ගෙවුනු දවස මාර්තු 24 – පාසල් මහා සටන් දෙකක් ආරම්භ වේ

282
Sri Lanka sports news last day summery

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

තිලිණ ප්‍රශාන්ගෙන් අර්ධ ශතකයක්

Schools Cricketරුහුණු නිල් මහා සටන ලෙස ක්‍රීඩාලෝලී ඔබ සෑම දෙනාගේම අවධානය දිනා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් සටන, ඊයේ (24) 117 වැනි වරටත් ආරම්භ වූයේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී යි. තරගය 26 වැනිදා දක්වා පැවැත්වේ.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 76.4): තිලිණ ප්‍රශාන් 51, සුපුන් කාවින්ද 48, මුදිත හශාන් 36,  ශසික දුල්ෂාන් 21, මලීශ සදුශ්ක 3/24, ලහිරු දිල්ශාන් 2/28, ප්‍රවීන් මදුෂාන් 2/38, හෂින් දිල්මින් 2/64

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 2ක් දැවී ලකුණු 4 (පන්දුවාර 10.5): තිලිණ ප්‍රශාන් 01/2

සම්පූර්ණ තරග වාර්තාව: ප්‍රථම දිනයේදීම සර්වේසස් ක්‍රීඩකයින්ගෙන් දැඩි අභියෝගයක්


මහානාමය ඉදිරියෙන්

DS v Mahanamaමෙවර තරගය ආරම්භ වීමටත් ප්‍රථම මාධ්‍යයේ අවධානය දිනා ගන්නට සමත් වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 11වැනි රන් සටන ඊයේ (24) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී දැවැන්ත ප්‍රේක්ෂක සහභාගිත්වයක් සමඟින් ආරම්භ විය. එහි දී ප්‍රථම දිනයේ වාසිය තමන් වෙත නතු කර ගත් මහානාම විද්‍යාලය දිනය නිමාවන විට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කඩුලු 4ක් ලකුණු 62ක් තුල දී බිඳ දැමීමට සමත් වූහ.

මහානාම විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 271 (පන්දුවාර 60): බිශාන් මෙන්ඩිස් 74, මලිඳු මදුරංග 70, නිදූක වැලිකල 41, විහාන් මුදලිගේ 37*, කවිඳු මුණසිංහ 22, විහාන් ගුණසේකර 6/100, මුදිත ලක්ෂාන් 2/83.  

ඩී. එස්. සේනානායක විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 62 (පන්දුවාර 22)

සම්පූර්ණ තරග වාර්තාව: ප්‍රථම දිනය නිමාවෙද්දී මහානාමය පෙරමුණට


මාතර හමුවේ හම්බන්තොට පැරදේ

SLC Inter District Cricket Tournamentදේශීය ක්‍රිකට් තරු එකිනෙක ගැටෙන අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ උණුසුම ඊයේත් (24) ක්‍රීඩාංගණ දෙකක දී පැතිරී ගියේය. එහි දී මාතර දිස්ත්‍රික්කය කඩුලු 6කින් හම්බන්තොට දිස්ත්‍රික්කය පරාජය කිරීමට සමත් වූ අතර මාතලේ දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය හමුවේ කඩුලු 5ක ජයක් ලැබීමට සමත් විය.

හම්බන්තොට – සියල්ලන්ම දැවී ලකුණු 84 (පන්දුවාර 26.1) ශෙනාල් සිල්වා 30, මාලිංග අමරසිංහ 3/17, දුෂ්මන්ත චමීර 2/19.

මාතර – කඩුලු 4ක් දැවී ලකුණු 85 (පන්දුවාර 15.4) සඳුන් වීරක්කොඩි 21, ශැනොගීත් ශම්මුගනාදන්  19.

සම්පූර්ණ තරග වාර්තාව: කුසල්ගේ නොදැවුණු ඉනිම මාතලේට ජය ගෙනෙයි


රග්බි –

සහිරාවෝ වෙස්ලි විදුහලට පරදී

pic 42017 පාසල් රග්බි ලීගයේ පස්වැනි සතිය ආරම්භ කරමින් මරදාන සහිරා විද්‍යාලයත්, කොළඹ වෙස්ලි විද්‍යාලයත් ඊයේ (24) තරග බිමට පිවිසි අතර එම තරගයෙන් 32-29ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට වෙස්ලි විද්‍යාලයට හැකි විය. තරගය පැවැත්වූයේ ලොන්ඩන් පෙදෙස CR&FC ක්‍රීඩාංගණයේ දී ය.

දෙපිලම සටන්කාමී කණ්ඩායම් දෙකක් බව, මෙතෙක් තරගාවලිය පුරාවටම දෙපිල විසින් පෙන්වූ සටන්කාමී ක්‍රීඩා විලාසය සාක්ෂි දරා තිබූ බැවින් මෙම තරගයට කාගේත් අවධානය යොමු වී තිබුණි.

පළමු අර්ධය – සහිරා විද්‍යාලය 15 (2T 1C 1P) – 10 (1T 1C 1P) වෙස්ලි විද්‍යාලය

සම්පූර්ණ කාලය – සහිරා විද්‍යාලය 29 (4T 3C 1P) – 32 (4T 3C 2P) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අවිශ්ක ලී (වෙස්ලි)

සම්පූර්ණ තරග වාර්තාව: තියුණු සටනක් අවසානයේ වෙස්ලි විදුහල ජය ගනියි


මරීජා සහ විල්වර නැවතත් පිටියට

pic 5පසුගිය දා අවසන් වූ බෝර්නියෝ සත්සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකාවෙන් දිස්වූයේ කණගාටුදායක ක්‍රීඩා විලාශයකි. කෙසේ වෙතත් එළඹෙන අප්‍රේල් මස 7 වන දා සිට 9 වන දා දක්වා හොංකොං හිදී පැවැත්වෙන ‘ලෝක කුසලාන සත්සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට’ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක්කිරීමට රග්බි තේරීම් කමිටුව තීරණය කොට ඇත.

සම්පූර්ණ සංචිතය: මරීජා සහ විල්වර නැවතත් සත්සාමාජික සංචිතයට


පාපන්දු –

ගුවන් හමුදාව 13 – 00 රිලායන්ස්

Air Force v Reliance SC2016/17 FA කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන වටයේ තවත් තරග දෙකක් ඊයේ (24) පැවැත්විය. එම තරග වලින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා සාන්ත මරියා ක්‍රීඩා සමාජය (මන්නාරම) ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. එහි දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කවිඳු ඉශාන් ගෝල 7ක් වාර්තා කරමින් දස්කම් දක්වන ලදි.

පළමු අර්ධය අවසානයේ: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 07-00  රිලායන්ස් ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 13-00 රිලායන්ස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – කවිඳු ඉශාන් (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

සම්පූර්ණ ලිපිය: ගුවන් ක්‍රීඩක කවිඳුගේ ගෝල 7න් රිලායන්ස් අසරණ වේ

දිනයක අවසානය