ජයවර්ධනපුර සටන ජය පරාජයෙන් තොරයි

365

වසර 127ක විශාල ඉතිහාසයක් ඇති කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයත් හා වසර 102ක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයත් අතර 21 වන වරටත් පැවැත්වූ ජයවර්ධනපුර මහා සටන ඊයේ (18) ජය පරාජයෙන් තොරව අවසන් විය. නමුත් එහි පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට හැකි විය.

පන්දු යවන්නන්ගේ සටනකින් පසු ත්‍රිත්ව කණ්ඩායමට පහසු ජයක්

ආරම්භයේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ පන්දු යවන්නන්ගෙන් එල්ල වූ ප්‍රබල අභියෝගයට සාර්ථක පිළිතුරක් සොයා ගනිමින් වාර්ෂික එක්දින…

අනූෂ සමරනායක වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට බිහි කළ පාසල් මහා ක්‍රිකට් තරගයක් වන මෙහි ඉතිහාසය පිරික්සන විට, ආනන්ද ශාස්ත්‍රාලය තරග දෙකක් ජයග්‍රහණය කර ඇති අතර, ඉතිරි තරග 19 ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. අවසන් වරට පැවැත්වූ මහා තරගය සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණයක් අත්කර දෙමින් නිමා විය.

ජායාරූප - wide effect ෆේස්බුක් පිටුවෙනි
ජායාරූප – wide effect ෆේස්බුක් පිටුවෙනි

කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ දී 17 වැනි දා කාසියේ වාසිය ජයග්‍රහණය කල ආනන්ද ශාස්ත්‍රාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත ජෝන් විද්‍යාලයට ආරාධනා කලේ පළමු දිනය තුල පන්දු යවන්නන්ට උචිත ලෙස පොලිස් තණතීරුව ක්‍රියාත්මක වන නිසාවෙනි.

පළමුව පිටියට පැමිණි සාන්ත ජෝන් පිතිකරුවන් අසරණ කරමින් හංසික සාලින්ද දක්ෂ ලෙස පන්දු යවන ලදි. ඔහු විසින් කඩුලු 4ක් දවා ගන්නා විට, පිටියේ ස්ථාවර වී 4 පහර 6ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 48ක් වාර්තා කරමින් ලකුණු 110ක් වෙත තම විද්‍යාලයේ ලකුණු පුවරුව වර්ධනය කිරීමට දිනුජය ගීත් සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් සොනාර කරුණාතුංග 4 පහර 2ක් සමඟින් ලකුණු 52ක් රැස්කරගෙන තම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් අත්පත් කර දෙන ලදි. පන්දු යැවීමේ දී තනූෂ සඳරුවන් කඩුලු 3යි.

ආනන්ද ශාස්ත්‍රාලය තම මුල් ඉනිම අත්හිටවූ නිසා, ලකුණු 24ක අවාසියක් ද ඇතිව පිටියට පැමිණි සාන්ත ජෝන් විද්‍යාලය තම දෙවන ඉනිම ඉතාමත් සුපරීක්ෂාකාරීව ගොඩ නංවන ලදි. එහි දී තේෂාන් මලින්ද දක්ෂ ලෙස පිත්ත හසුරුවා 4 පහර 4ක් සමඟින් ලකුණු 55ක් තම ගිණුමට බැර කර ගන්නා ලදි. ඔහුට සවියක් වුනු අශේන් මිලින්ද 4 පහර 5ක් සමඟින් ලකුණු 32යි. සාන්ත ජෝන් දෙවන ඉනිම ලකුණු 177කට සීමා කිරීමට සවියක් වුනු නායක බිම්සර අවිනාශ් ලකුණු 39ක් තුල කඩුලු 5ක් ඉක්මනින්ම දවා ගන්නා ලදි.

සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් මැද ලකුණු 154ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ආනන්ද ශාස්ත්‍රාලයට තවත් ඉතිරිව තිබුණේ සීමිත පන්දුවාර ප්‍රමාණයක් බැවින් තරගය ඉතා උණුසුම් විය. එහි දී ආරම්භක කඩුල්ල සඳහා වේගවත් සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන් සමත් වුවද, එය ඉක්මනින්ම අඩපන කිරීමට තනූෂ සමත් විය. එම ඉනිමට 4 පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගැනීමට තිමිර සමත් වූ අතර, දක්ෂ ලෙස පන්දු යැවූ තනූෂ කඩුලු 4ක් දවා ගන්නා ලදි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට ආනන්ද ශාස්ත්‍රාලය කඩුලු 6ක් දැවී ලකුණු 41ක් රැස්කර ගෙන සිටියේය.

සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 110 (පන්දුවාර 43.4): දිනුජය ගීත් 48, මිතිල පූර්ණජිත් 16, හංසක ශාලින්ද 4/30, තිමිර මල්ශාන් 2/14, සඳරු වික්‍රමරත්න 2/17

ආනන්ද ශාස්ත්‍රාලය පළමු ඉනිම – කඩුලු 9ක් දැවී ලකුණු 134 dec  (පන්දුවාර 44.2): සොනාර කරුණාතුංග 51, තිමිර මල්ශාන් 27, තනූෂ සඳරුවන් 3/08, මිතිල පූර්ණජිත් 2/22

සාන්ත ජෝන් විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 177 (පන්දුවාර 75.2): තේෂාන් මලින්ද 55, අශේන් මිලින්ද 32, ගෝපාල් සෙල්වකුමාර් 22,  බිම්සර අවිනාශ් 5/39

ආනන්ද ශාස්ත්‍රාලය දෙවන ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 41 (පන්දුවාර 20): තිමිර මල්ශාන් 23, තනූෂ සඳරුවන් 4/17

පුද්ගල සම්මාන

  • හොඳම පිතිකරු – තේෂාන් මලින්ද (සාන්ත ජෝන් විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – හංසක ශාලින්ද (ආනන්ද ශාස්ත්‍රාලය)
  • හොඳම පන්දු රකින්නා – රවිදු පෙරේරා (ආනන්ද ශාස්ත්‍රාලය)
  • තරගයේ වීරයා – බ්ම්සර අවිනාශ් ( ආනන්ද ශාස්ත්‍රාල නායක)

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට