අර්ධ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව හොංකොං මුණ ගැසෙයි

361
Borneo 7s
COURTOSY – Eagles Rugby

Borneo 7s, තරග හතරක් අවසානයේ තරග දෙකක් ජයග්‍රහණය කරමින් හා තරග දෙකක් පරාජය වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් ස්ථාවර හා පසුගාමී යන අන්ත දෙකටම බරව සිටින අවස්ථාවක් බවට දැක්විය හැක. කෙසේ වෙතත් පුහුණුකරු පීටර් වුඩ්ස් මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර මහන්සියක් ගැනීමට සිදුවනු නොඅනුමානය. මන්ද මීළඟට ඔවුන්ට මුණ ගැසෙන්නේ ආසියානු සත් සාමාජික රග්බි ශූරයන් වීමයි. එම තරගය අද දින උදෑසන භාගයේ දී මැලේසියාවේ දී පැවැත්වෙන්නේ බොර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව තරගයක් ලෙසයි.

බෝර්නියෝ සත් සාමාජික තරගාවලියට යන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

ධනුෂ්ක රංජන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම, මාර්තු 17 සිට 19 වැනි දා දක්වා පැවැත්වෙන බෝර්නියෝ සත් සාමාජික රග්බි…

ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා පෙරහුරුවක් වශයෙන් හොංකොං කණ්ඩායම තම උපරිම ශක්තියෙන් ක්‍රීඩා කර ඇති බව දැක්විය හැකිය. ලෝක කුසලානය සඳහා තේරීම් තරග තවත් සති තුනක පමණ කාලයකින් හොංකොං දේශයේ දී පැවැත්වීමට නියමිතයි. පසුගිය කාල සමය පුරාවටම හොංකොං කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇත. එම නිසා ලෝක කුසලාන තේරීම් තරග වලට පෙර හොඳ අත්දැකීම් රැසක් ලබා ගැනීමට මෙම තරගය කදිම අවස්ථාවක් වනු ඇත. තරගාවලියේ පළමු දිනය අවසන් වන විට මනා දක්ෂතා අතර සිටි ක්‍රීඩකයන් ලෙස රීසා රෆායිඩීන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කෙවින් ඩික්සන් සහ නායක දනුශ්ක රංජන් දැක්විය හැකි . දනුශ් දයාන් ඉහළින් එන පන්දුව මනා ලෙස රැකගෙන ඉතාමත් හොඳින් හසුර වනු දක්නට ලැබිණ. සුදර්ශණ මුතුතන්ත්‍රි ඔහුගේ අත්දැකීම් වල ප්‍රතිඵල ඉතා හොඳින් කණ්ඩායමට ලබා දෙමින් වැදගත් උත්සාහක දිනුම් කිහිපයක් වාර්තා කිරීමට සමත් විය.

රිචඩ් ධර්මපාල සහ කවිඳු පෙරේරා හොඳ තරගයක් ක්‍රීඩා කල ද, ඔවුන් තවදුරටත් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කල යුතු බව විචාරකයින්ගේ අදහසයි. ශ්‍රී ලංකා කණ්ඩායම තම මීටර 22 සීමාවෙන් මෙපිට ආරක්ෂක වලල්ල පිළිබඳ විශේෂ අවධානයක් යොමු කල යුතුවේ. විශේෂයෙන්ම Tribe 7s සහ NZ Borneo Eagles කණ්ඩායම් සමඟ තරග වල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩා රටාවේ අඩු ලුහුඬුකම් රැසක් දක්නට ලැබුණි.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම කාන්තා තරගාවලියේ කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී මැලේසියා කාන්තා කණ්ඩායම මුණ ගැසෙනු ඇති. මෙම තරගය අද උදෑසන භාගයේ දී පැවැත්වීමට නියමිතයි.


ශ්‍රී ලංකාව 12 V 35 NZ Borneo Eagles

නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක විය. මෙවර NZ Borneo Eagles කණ්ඩායමට එරෙහිව විය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගත හැකිව තිබූ තරගයක් වූ නමුත් දුර්වල පන්දු පාලනය හා වැරදි ක්‍රීඩා රටාව නිසා එම ජයග්‍රහණය අහිමි වී ගියේය. Tribe 7s කණ්ඩායම විසින් Eagles කණ්ඩායම ලකුණු 36 14ක් ලෙස පරාජය කර තිබීමත් එය සනාත කරනු ඇත. ප්‍රවීණ රග්බි විචාරකයන් දක්වන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමට තරග දෙකම ජය ගත හැකිව තිබුණ ද, දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන් එම තරග දෙකම ජයග්‍රහණය කිරීමට නොහැකි විය. කවිඳු පෙරේරා හා සුදර්ශන මුතුතන්ත්‍රි පමණක් උත්සාහක දිනුම් වාර්තා කරනු දක්නට ලැබුණි. ශ්‍රී ලංකාවට කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව තරගය බොහෝ විට අද දින හොංකොං සමඟ ක්‍රීඩා කිරීමට සිදු වනු ඇත.

අතරවාරයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විශිෂ්ට දක්ෂතා අතර සිටිනු දක්නට ඇත. ඔවුන් තායිලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 26-05ක් ලෙස පරාජය කිරීම කැපී පෙනෙන සිදු වීමක් විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම ආසියානු සත් සාමාජික රග්බි තරගවල එතරම් දස්කම් දැක්වූ කණ්ඩායමක් නොවීමත් ඔවුන්ගේ පුහුණුකරු සුදත් සම්පත් මහතා යටතේ පුහුණුවීම් කටයුතු සිදු කරමින් දක්වන දක්ෂතා ඇත්තෙන්ම අගය කල යුතුය. ඔවුන්ගේ දක්ෂතා වල ප්‍රතිඵල අද දින අර්ධ අවසන් පූර්ව තරගයේ දී දැක ගත හැකි වනු ඇත.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට