පාපන්දු තරගාවලිය සමාප්ත වේ

Share

නවක සිසුන්ගේ ජවය, ශක්තිය හා මනා ක්‍රීඩාශීලීත්වය විදහා දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයීය නවක සිසුන්ගේ ක්‍රීඩා උළලේ දස වන දිනය සමාප්ත වුයේ පාපන්දු තරඟාවලියේ නිමාවත් සමගිනි.

ආරම්භයේ සිට ම අතිශයින් තියුණු මුහුණුවරක් ගත් මෙම පාපන්දු තරඟාවලියට විද්‍යා පිඨය, කළමනාකරණ හා මුල්‍ය පිඨය, නීති පිඨය හා පරිගණක අධ්‍යයනායතනය නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගී විය.

අතිශය තරඟකාරි මුහුණුවරක් ගත් මුලික වට තරඟ හා අවසාන පූර්ව වට තරඟවලින් අනතුරු ව අවසාන මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනිමට සමත් වුයේ විද්‍යා පිඨ කණ්ඩායම හා පරිගණක අධ්‍යයනායතන කණ්ඩායමයි.

උද්වේගකර ඔල්වරසන් නාද මධ්‍යයේ ක්‍රීඩා පිටියට පිවිසි කණ්ඩායම් ද්විත්වය තීරණාත්මක තියුණු තරගයක නිරත වූහ. අනතුරුව ජයග්‍රහණය වාර්තා කරමින් ප්‍රථම ස්ථානය ලබා ගැනිමට විද්‍යා පිඨ කණ්ඩායම සමත් විය. මෙහිදි දෙවන ස්ථානය පරිගණක අධ්‍යයනායතන කණ්ඩායම විසින් ද තෙවන ස්ථානය කළමනාකරණ හා මුල්‍ය පීඨය විසින් ද දිනා ගන්නා ලදී.

එලෙස ජය හා පැරදුමත් සමගින් දස වන දිනයේ නිමාව සනිටුහන් වුව ද ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙන තරඟ තව තවත් ක්‍රීඩා බිමේ උණුසුම වැඩි කිරිමට හේතු වනු නොඅනුමානය.

ඡායාරූප සඳහා පිවිසෙන්න:
https://www.facebook.com/pg/fosmedia/photos/?tab=album&album_id=1589342261080539

 
Tagged :