කමිඳුගේ දක්ෂතා නිසා රිච්මන්ඩ් අවසන් මහා තරගයට

763

වයස අවුරුදු 19න් පහළ සිංගර් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ අද (23) පැවතියේ ඉතාමත් තීරණාත්මක දෙවැනි අවසන් පූර්ව තරඟයයි. එහිදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව කුසලතා පූර්ණ තරඟ රටාවක් පෙන්නුම් කළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළහ.

ජයසිංහ ගෙන ආ ජයග්‍රහණය

විවිධ බාධා මැදින් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් – දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් තරඟයක් අද (23) කෑගල්ල කණ්ඩායම හා කුරුණෑගල කණ්ඩායම අතර පැවැත්වුණි…

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලීය පිටියේදී පැවති මෙම තරඟයේදී කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ් විද්‍යාලය තරඟය ජය ගැනීමට ඇති පහසුම ක්‍රමෝපාය වශයෙන් මලියදේව ක්‍රීඩකයන්ට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඇරයුම් කරන ලදි. ඒ අනුව ඉනිම ඇරඹූ මලියදේව විද්‍යාලයට රිච්මන්ඩ් පන්දු යවන්නන් හමුවේ සාර්ථක පිතිකරණයක යෙදීමට හැකි වූයේ නැත. පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේදී ඔවුන්ට සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 157ක් පමණි.

මලියදේව විද්‍යාලය වෙනුවෙන් දිනංජය ප්‍රේමරත්න (41) සහ නිසංජල හෙට්ටිආරච්චි (34) යන ක්‍රීඩකයන් සිය පිතිහරඹයෙන් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ නමුත් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරුවක් වන කමිඳු මෙන්ඩිස් ලකුණු 24ට කඩුලු 4ක් බිඳ හෙලමින් ඔවුන්ගේ ගමන අඩාල කළේය. එබැවින් තරගයේ මුල සිටම වාසිය හිමිවූයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටයි.

දිවා විවේකයෙන් අනතුරුව ඉලක්කය හඹායාම ඇරඹූ රිච්මන්ඩ් විද්‍යාලීය ක්‍රීඩකයන් පිටිය සිසාරා ඔවුන්ගේ පිති ප්‍රහාර එල්ල කරමින් පන්දුවාර 22කටත් පෙර අදාළ ඉලක්කය පසුකර යාමට සමත් වූහ. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් වමත් පිතිකරු ධනංජය ලක්ෂාන් වැඩිම ලකුණු ලාභියා ලෙස ප්‍රවේගකාරී ලකුණු 86ක් වාර්තා කළ අතර පන්දුවෙන් සුපිරි දක්ෂතා පෙන්නුම් කළ කමිඳු මෙන්ඩිස් පිත්තෙන් ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ධනංජයගේ වේගවත් ඉනිමට වැයවූයේ පන්දු 68ක් පමණක් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 15කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය.

කමිඳු මෙන්ඩිස් තරගයේ අවසානය දක්වා තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් තම විද්‍යාලය කඩුලු 8ක සුපිරි ජයග්‍රහණයක් කරා ගෙන යාමට දායක විය. ඒ අනුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලබන 26 වැනිදා වෙස්ලි පිටියේදී පැවැත්වෙන තීරණාත්මක අවසන් මහා තරගයේදී තර්ස්ටන් විද්‍යාලය මුණ ගැසීමට නියමිතයි.

මලියදේව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 49.2): දිනංජය ප්‍රේමරත්න 41, නිසංජල හෙට්ටිආරච්චි 34, කමිඳු මෙන්ඩිස් 4/24.

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 160 (පන්දුවාර 21.2): ධනංජය ලක්ෂාන් 86, කමිඳු මෙන්ඩිස් 58*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට