Tuesday, March 21, 2017

කොරියානු දිනපොත (Korean Diary ) ;- ලේ දන්දිම ( Donating Blood in Gwangju)


ඒ 1992 වසරයි. මම උසස් පෙලට විද්‍යා විෂයන් හැදරු කාලයයි. අපේ ටියුෂන් පන්තිය අසල පන්සලක් විය. එහිද ලේ දන් දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුනි. මම මගේ මිතුරියන් සමග එහි ගියෙමි. නමුත් මට ලේ දන්දීමට සුදුසුකමක් නොවිණි. ඒ බර මදිවීම නිසාය. 

මේ කුවන්ජු නිවුස්හි පල වූ තවත් පුවතකි. එය ලියා තිබුනේ එමි බදන්හෝල් විසිනි.

ලේ වූකලී එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයකුට දිය හැකි වටිනාම තිළිණයක් වේ. එය ජීවිතය පිළිබද තියගයකි. එය ජිවිතයක් බේරා ගැනීමකි. එය රක්තානු පට්ටිකා ප්ලාස්මා ලෙස බෙදී යම් නිශ්ශිත තත්වයන් යටතේ රෝගියෙකුට උපකාර වේ. මම ඩවුන් ටවුන්හි ලේ බැංකුව වෙත ගියෙමි. ඒ ජාත්‍යන්තර පදිචිකරුවන් කෙසේ ලේ දන් දන්දෙන්නේදැයි සොයා ගැනීමටයි

ඔබ එහි යායුත්තේ කොරියන් බස දන්නා කෙනෙක් සමගයි. අවාසනාවකට එහි පරිවර්තන කටයුතු සදහා කොරියන් බස දන්නා කෙනෙක් නැත. එම නිසා තත්වය සංකීර්ණ වේ.

ඔබ ගොඩනැගිල්ලට පිවිස කල ඔබේ වම් අත පැත්තේ පරිගණක දැකිය හැක. ඒවා මේස මත තබා තිබේ. ඉන්පසුව ඔබ ගිණුමක් විවුර්ත කර ප්‍රශ්නාවලියක් සම්පුර්ණ කල යුතුය. එහි සදහන් ප්‍රශ්න වන්නේ අද දවස ඔබට කොහොමද? ඔබ නිශ්ශිත බෙහෙත් වර්ගයක් පාවිච්චි කරන්නේද ? ආදී වශයෙනි. මෙහිදී ජාත්‍යන්තර පදිංචිකරුවන්ට ලේ දන්දිම පිළිබද පක්ෂපාතිත්වයක් නැත. ඉන්පසුව ඔබට පිළිගැනීමේ කවුන්ටරය වෙත යා හැක. ඔබට එහිදී අංකයක් ගත හැකි අතර ඉන්පසුව දෙවන මහලට යා හැක.

එහිදී ඔබට හෙදියක හමු වේ. ඇය වැඩි දුරටත් ප්‍රශ්න අසනු ලැබේ. ඇය අසත්මිකතාවන් හදුනා ගැනීමට ඔබේ අගිල්ලකට විද ලේ ගනු ඇත. මෙහිදී වේදනාවක් ඇති නොවේ. ඒ ඔබේ ලේ සහ ප්‍රතිශක්තිකරණ පද්දතිය ලේ දන්දීමට සුදුසුදැයි බැලීමටය. ඔබට ගැටළු නැත්නම හොද සවුක්කයෙන් පසුවේනම් ඔබට ලේ පරිත්‍යාග කිරීමේ ඇදන් වෙත යා හැක. එහදී හෙදිය ඔබට සියලු පහසුකම් සලස්වනු ලැබේ. ලේ දන්දෙන අවස්ථාවේ ඔබට යම් බිමක්ද පානයට දෙනු ඇත. එය අලුත් වීමට වේ. සියලු ක්‍රියාදාමයට විනාඩි 40 සිට 60 දක්වා කාලයක් ගතවනු ඇත. එනම් ලේ දන්දීමට යම් කාලයක් ගතවනු ලැබේ. මෙය වේදනාවක් ගෙන දෙන්නේ නැත. කාර්යමණ්ඩලය මිත්‍රශීලි වන අතර උදවු කිරීමට ඉතා කැමති වේ.

යම් කුතුහලය දනවන තත්වයක්ද තිබේ. පැතිර යන කතා ඇත. එනම් කොරියාවේ විදේශීය ලේ විදේශිකයින්ට පමණක් බවය. තවද විදේශිකයින්ට ලේ දන්දීමට ඉඩ නොදෙන බවය. මෙම සදහන් කිරීම් වැරදිය. කෙසේනමුත් විදේශිකයකුට බලපාන නිශ්ශිත කොන්දේසි තිබේ. එය ඔබ ස්ථිර පදිංචි නැති සැම රටකටම පොදුය.

1. ලේ දන්දීමට නම් ඔබ අවම වශයෙන් දකුණු කොරියාවේ වසරක කාලයක් සිටිය යුතුය.
2. ඔබ පසුගිය මාස දෙකක කාලය තුල විදේශ සංචාරයක නිරතව තිබේනම් ඔබට ලේ පරිත්‍යාග කල නොහැක.
3. ලේ පරිත්‍යාග කිරීමට අවම වශයෙන් පැය දෙකකට පෙර ඔබ හොද ආහාර වේලක් ගෙන තිබිය යුතුය.
4. කිලෝග්‍රෑම් 45ක බරක් තිබිය යුතුව ඇත.
5. අදාල පරිත්‍යාග කරන්නාගේ සවුක්ය තත්වය පරික්ෂා කරනු ලැබේ. එනම් පරිත්‍යාග කරන්නාගේ උෂ්ණත්වය, රුදිර පීඩනය, රක්තානු, හෙමටෝච්රිට් (hematocrit) මැන බලනු ලැබේ.

ජිවිත රැක ගැනීමට ඔබට වයිද්යවරකු වීමටම අවශ්‍ය නැත.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...