නාලන්ද බළකොටු බිදලූ තර්ස්ටන් අවසන් තරගයට

396

සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ  උණුසුම් තරග කිහිපය අදින් (21) ආරම්භ වූ අතර, එහි සීමිත පන්දුවාර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැත්විය. එම තරගය ලකුණු 57කින් ජයග්‍රහණය කල තර්ස්ටන් විද්‍යාලය අවසන් තරගයේ තම ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

සභාපතිගේ කණ්ඩායමේ වගකීම් මිලින්ද සිරිවර්ධනට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායකත්වයට මිලින්ද සිරිවර්ධන තෝරා පත් කර ගෙන තිබේ. ඒ බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත පුහුණු තරගයක් සඳහායි. තරගය හෙට (22) සි.සි.සි ක්‍රීඩා පිටියේ දී ආරම්භ වේ.

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පළමුව පන්දු යැවීම වාසියක් ලෙස සැලකූ නාලන්ද විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

තර්ස්ටන් විද්‍යාලය මෙම තරගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුව ඇතිව පළමුව පිටියට පැමිණි අතර, ඒ බව සනාථ කරමින් නාලන්ද පන්දු යවන්නන් හමුවේ තර්ස්ටන් පිතිකරුවන් මුල් පන්දු වාර 30 තුල දක්ෂ ලෙස පන්දුවට පහර දෙන ලදි. ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව පන්දු වාර 29ක් තුල කඩුලු 2ක් දැවී ලකුණු 121ක් ලෙස සටහන් වී තිබුණි.

ආරම්භ පිතිකරු කසුන් අබේරත්න හොඳින් පන්දු තෝරා බේරා ගෙන ලකුණු 62ක් ලබා ගන්නා ලදි. තවද එම ඉනිම ආකර්ෂණීය පහර රැසකින්ම අලංකාරවත් වූවක් බව ද කිව යුතුමය.

මැදපෙළ සවිමත් කරමින් ඉමේෂ් විරංග තම විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කර ගන්නා ලදි. බොහෝමයක් දෙනා චරණ නානායක්කාර පිළිබඳ බලාපොරොත්තු සහගතව සිටිය ද නාලන්ද විද්‍යාලය තම අභ්‍යාස හොඳින් පුහුණු වී ඔහුගේ දුර්වලතා හදුනා ගෙන පන්දු යවන බවක් පෙනෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක චරණ ලකුණු 25කට දවාලීම නාලන්දාවට විශිෂ්ට ජයග්‍රහණයක් බඳු විය.

අවසානයේ තර්ස්ටන් ඉනිම ලකුණු 208කට සීමා විය. පන්දු යැවීමේ දී නාලන්ද විද්‍යාලය වෙනුවෙන් උමේක්ෂ ඩිල්ශාන් ලකුණු 35කට කඩුලු 3ක් දවාලන ලදි.

අනතුරුව ලකුණු 209ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නාලන්ද මුල් කඩුලු 2ක ලකුණු 16ක් වන විට දවාලීමට තර්ස්ටන් පන්දු යවන්නන්ට හැකිවිය. අනතුරුව පිටියේ ස්ථාවර වූ දසුන් සෙනෙවිරත්න නාලන්ද ඉනිමට යම් පිබිදීමක් එක් කරමින් ලකුණු 31ක් රැස්කර ගත්තේය. දසුන්ගේ දැවී යාමත් සමඟින් නාලන්ද මැදපෙළ ඉතාමත් ඉක්මනින්ම බිඳලීමට තර්ස්ටන් පන්දු යවන්නන් සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එක් මොහොතක ඉතාමත්ම අසරණ තත්ත්වයක නාලන්ද විද්‍යාලය පසුවිය. අවසානයේ ලක්ෂිත රසාංජන ලකුණු 44ක් ලබාගෙන ගෞරවාන්විත ලකුණකට තම විද්‍යාලයේ ලකුණු පුවරුව ඔසවා තබමින් දැවී යන ලදි.

පන්දු යැවීමේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් නවීන් ගුණවර්ධන හා සදරු ඩයස් කඩුලු 3 බැගින් දවාලීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 47.4): කසුන් අබේරත්න 62, ඉමේෂ් විරංග 51, චරණ නානායක්කාර 25, උමේක්ෂ ඩිල්ශාන් 3/35

නාලන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 40.2): ලක්ෂිත රසාංජන 44, දසුන් සෙනෙවිරත්න 31, කලන කත්‍රිආරච්ච්  23, නවීන් ගුණවර්ධන  3/16, සදරු ඩයස් 3/20

සීමිත පන්දුවාර තරගාවලියේ දෙවන අවසන් පූර්ව මහා තරගය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර 23 වන බ්‍රහස්පතින්දා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට