March 13, 2017

ආන්ත්‍රික සිදුරු සහලක්ෂණය සදහා ග්ලුටන් හේතුවෙයිද?

Leaky Gut Syndrome සදහා ග්ලුටන් හේතුවෙයිද?ආන්ත්‍රික සිදුරු ලෙස හදුන්වන ආන්ත්‍රික ස්වභාවය ලොව පුරා අවධානය යොමු වි ඇති අතර විශේෂයෙන්ම ස්වභාවික  සෞඛ්‍ය සංවිධාන අතර ප්‍රමුඛ තැනක් ගනි.සමහර වෛද්‍ය විශේෂඥයින්   ආන්ත්‍රික සිදුරු ඇතිවිම ප්‍රතික්ෂේප කරන අතර අනිත් අය පවසන්නේ එය සියළුම රෝග සදහා මුලික හේතුව බවයි.
ආන්ත්‍රික සිදුරු යම් තරමකට වෛද්‍යමය අභිරහසකි. විද්‍යාඥයන්  මෙය කුමක්ද මෙයට හේතුව කුමක්ද යන්න නිවැරිදිව සොයා ගැනිම සදහා මේ වන විටත් උත්සහ කරමින් සිටි. සමහර මිනිසුන් මේ සදහා ග්ලුටන් වල බලපැමක් ඇතැයි සිතුවද ග්ලුටන් වල ක්‍රියාකාරිත්වය  තත්වය සංකිර්ණ කරයි.
 මෙම ලිපිය මගින් ග්ලුටන් සහ ආන්ත්‍රික තුවාල ලක්ෂණය අතර කරන ලද පර්යේෂණ පරික්ෂා කරනු ඇත.
ග්ලුටන් යනු කුමක්ද?
 ග්ලුටන් යනු ප්‍රෝටින් පවුලට අයත් තිරුගු  ,බාර්ලි වැනි ධන්‍යවල දක්නට ලැබෙන විශේෂ ප්‍රෝටින මිශ්‍රණයකි. මෙමගින්  පිටි මෝලියේ ඇදෙන සුළු ස්භාවයට  හේතු වන අතර ප්‍රමාණය  වැඩි කරයි. හැපිමට යෝග්‍ය , සතුටුදායක පෙනුමක් ඇති කරයි.  ග්ලුටන් ප්‍රෝටින්ප්‍රධාන ප්‍රෝටින් දෙකකින් සැදි ඇත.එනම් ග්ලුටනින් හා ග්ලයඩින් වන අතර ග්ලයඩින් සෞක්‍යමය ගැටළු සදහා හේතු වේ.
ආන්ත්‍රික පාරගම්‍යතාව යනු කුමක්ද?
ආහාර ජිර්ණ පද්දතිය මගින් ඔබේ සිරුර තුල ඉතා වැදගත් ක්‍රියාකාරකම් කිහිපයක් සිදුකරයි.ජිර්ණ මාර්ගයේදි ආහාර කොටස් වලට කඩා පෝෂණ කොටස් රුධිර ධාරාවට අවශෝෂණය කරයි.බඩවැල් බිත්ති සිරුරේ අනිකුත් කොටස් ජිර්ණ පද්දතියෙන් වෙන් කර තබා ගැනිම සදහා අවශ්‍ය වන  විහේෂ  බාදකය ලෙස ක්‍රියා කරයි.එසේ ම කුමන  දව්‍ය රැධිර පද්දතියට හා අවයව වෙත යැවිය යුතුද යන්න තිරණය කරන මුරකරු වේ.
 ආන්ත්‍රරික පාරගම්‍යතාව මගින්  බිත්ති හරහා සමන්‍යෙයන්  පහසුවෙන් ගමන් කරන දව්‍ය පිළිබද  විස්තර කරයි.කුඩා අන්ත්‍රෙය්ය් සෛල අතර ඇති ක්ෂද්‍ර අන්තරය tight junctions ලෙස හදුන්වයි.මෙය  තුවාල වුවහොත් හෝ බුරුල් වුවහොත්  බඩවැල සිදුරු සහිත බවට පත්වේ.එබැවින් දව්‍ය හා ජිවින්ට බඩවැලේ සිට රුධිර පද්දතියට කාන්දු වේ.
මෙම සංසිද්ධිය අන්ත්‍රයේ පාරගම්‍යතාව වැඩි කරන අතර එම තත්වය leaky gut syndrome  ලෙස හදුන්වයි. බැක්ටිරියා හා විෂ වර්ග රැධිරයට එකතු විම නිසා ශරිරය පුරා පැතිරුණු ප්‍රදාහයන් සදහා හේතු වේ.ආන්ත්‍රික  පාරගම්‍යතාව වැඩිවන විට type 1 දියවැඩියාව, හමේ ප්‍රදාහයන්  ඇතුළුව ස්භාවික ප්‍රතිශක්තිය හා සම්බන්ද රෝග සදහා බලපායි.
ග්ලුටන් සමහරුන්ට සැලකිය යුතු ප්‍රශ්ණ ගෙන දේ.
.බොහෝ මිනිසුන්  ග්ලුටන් පහසුවෙන් ජිර්ණය කරයි. ඉතා සුළු පිරිසකට ග්ලුටන් ජිර්ණය අපහසුය. මෙය දරුණුම ආකාරයේ ග්ල්ටන් අසාත්මිකකාව වන අතර ජනගහනයෙන් 0.71  % පමන බලපැමක් ඇති කරයි.මෙය celiac රෝගය (සුසිරක)ලෙස හදුන්වන එය පාරම්පරික ස්භාවික පුතිශක්තියේ ගැටලුවක් වන අතර  ග්ලුටන් බාහිර ආක්‍රමිකයෙක් ලෙස සලකා සිරැර ක්‍රියා කරයි. ප්‍රතිශක්තිකරන පද්දතිය ගුලුටන් වලට ක්‍රියාකාරි වන  සේම බඩවැලේ ස්තර අක්‍රමනය කරයි.මෙමගින් ආහාර මාර්ගයේ බිත්ති වලට සිදුවන හානිය නිසා පෝෂණ ඌණතාවයන් රක්ත හිනතාවය හා ජිර්ණ ගැටළු සමග බොහෝ රෝග සදහා වැඩිවිමේ අවදානමක් ඇත.
මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වනුයේ ජිර්ණ අපහසුතා , කුඩා අන්තුයේ පටක තුවාල විම,පාචනය ,හිසරදය, මලබද්දය , මහන්සිය , හමේ දද , විසාදිය, බර අඩුවිම ,දුගද හමන මල ආදිය වේ.කෙසේ වුවද celiac (සුසිරක) රෝගය සහිත සමහර පුද්ගලයින් හට ජිර්ණරෝග නැති වුවද රක්තහිනතාවය මහන්සිය වැනි වෙනත් බොහෝරෝග ලක්ෂණ ඇත.
මෙම හේතුව නිසා මෙම රෝගය හදුනා ගැනිම ඉතා අපහසුය .එබැවින් 80% celiac රෝගින් ඹවුන්ට එම රෝගය වැලදි ඇති බව නොදනි රොගයට පරික්ෂණ කිරිමේදි ලක්ෂණ නොපෙන්වන බොහෝ මිනිසුන් සිටින නමුත් ඹවුන් ග්ලුටන් සදහා පුතිරෝදි වේ.මෙම තත්වය  non-celiac gluten sensitivityලෙස හදුන්වයි මෙම රොගතත්වයෙන් කොපමන පිරිසක් සිටි දැයි තවම නිවැරිදිව  නොදන්නා  නමුත්  ගනනයන්ට  අනුව 0.5=13 % වේ.මේහිදි ග්ලුටන් සංවේදි රෝග ලක්ෂණ ලෙස  පාචනය ,බඩරිදුම,මහන්සිය,ඉදිමිම,විසාදිය ආදිය වේ.
non-celiac gluten sensitivity පිළිබද පැහැදිලි අර්ථකථනයක් නොමැති වුවද රෝග විනිෂ්චයේදිරෝගියා ග්ලුටන් සදහා සෟණලෙස ප්‍රතික්‍රියා කරයි . නමුත් celiac  රෝගය හා අසාත්මිකතාවයන් සමාන නොවේ.කෙසේ වුවද සමහර විශේඥයන්ට අනුව මෙය ඇත්තම තත්වය නොවේ.ඔවුන් සිතන ලෙස ග්ලුටන්වලට අමතර දව්‍යයකද  අහිතකර බලපැමක් ‍වේ.
ග්ලුටන් රහිත ආහාර ලබාදි ග්ලුටන් අසාත්මික මිකිසුන් 400 යොදා කරන ලද අධ්‍යනයකදි  මිනිසුන් 26 කට පමනක් celiac රෝගය ඇති බවදදෙදෙනෙක් තිරැගු ආසාදිත යන්ද 27 වෙනත් රෝග ද  අනෙක් 364 ග්ලුටන් සංවේදි  බවද පෙන්නුම් කරයි.
එනම් 400 මිනිසුන් ග්ලුටන් අසාත්මක බව සිතුවද ඉන් 55 පමනක් ග්ලුටන් අසාත්මික වි ඇත.එමනිසා මිනිසුන් බොහෝ දෙනා ග්ලුටන් අසාත්මික රෝග ලක්ෂණ ඇතැයි සිතුවද ඇත්තවශයෙන්ම වෙනත් හේතු ඔහුන්ගේ රෝග ලක්ෂණ වලට හේතු වේ.
බොහෝ මිනිසුන් ග්ලුටන් සදහා සෟනකාරි ලෙස ප්‍රතිචාර දැත්කුවද මෙය celiac  රෝගය නොවන අතර  non-celiac gluten sensitivity, ලෙස හැදින්වුවද මෙම තත්වය විවාදාත්මක වේ.
Celiac රෝගය සහිත පුද්ගලයන්      හට පාචනය බඩරිදුම ගැස් හා සමේ කුෂ්ඨ දැක ගත හැක.මෙම තත්වය බඩ වැල තුවාල කරන අතර සමහර පෝෂක වර්ග අශෝෂණයට බලපායි. බොහෝ මිනිසුන් ග්ලුටන් සදහා සෟනකාරි ලෙස ප්‍රතිචාර දැත්කුවද මෙය celiac  රෝගය නොවන අතර  non-celiac gluten sensitivity, ලෙස හැදින්වේ.
දැනට මේ හදුනා ගැනිම සදහා සායනික ක්‍රම නැත.කෙසේ වුවද ග්ලුටන් යනු විවාදාත්මක මාතෟකාවති.සමහර වෛද්‍ය වරු celiac  රෝගය නොමැතිවිට ග්ලුටන් අහිතකර නොවන බව පවසන අතර තවත් සමහර වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ සියළුම ආකාරයේ සෞක්‍යමය ප්‍රශ්ණ සදහා මුලික හේතුව ග්ලුටන් බවයි.
ග්ලුටන්  ආන්ත්‍රික පාරගම්‍යතාවය පාලනය කරන Zonulin, සක්‍රිය කරයි.
අධ්‍යනවලදි හදුනා ගෙන ඇති පරිදි ග්ලුටන් බඩවැලේ පරගම්‍යතාව වැඩි කිරිමට හැකිවන අතර ප්‍රතිශක්තිමය ප්‍රතිචාර සදහා හේතු වේ.ප්‍රදාහයන් හේතුවෙන් අහිතකර බව හදුනා ගන්නා දව්‍ය සදහා  ප්‍රතිශක්තිකරන පද්දතිය  ප්‍රතිචාර දක්වයි. ප්‍රදාහය යනු ශිරුරේ ස්භාවික ආරක්ෂක උපක්‍රමයක් වන අතර දිගින් දිගට පවත්නා ප්‍රදාහයන් සමග නිදන්ගතරෝග සම්බන්ද වේ.සංවේදි පුද්ගලයින් ග්ලුටන් ආගන්තුක ආක්‍රමිණයකු සේ සලකා ප්‍රදාහයන් ඇති කිරිමට කටයුතු කරයි.කෙසේ වුවද ආන්ත්‍රික පරගම්‍යතාව හා ග්ලුටන් සම්බන්දව පරස්පර සාධක පෙන්නුම්කරයි.
 Zonulin and Gut Permeability සදහා  ග්ලුටන් වල බලපැම
Zonulin යනු කුඩා අන්ත්‍රයේ  තද ගැප් එකට බලපාන ප්‍රෝටිනයකි. Zonulin කුඩා අන්ත්‍රයට මුදා හල විට තද ගැප් එක සුළු වශයෙන් විවෟත වේ.පාරගම්‍යතාව වැඩිවේ. පර්යේෂණ නල තුල කල අධ්‍යනයේදි ග්ලුටන් මගින් සෛල තුල ඇති zonulin ක්‍රියාකාරි කර ආන්තරික පාරගම්‍යතාව වැඩි කර බව සොයා ගෙන ඇත. කෙසේ වුවද අධ්‍යනයන්ට අනුව සෛල තුල  zonulin ප්‍රමානය celiac රෝගින්ගේ අධික වේ.
ග්ලුටන් සංවේදි පුද්ගලයින් සදහා මෙහි බලපැම
එබැවින් අධ්‍යන වලදි ස්තිරවම දැනගෙන ඇති පරිදි ග්ලුටන් මගින් celiac රෝගින්ගේ  ආන්ත්‍රික පාරගම්‍යතාව සුලකියයුතු ප්‍රමානයෙන් වැඩි කරයි.
Celiacරෝගය නොමැති පුද්ගලයන්ට මිශ්‍ර පථිපල ඇති කරයි.පර්යේෂණ නල තුල කරන ලදප්‍රථිපල  අනුව ග්ලුටන් මගින් ආන්ත්‍රික පාරගම්‍යතාව වැඩි කරයි.නමු1ත් මෙය මිනිසා මගින් පරික්ෂණ කර නැත. එක් සායනික අධ්‍යනයකදි වේදනාකාරි ආන්ත්‍රික රෝග සහිත රෝගින්ගේ ග්ලුටන් මගින් ආන්තරික පරිගම්‍යතාව වැඩිකරන බව සොයා ගෙන ඇත.
පුද්ගල  සෞඛ්‍යය  බලපැම
 ග්ලුටන් මගින් සෛල තුල ඇති zonulin ක්‍රියාකාරි කලද හැමදෙනාටම එකම ආකාරයෙන් බලනොපානු ඇත.එබැවින් celiac රෝගින් හා IBS(Irritable bowel syndrome) සහිත රෝගින්ගේ ආන්තරික පරගම්‍යතාව වැඩි කරන අතර  නිරෝගි පුද්ගලයන්ට බල නොපානු ඇත.
ආන්ත්‍රික සිදුරු සදහා බලපාන සාදක
මෙහිදි ග්ලුටන් ආන්ත්‍රික සිදුරු සදහා  මුලිකම හේතුව වුවද එකම හේතුව නොවේ. වෛද්‍ය විශේෂඥයින් තවමත් මේ පිළිබද තෙරුම් ගනිමින් සිටියද මේ සදහා හේතුවන කරුණු කිහිපයක් මේ සදහා බලපායි.
·          අහිතකර අහාර :- තෙල් හාපිටි අධික ආහාර
·         ආතතිය ;-  දිගු කාලින ආතතිය මගින් බඩවැල හා මොලය ඇති සම්බන්දතාව වෙනස් කර ඔනැම ආකාරයක ආන්ත්‍රික රෝග සදහා ආරම්භය සපයන අතර ආන්ත්‍රික පරගම්‍යතාව වැඩි කරයි.
·         ප්‍රදාහයන් ;- නිදන්ගත ප්‍රදාහයන් බොහෝ නිදන්ගත රෝග සදහා සහභාගිවන සේම ආන්ත්‍රික පාරගම්‍යතාව වැඩි කරයි
·         Poor gut flora;-.අහිතකර  හා හිතකර බැක්ටිරියාඅතර සමබරතාව වෙනස් වු විට ආන්ත්‍රික සිදුරුසදහා හේතු වේ
·         සින්ක් ඌනතාවය:- සින්ක් හිගකම ආන්ත්‍රික පරගම්‍යතාව වැඩි කරන අතර විවිධ ආන්තරික ප්‍රශ්ණ සදහා හේතු වේ.
·         ඉස්ට්;- ඉස්ට් ස්භාවිකව බඩවැලෙහි පවතින අතර ඉස්ට් වර්ධනය වන විට  ප්‍රශ්ණ ඇතිකරයි.
සියළුදෙනාම ග්ලුටන් වලින් වැලකිය යුතුද?
ග්ලුටන් සමහර පුද්ගලයින් සදහා සැලකිය යුතු ප්‍රශ්ණ ඇති කරයි.සිලියැක් රෝගින් ග්ලුටන් මගින් ආන්ත්‍රික පාරගම්‍යතාව වැඩි කරන අතර ප්‍රතිශක්තිකරන ප්‍රතික්‍රියා හා ප්‍රදාහයන් වැඩි කරයි.කෙසේ වුවද ග්ලුටන් හා ආන්ත්‍රික පාරගම්‍යතාව අතර සම්බන්දය ඉතා සංකිර්ණ වන අතර මේ වන විටත් ඉතා පැහැදිලිව තෙරැම් ගෙන නැත.එබැවින් වර්ථමානය වන විට නිරෝගි පුද්ගලයින්ගේ  සිදුරැ සහිත බඩවැල් හා ආන්ත්‍රික පාරගම්‍යතාව වැඩිකිරිම සදහා ග්ලුටන් උදව් වන බවට ස්ථිර සාක්ෂි නොමැති නමුත් ග්ලුටන්  සංවේදි ලක්ෂණ ඇතිවිට ආහාරයෙන් ග්ලුටන් ඉවත් කිරිම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය හැක.
ආන්ත්‍රික සෞඛ්‍යය බලපාන සාදක
බඩවැලෙහි සෞක්‍යයවර්ධනය හා සිදුරැ සහිත බඩවැල් ඇතිවිම වැලක්විම වැඩිදියුණු කිරිමට බඩවැලේ හිතකර බැක්ටිරියා ගහනය වැඩිකරගත යුතුය.එනම් හිතකර බැක්ටිරියා බඩවැලෙහි වැඩි කරමින්අහිකර බැක්ටිරියා වර්ධනය වැලැක්විය හැක.
 ආන්ත්‍රික සෞඛ්‍යය වැඩි කල හැකි ක්‍රම
·          probioticsගැනිම: Probiotics  යනු අන්ත්‍රෙය් සෞක්‍යයට හේතු වන හිතකර බැක්ටිරියා වේ.මේවා යෝගට් වැනි ආහාර මගින්ද ප්‍රතිපුරක ලෙසද ලබා ගත හැක.
·         ශුද්ධ කල කාබෝහයිට්රේට් වලින් වැලකිම :-සිනි රසගන්වන ලද බිම වර්ග සිනි එකතු කල ආහාර ශුද්ධ කල තිරිගු පිටි වලින් වැලකිම.මෙම ආහාර මත බඩවැලෙහි ඇති අහිතකර බැක්ටිරියා වැඩි දියුණු වේ.
·         බහුලව තත්තුමය ආහාර ගැනිම: ජිරක තන්තු වැඩි ප්‍රමානයක් ඇති පළතුරු. එළවළු හා රනිල බෝග බඩවැලෙහි හිතකර බැක්ටිරියාවන් ආහාරයට ගන්නා නිසා මෙමගින් ඔවුන් හොදින් වර්ධනය වේ.
බඩවැලෙහි හිතකර බැක්ටිරියා වර්ධනය කර  ආන්ත්‍රික සෞක්‍යය වර්ධනය කර ගැනිම leaky gut syndrome වලක්වා ගැනිමට හේතු වේ
   සංවේදි පුද්ගලයන්ට ග්ලුටන් මගින් සැලකිය යුතු ප්‍රශ්ණ ඇති කරන අතර celiac disease හා IBS සහිත පුද්ගලයින්ගේ ආන්ත්‍රික පාරගම්‍යතාව වැඩිකිරිම (leaky gut ) සදහා ග්ලුටන් හේතුවේ. කෙසේ වුවද නිරෝගි පුද්ගලයින් සදහා මෙමගින් ප්‍රශ්ණ ඇති නොකරයි.
ඔබ ග්ලුටන් සංවේදි බව ඔබට දැනේ නම්  ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ජා කිරිම වැදගත් වන අතර ග්ලුටන් රහිත ආහාර ගැනිමටද සැලකිය යුතුය.
උපුටා ගැනිම
AUTHORITY NUTRITION 
 Daily articles, based on  studies and written by experts.
සැකසුම :
එස්.ඒ. පි. ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
කරන්දෙණිය

0 comments:

Post a Comment