Saturday, March 11, 2017

පොලීසිවලට කප්පන් නොදුන්න නිසා බොරු නඩු දැම්මා. සුදු හඳුන් මංකොල්ල කෑවා.



මාතලේ හා රත්තොට පොලීසිය ඉහළ නිලධාරීන්ගේ පූර්ණ සහය හා ආවරණය යටතේ, උසාවිය දඩමීමා කරගෙන කරන ලද මංකොල්ල කෑම් පිළිබඳව ශ‍්‍රී රාජ් ගනේෂ්වර වික‍්‍රමසූරිය මහතා විසින් සියලූ බලධාරීන්ට ලියන ලද ලිපිය පහත දක්වමු.





01. සභාපතිනිය              
     මානව හිමිකම් කොමිෂන් සභාව        
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08

02. ලේකම්
     ජාතික පොලිස් කොමිෂන් සභාව                           
     අංක 09 ගොඩනැගිල්ල
      ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය
    බෞද්ධාලෝක මාවත
    කොළඹ 07

03. පොලිස්පති                  
     පොලිස් මූලස්ථානය         
     කොළඹ 01


ව්‍යාජ චෝදනා නගා නඩු පවරා සිදුකරන පළි ගැනීම්.

ශ‍්‍රී රාජ් ගනේෂ්වර වික‍්‍රමසූරිය, අවු: 49 යි, ජා.හැ.අ. 672490537 ඪල විවාහක, දරුවන් 02 යි. රැුකියාව: ආයුර්වේද බෙහෙත් විකිණීම. ලිපිනය: 227/1, පල්ලේවේරගම, කයිකාවල, මාතලේ.
දු.අ. 077 5757178

2017.03.02 වන දින දීය.

මාතලේ සහ රත්තොට පොලීසිය විසින් ද්වේශ සහගතව, උසාවිය දඩමීමා කරගෙන සිදුකරණු ලබන මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳව පහත කරුණු ඉදිරි පත් කරමි.

01.
2003.09.08 දින, මාතලේ පොලීසිය විසින් අංක 58424 යටතේ, මා හට ව්‍යාජ චෝදන නගා නඩුවක් පවරණු ලැබීය. 

මෙම නඩුව වසර 13 කට ආසන්න කාලයක් පවත්වාගෙන යමින් ශාරීරික, මානසික සහ ආර්ථික පීඩාවන්ට පත්කරණු ලැබීය.

එක් නඩු වාරයකට ඉදිරිපත් වීමට නොහැකි වී මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ දින විවෘත අධිකරණයේ ඇප තබන ලෙසට නියෝග කරමින් මා දින 03 කට රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබීය.

වසර 13 කට පසුව මෙම නඩුවෙන් මා, අපරාධ නඩු විධි විධාන සංශෝධන පනතේ 188 (2* වගන්තිය ප‍්‍රකාරව මුදාහරිණු ලැබීය.

මට නගා තිබූ ව්‍යාජ චෝදනාව වන්නේ, රු: 18,000/- ක චෙක්පත් වංචාවක් කිරීම සම්බන්ධවයි.

මෙම නඩුව සිවිල් ආරවුලක් අදාල එකක් බව සඳහන් කරමි.

02.
2011.04.28 දින රත්තොට පොලීසිය විසින් අංක 97772 යටතේ, මා හට ව්‍යාජ චෝදනා නගා නඩුවක් පවරණු ලැබීය.

නගා තිබූ චෝදනාව වූයේ රු: 286/ ක් වටිනා කි.ග‍්‍රෑ. 1.430 ක් බර සුදු හඳුන් දැව කැබැල්ලක් ප‍්‍රවාහනය කිරීම, මෙම නඩුව වසර 05 ක් පැවති අතර, 2016.06.17 වන දින ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 88 වන වගන්තිය අනුව නඩුව පවත්වාගෙන නොයන බව ප‍්‍රකාශ කර මා නිදහස් කරන ලදි.

03.
2011.07. 27 දින මාතලේ පොලීසිය විසින් අංක 13889 යටතේ  මා හට ව්‍යාජ චෝදනා නගා නඩුවක් පවරණු ලැබීය.

එම නඩුව පවරන ලද්දේ නීත්‍යානුකූලව මා සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ තිස් පහකට වැඩි වටිනාකමකින් යුත් සුදු හඳුන් ඝණ මීටර් 02 ක් අත්අඩංගුවට ගෙන එකී සුදු හඳුන් අධිකරණයට ඉදිරිපත් නොකර වයාජ චෝදනාවක් නගාය.

චෝදනාවේ ස`දහන් වන්නේ සුදු හඳුන් ගසක් කපා එහි දැව කොටස් සන්තකයේ තබාගෙන ය.

‘බී’ වාර්තාවේ සඳහන් වන්නේ සඳුන් දැව කඳන් 06 ක් ළඟ තබා ගැනීමය. චෝදනාවේ හෝ බී වාර්තාවේ අත්අඩංගුවට ගත් සුදු හඳුන් ප‍්‍රමාණය සඳහන් කර නැත.

වසර 05 කට පසුව 2016.03.09 දින, චූදිතට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යාම සිදු නොකර බව දැණුම් දීම මත මා මුදාහරිණු ලැබීය.

04.
2014.01.21 දින, අංක B/ැු1322/ැු14 යටතේ මට බොරු නඩුවක් පවරන ලදි.

‘බී’ වාර්තාවෙන් කියා සිටින්නේ රු: 28,400/- ක් වටිනා ටයර් දෙකක් ලබාගෙන අගරු චෙක්පතක් දී වංචා කළ බවය.

වසර 1 1/2 කට පසුව, චෝදනාව සිවිල් ආරවුලකට අදාල යැයි පවසමින් මා මුදා හරින ලෙසට අධිකරණයෙන් කළ ඉලල්ම මත මාව මුදා හරිණු ලැබීය.

05.
මේ ආකරයටම මා හට විරුද්ධව මා හට විරුද්ධ මුදල් වංචා කළ බවට වන ව්‍යාජ චෝදනාවක් මැදිරිගිරිය පොලීසිය විසින් මට එරෙහිව පවරා තිබේ.

එහි අංකය B 1201/ැු13 වේ. සිවිල් ආරවුලක් අපරාධයක් බවට අධිකරණයට පෙන්වා අධිකරණය භාවිතා කරමින් මා පීඩාවට පත් කිරීමකි.

06.
2012 වසර මා හට රුපියල් එක් ලක්ෂ හැට හත් දහස් තුන්සිය පහළොවක් (රු: 164,315/-)වටිනා, වසා ඇති ගිනුමක චෙක්පතක් දී කරන ලද වංචාව මවිසින් MCR42/ැු12; C 2 181/ැු206 යටතේ රත්තොට පොලීසියට කරන ලද පැමිණිල්ල අද දින දක්වාම යටපත් කරගෙන සිටී.

මෙම පැමිණිල්ල ට අදාලව වංචා නඩුවක් පැවරීමට තමන්ට නොහැකි බව රත්තොට පොලීසිය කියා සිටී. එසේ කියමින් මේ දක්වාම කිසිදු පියවරක් ගෙන නොමැත. 

07.
2010.11.09 වන දින, මාතලේ කයිකාවල, පල්ලේගම, වේරගම, 227/1 පිහිටි මාගේ නිවසට පිරිසක් විසින් ගිනි තබන ලදි. අලාභය රුපියල් ලක්ෂ හතරකි. මේ ගිනි තැබීම පිළිබඳව මා එදිනම එනම්, 2010.11.09 වන දින 2010රැු127 – CIBතේ පැමිණිලි කළෙමි. 

එයට මාසයකට පෙර මා හා ඉඩම් ආරවුලකට සම්බන්ධ ‘සමන්ත බේක් හවුස් ලොකු පුතා’ නැමති අය හා තවත් පිරිසක් සමග මා වෙත පැමිණ ඉඩමෙන් පිටවන ලෙස නියම කරන ලදි. එම තර්ජනය පිළිබඳ මා එ් අවස්ථාවේදීම රත්තොට පොලීසියට පැමිණිලි කළ ද එය බාරගත්තේ නැත. 

මෙම සියලූ කරුණු වලින් මනාව පැහැදිලි වන්නේ මෙම පොලිස් ස්ථාන දෙකේ ස්ථානාධිපතිවරුන්  හට මා විසින් කප්පම් නොදීම නිසා පළිගැනීමට,
1. බොරු නඩු දැමීමට හා
2. මාගේ පැමිණිලි බාර නොගැනීමට 
ක‍්‍රියා කළ බවයි. 

මා ඉල්ලා සිටින්නේ මා ඉහත සඳහන් කළ කරුණු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්ය.

මෙයට,

ශ‍්‍රී රාජ් ගනේෂ්වර වික‍්‍රමසූරිය

No comments:

Post a Comment