43, තරුශ කාවින්ද 30, තිලිණ ප්‍රශාන් 5/44

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට