සම්මානලාභී චිත්‍රපට අධ්යක්ෂ කැලම් මැක්රේ ගේ “නෝ ෆයර් සෝන්” වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම නිසා දඬුවමට මුහුණ පා සිටින මැලේසියා මානව හිමිකම් ක්රියාධාරිනියකට එරෙහි චෝදනා ඉවත් කරගන්නා මෙන් එරට රජයට බල කිරීමේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා දැක්වෙන චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ලීනා හෙන්ඩ්රි වරදකරු කිරීමේ නියෝගය ඉවත් කොට සියලු චෝදනා වලින් ඇය නිදහස් කරන ලෙස ඉල්ලන එම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ මාර්තු 17 සිකුරාදා සවස 4 ට කොළඹ 7 රොස්මීඩ් පෙදෙසේ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදීයි.
සිංහලයටත් නගා ඇති “නෝ ෆයර් සෝන්” චිත්‍රපටිය තිරගත 2013 ජූලියේදී ආරාධිත ප්‍රේක්ෂක සමුහයකට කුවාලාලම්පුර් අගනුවර ශාලාවකදී තිරගත කිරීම සම්බන්ධයෙන් වරදකාරිය කරනු ලැබූ මැලේසියාවේ පුසාට් කොමාස් රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ සටහන් සම්බන්ධීකාරිකා ලීනා හෙන්ඩ්රි ට දඬුවම් පැමිණවීමට නියමිතව ඇත්තේ මාර්තු 22 දාය.
තුන් අවුරුද්දක සිර දඬුවමක් සහ/ හෝ රුපියල් ලක්ෂ හතකට ආසන්න දඩයකට යටත්වීමේ අනතුරට ඇය මුහුණ පා සිටී.
ඇයට එරෙහි චෝදනා ඉවත් කරගන්නා මෙන් බලකරමින් ලන්ඩනය, සුරිච් ඇතුළු යුරෝපීය අගනුවර කිහිපයක මේ වනවිට උද්ඝෝෂණ පවත්වා තිබේ.
ඒ සම්බන්ධයෙන් මැලේසියා රජයට බලකරන මෙන් ඉල්ලා ශොවාන් මැක්ඩොනා මන්ත්‍රීවරිය විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනාවක්ද සභාගත කොට තිබේ.(RG)