නවකයන්ගේ ක්‍රීඩා උළෙල ක්‍රිකට් තරගාවලියත් සමඟ ඉදිරියට.

Share

කොළඹ විශ්වවිද්‍යාලයීය නවක සිසුන්ගේ ක්‍රීඩා උළෙලේ සයවන දිනය ක්‍රිකට් තරගාවලියත් සමඟ ඉතා උණුසුම් අයුරින් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ආරම්භ විය. විද්‍යා පීඨය, නීති පීඨය, ශාස්ත්‍ර පීඨය, වෛද්‍ය පීඨය, කලමනාකරණ හ‍ා මූල්‍ය පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාතනය නියෝජනය කරමින් බාලක, බාලිකා යන දෙඅංශයෙන්ම තරගාවලිය පැවත්වුණු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම සියලුම පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තරගාවලිය සම්බන්ධයෙන් තිබූ ඉමහත් උද‍්‍යෝගය කැපීපෙනෙන ලක්ෂණයක් විය.

තියුණු තරගාවලියකින් අනතුරුව කළමනාකරණ හා මූල්‍ය පීඨ කණ්ඩායම ඉන් ජය වාර්තා කර බාලක අංශයේ සමස්ත ශූරතාවය තමන් සතු කර ගැනීමට සමත් විය. එසේම පිළිවෙලින් වෛද්‍ය පීඨ කණ්ඩායම අනුශූරතාවයත් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනාංශය කණ්ඩායම තෙවන ස්ථානයත් දිනාගන්නා ලදී.

බාලිකා අංශයේ තරගාවලිය සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවමු අත්දැකීමක් වූ අතර එහි අවසන් වටය සඳහා ශාස්ත්‍ර පීඨයේ ම A හා B කණ්ඩායම් සුදුසුකම් ලැබීම තවත් සුවිශේෂී කරුණක් විය. ඉන් ජය වාර්තා කිරීමට ශාස්ත්‍ර පීඨ A කණ්ඩායම සමත් වූ අතර එහි දෙවන ස්ථානය ශාස්ත්‍ර පීඨ B කණ්ඩායමට හිමි විය. එසේම බාලිකා අංශයේ තෙවන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශ කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

නවකයන්ගේ ක්‍රීඩා උළෙලේ තවත් තරග රාශියක් මාර්තු මස 17 වන දින තෙක් පැවැත්වීමට නියමිත අතර එම තරග වට ද ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනු ඇති බව නොඅනුමානය.

තරගාවලියේ ඡායාරූප නැරඹීමට පිවිසෙන්න: “Freshers’ Tournament 2017 – Cricket” by FOS Media.

https://www.facebook.com/pg/fosmedia/photos/?tab=album&album_id=1582552338426198

 
Tagged :