Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2016 වර්ෂයේ තාක්‍ෂණය: හැරී බැලීමක්

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

කාලය මොනතරම් වේගයෙන් ගෙවිලා යනවාද කියලා දැනෙන්නේ අලුත් අවුරුද්දෙත් මාසයක් දෙකක් ගියාම තමයි. 2016 අවසානයේදී 2017 අවුරුද්දේ නම් හොඳට පාඩම් කරනවා, හොඳ ජොබ් එකකට යනවා, ජොබ් එක හොඳට කරනවා, පවුලක් පන්සලක් වෙනවා කියලා හිත හිතා හිටියා නම් කමක් නෑ ඉතින් දැන් ඔන්න 2017ත් මාස දෙකක් වයසයි.

ඉතින් අද අපේ සුදානම 2016දි අපි ඒ අහපු දැකපු දේවල් නැවත වරක් සැකෙවින් සිහිපත් කරගන්නයි.

Samsung S7 සහ Note 7

(phonearena.com)

2016 පෙබරවාරි 21 වැනිදා මොබයිල් වර්ල්ඩ් සමුළුවේදී එළිදැක්වූ S7 දුරකථනය සැම්සුන්ග් සමාගමේ නවතම දුරකථනය වූයේ පෙර වසරවල පැමිණි S5, S6 ආදීවූ S ශ්‍රේණියට නවකයෙක් වෙමින්. එහි සුවිශේෂී අංගයක්වූ අඳුරේදී වුවද ඉතා හොඳ තත්වයේ ඡායාරූපයක් ගත හැකි ආකාරයේ කැමරාව ඊට පෙර පැමිණි S6 දුරකථනයේ පැවති මෙගා පික්සල 16ක කැමරාවට වඩා අඩු අගයක් ගනිමින් මෙගා පික්සල 12ක් වූවා. මින් මෙගා පික්සල ගණන වැඩි බව පවසමින් මෙතෙක් කල් සිදුවුණු දුරකථන වෙළඳ ප්‍රචාරණවල වෙළඳ උපක්‍රමයක් ද හෙළිවූයේ මෙගා පික්සල් ගණනම පමණක් කැමරාවේ විශිෂ්ට භාවයට හේතු නොවන බව පසක් කරමින්. මේ සමඟ S6 දුරකථනයේ මෙන් ම Edge නමින් දෙපසින් නැවුණු තිරයක් සහිත වෙළුමක්ද වැඩි මිළකට එළිදැක්වුණා.

2016 අගෝස්තු 2 වැනිදා Galaxy Note 7 දුරකථනය එළිදැක්වුණේ Note 6 යන්න අතහැර පැමිණෙමින්. Note 5වල සිට එකවර ම ඔවුන් 7ට පැන්නේ Galaxy S දුරකථන ශ්‍රේණිය මෙයට වඩා බාල එකකැයි පාරිභෝගිකයන්ට සිතීම වළකාලීමටයි. එහෙත් සිදුවූයේ  ඊට වඩා හාත්පසින් ම වෙනස් දෙයක්. දුරකථනය වෙළඳ පොළට නිකුත් කර වැඩි කාලයක් යන්නටත් පෙර එය ආරෝපණය කරන අවස්ථාවලදී ඉතා ඉහළ උෂ්ණත්වයකට ළඟාවී අනතුරුව පුපුරා යන බව ලොව වටින්ම වාර්තා වුණා.

මේ නිසා කඩිනමින් සියළුම Note 7 දුරකථන භාවිතය නවතා ඒවා ලබාගත් ස්ථානවලටම නැවත භාරදෙන ලෙස සැම්සුන් ආයතනය දැන්වූ අතර ඒ වෙනුවට අඩු බැටරි ප්‍රමාණයක් සහිතව එම ගැටළුව විසඳන ලද දුරකථනයකට හෝ ඒ මුදලට සරිලන වෙනත් දුරකථනයක් ලබා ගන්නට අවස්ථාව සලසනු ලැබුවා. ඉන්පසු තවදුරටත් ඔවුන් Note 7 දුරකථන නිශ්පාදනය කළේ නැහැ.

iPhone 7 සහ AirPods

(netdna-cdn.com)

2016 සැප්තැම්බර් 7 වන දින නිවේදනය කළ ඇපල් සමාගමේ නවතම දුරකථනය වූ iPhone 7 ජෙට් බ්ලැක් නම්වූ නව තද කළු වර්ණයෙන්, හෙඩ්ෆෝන් ජැක් එක රහිතව ලයිට්නිං පෝට් එකක් සහිතව, නිවස්න (Home) යතුර සත්‍ය බොත්තමක් නොකොට නිපැයුණා.

බැලු බැල්මට පෙර පැවති iPhone 6 දුරකථනයට මෙය ඉතාම සමානයි. මෙහි කැමරා ආදියෙන් තවත් වැඩිදියුණු කළ iPhone 7 Plus ලෙස තවත් වෙළුමක්ද ඔවුන් හඳුන්වා දුන්නා. ගිවිසුම් ගතව ඇපල් සමාගමට මෙය නිශ්පාදනය කොට දෙන්නේ මව් පුවරු (Motherboard) නිශ්පාදකයෙක් ලෙස බොහෝ දෙනෙක් හඳුනන Foxconn සමාගම විසිනුයි. iPhone7 දුරකථනය සම්මත IP67 තක්සේරුව ලබා ඇති අතර එම නිසා ජලයට මීටරයක් ගැඹුරෙහි විනාඩි 30ක් දක්වා තැබිය හැකි සහ දුහුවිලිවලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. එහෙත් එය Samsung සමාගමේ නවකයා වූ Galaxy S7 දුරකථනයේ IP68 තරම් වූයේ නැහැ. කෙසේ නමුත් මෙහි ඉවත් කරන ලද හෙඩ්ෆෝන් ජැක් එක නිසා ආරෝපණය කරන පෝට් එකෙන්මයි හෙඩ් සෙට් එක ගහන්නත් සිදුවුණේ. ඉතින් එකවර ආරෝපණය කරමින් ගීත ශ්‍රවණය කරන්නට නොහැකි වීම නිසා අන්තර්ජාලය පුරාම මේ ගැන කතාබහට ලක්වුණා.

ඒ සමඟම ඇපල් සමාගම රැහැන් රහිත AirPods නම් හෙඩ්ෆෝන් යුවළක් හඳුන්වා දුන්නේ ටැප් කර දුරකථන ඇමතුම් ගන්නට, අසුරණයේ ඇති බැටරියෙන්ම ඒවා ආරෝපණය කරගන්නට, බාහිර ශබ්ද ඉවත් කොට කටහඬ ඉතා හොඳින් ඔප් නැංවීමට ආදීවූ පහසුකම් සහ හැකියාවන් රැසක් සමඟයි. හැබැයි මේවා එකිනෙක සබැඳී නැති නිසා එකක් නැති වුවහොත් සම්පූර්ණයෙන් ම වටිනාකම නැතිව යන නිසා එයටද ජනතා අප්‍රසාදය පළවුණා. මේ නිසා නව නිපැයුම්කරුවන් විසින් මේවා එක් කොට තැබිය හැකි ස්ට්‍රැප් වෙළඳපොළට නිකුත් කළේ ඇපල් සමාගමටවූ අපවාදය ප්‍රයෝජන ගනිමින්.

Google Pixel දුරකථන

(wired.com)

2016 ඔක්තෝබර් 4 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ගූගල් සමාගම නිවේදනයට පත් කළේ ගූගල් සමාගමේ නව දුරකථන ඊට පෙර පැවති නෙක්සස් දුරකථන පරම්පරාවේ අවසානය සනිටුහන් කරමින් වෙනත් සමාගමක් හා එක්ව නිපදවීම වෙනුවට තනිව ගූගල් සමාගම විසින්ම සැලසුම් කොට නිශ්පාදනය කර ගූගල් පික්සල් ලෙස හඳුන්වා දෙන බවයි.

ප්‍රමාණ දෙකකින් Pixel සහ Pixel XL ලෙස නිපැයූ මේවා ඇන්ඩ්‍රොයිඩ් 7.1 Nougat වෙළුම සහිතව ගූගල්හි කෘත්‍රීම බුද්ධිමය සහායකයා යොදන ලද එකම දුරකථනය බවට පත්වුණා. මෙහි නිශ්පාදනය දැනට HTC සමාගම විසින් සිදුකරන නමුත් ගූගල් සමාගම ප්‍රකාශ කර සිටින්නේ මේවා කිසිදු ලෙසකින් හෝ HTC දුරකථනයක වෙළුමක් නොවන බවයි. මෙසේ දුරකථන නිශ්පාදනය සඳහා ඊට පෙර Huawei සමාගම හා අත්වැල් බැඳගන්නට ගූගල් සැරසුණත් හුවාවි ලාංඡනය නොමැතිව දුරකථන නිශ්පාදනය කරදීමට ඔවුන් අකමැති වූ නිසා එය HTC වෙත හිමිවුණා. මෙම දුරකථන පෙනුමෙන් ඇපල් දුරකථනවලට සමානකම් දක්වන අතර iPhone භාවිතා කරන්නන්ගේ අවධානය දිනාගැනීම සඳහාම නිපැයූ බවට පෙනෙන්නට තිබෙන්නේ.

Macbook 2016

2016 ඔක්තෝබර් 27වනදා මාධ්‍ය හමුවකදී ඇපල් සමාගම හඳුන්වාදුන් නවතම මැක්බුක් එක ESC සහ F1 සිට F12 දක්වාවූ යතුරු පේළිය සහමුලින් ම ඉවත් කරමින් ඒ වෙනුවට ස්පර්ශ සංවේදක තිරයක් ඒ පේළියට එක්කළා.

මෘදුකාංගවලට අවශ්‍ය කොටස් එහි රැඳවෙන අතර ශබ්දය පාලනය, තිරයේ දීප්තිය පාලනය ආදීවූ පහසුකම් රැසක් ඒ හරහා භාවිතා කළහැකි වෙනවා. මෙහි Power යතුර ඇඟිලි සලකුණු පරීක්ෂකයක් ලෙසද ක්‍රියා කරන අතර මූසික පුවරුවද ත්‍රිමාණ ස්පර්ශණය හෙවත් මඳක් තදින් ක්ලික් කළ විට තවත් පහසුකම් වෙත යොමු කරන්නක්ද වෙනවා.

සාමාන්‍ය යතුරුපුවරුවල යතුරු තදවීම සඳහා ඇති කතුරු ආකෘතිය වෙනුවට මෙහි සමනල ආකෘතිය නමින් ඇපල් සමාගම විසින් ම හඳුන්වාදෙන ලද සුමට යතුරු එබීමේ අත්දැකීම අඩංගු කර තිබෙනවා.

යතුරුවල තදකිරීමේදී භාවිතා වන කතුරු ආකෘතිය (වම් පස) සහ සමනල ආකෘතිය (දකුණු පස) (apple.com)

2016 වර්ෂයේදී ඔබ තාක්ෂණය සමඟ ලැබූ නව අත්දැකීම් මොනවාද? 2017දී ඔබේ බලාපොරොත්තු මොනවාද? අපිත් එක්ක බෙදාහදා ගන්නත් අමතක කරන්න එපා.

ඩයලොග් - ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

ඩයලොග් – ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

මූලාශ්‍ර‍: විකිපීඩියාව, ගූගල් පික්සල් වෙබ් අඩවිය, apple වෙබ් අඩවිය, gsmarena.com

කවරයේ පින්තූරය: ytimg.com

Related Articles