Saturday, March 11, 2017

වංචාකරු එදා නියෝජ්‍ය ඇමති, අද සංවිධායක එදත් අදත් පොලීසිය නිහඬයි.



රාජපක්ෂ රෙජිමයේ නියෝජ්‍ය ඇමති පදවියකින් පිදුම් ලබා සිටි පුත්තලමේ බී.ඇන්ටනී වික්ටර් පෙරේරා ට එරෙහිව එල්ල වී තිබෙන දුෂණ හා වංචා චෝදනා හමුවේ පොලීසිය ගොලූ වී ඇත. බිහිරන් වී ඇත. අන්ධයින් වී ඇත.

මෙම දුෂණ සිදුකර ඇත්තේ 2014 වසරේදී ය. යහපාලනය තුළවත් යුක්තිය ඉටුවේය යන අපෙක්ෂාවෙන් හේ බලා සිටියේය. එහෙත් අද මේ වංචාකාරයා පදවි දෙකකින් පිදුම් ලබා තිබේ. එ් සිරිසේන ජනාධිපති ගෙනි.

පී.කේ. චමින්ද 44 හැවිරිදි අයෙකි. පානදුරයේ පදිංචි කරුවෙකි. ඔහු 2017.03.03
පොලිස්පති ඇමතූ ලිපිය හා ලිඛිත පැමිණිල්ල සියල්ල පැහැදිළි කරණු ඇත. 

‘‘පූජිත ජයසුන්දර මහතා, 
පොලිස්පති, 
පොලිස් මූලස්ථානය, කොළඹ 01.

රුපියල් ලක්ෂ තුනක වංචාව අධිකරණයට වාර්තා නොකර 
වංචාකරුව අරක්ෂා කිරීම.

මෙම වංචාව පිළිබඳව මා විසින් 2017.01.26 දාතමින් ඔබ වෙත කරන ලද පැමිණිල්ලට දැනට මාස 03 ක් ගතව ඇත. නමුත් අඩුම වශයෙන් එකී පැමිණිල්ල බාරගත් බවට හෝ ලැබුණ බවට හෝ දැණුම් දීමක් නොමැත.

සිද්ධියට වසර 3 කට වැඩි කාලයක් ගතව ඇත. හලාවත පොලීසියට කළ පැමිණිල්ලේ අංකය හා දිනය, 281/8/CIB(1)  2015.11.16 වේ.

මෙයට හේතුව, මෙම වංචාකරු බී. වික්ටර් ඇන්ටනී පෙරේරා දැනට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ, පුත්තලම ආසනයේ සංවිධායක සහ පුත්තලම දිස්ත‍්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂක ද වීමය. ඔහුට රජයේ දීමනා හා වාහන ලබා දී ඇත.

මොහු මෙම වංචාව සිදු කළේ පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය ඇමති වශයෙන් සිටියදී ය.

මෙම පසුබිම තුළ මොහුට විරුද්ධව නීතිමය පියවර ගැනිමට හැකියාව පොලීසිය ට නොමැති ද?

මේ සමග මාගේ මුල් පැමිණිල්ලේ පිටපතක් ඔබගේ පහසුව පිණිස යළි ඉදිරිපත් කරමි. කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,
අ.ක/පී.කේ. චමින්ද









































































No comments:

Post a Comment