Office 365 සමඟ එන අලුත්ම Features..

Office 365 සමඟ එන අලුත්ම Features..

2114
1
SHARE

Office 365 ආවේ පරිපූර්ණ tools list එකක් සමඟයි.එය ඔබ අපි සැමටම ඉතා ඵලදායක බව මා මීට පෙර ලිපි සමඟ සඳහන් කරා. ඒ මන්දයත් අවුරුදු ගණනාවක්ම අපි office application එක use කරද්දී අපිට එහි තිබෙන habits මතක තබා ගන්න, හසුරුවන්න හරිම පහසුයි. උදාහරණයක් විදියට අපි හිතනවා අපිට හැම වර්ගයෙම shortcuts මතකයි කියලා. ඒත් අපි හැම මොහොතකම use කරන්නෙ අපිට familiar apps විතරයි නේද? එහෙම වෙද්දී අපිට new features මඟ හැරෙන්න තියන ඉඩකඩ වැඩියි. මෙන්න මේ නිසා Microsoft එකට අවශ්‍ය වුණා එයාලගෙ business වල products වැඩි දියුණු කරනවත් එක්කම එහි productivity එකත් ඉහළ නංවන්න.

ඔබ Word, Excel, PowerPoint නිතර නිතර භාවිතා කරනව නම් මේ අලුත් කරුණු ටික ඔයාට වැදගත් වේවි.

1). Real-Time Co_Authoring

ඔබ Group එකක් සමඟ documentation කරනවා නම් එය අන් අය සමඟ share කර ගන්න OneDrive හරි SharePoint හරි use කරලා ඔබේ අදාළ file එක save කර ගත යුතුයි.ඒ save කරගත්ත file එකේ ඕනෑම වෙනස්කමක් කරන්න ඒ කියන්නෙ file එක edit කරන්න ඔබේ Group එකේ ඕනෑම කෙනෙක්ට පුළුවන්. එසේ සිදු කරන වෙනස්කම් ඒ මොහොතේම අදාළ පුද්ගලයාගේ නම සමඟ ඔබට ඒ document එකේ පෙන්නනවා. මේ Feature එක Group works, Business කරද්දි හැමෝටම වැදගත්.

 

2). Chat with Co-Workers in Office App

ඔබ අහලා තියනවද Skype ගැන? අනිවාර්යයෙන්ම ඔබ ඒ ගැන දන්නවා ඇති.නමුත් ඔබ දන්නවද එය Office 2016 apps සමඟ එක් වී ඇති බව? මේ අලුත් වෙනසත් එක්ක ඔබට පුළුවන් ඔබේ යහළුවන්, නෑ හිත මිතුරන් වගේම ඕනෑම පුද්ගලයෙක් සමඟ chat කරන්න, Screen share කරන්න,ඒ වගේම video conversation පවත්වන්නත් පුළුවන්. නමුත් ඒ application එක close කරාට පස්සෙ ඔබට ඒ අයත් සමඟ chat කරන්න පුළුවන් කමක් නැහැ.
නමුත් මේ වැඩි දියුණු වුනු app එකත් සමඟ ඔබට ඒ අවස්ථාව ලැබිලා තියනවා. ඔබ ඒ application එක close කරත් ඔයාට පුළුවන් conversation එක Skype හරහා ඔබේ phone එකෙන් හරි Desktop එකෙන් හරි එක දිගටම කරගෙන යන්න. ඒ වගේම team එකක් විදියට කතා කිරීමේ පහසුකමත් මේ සමඟ ලබා දී තිබෙනවා.එය ඔබ අප සැමටම සතුටට කරුණක් බව නම් නොරහසක්.

3). Inserting Links to stored files instead of sending entire files to co-workers

Document එකක් share කළ විට Co-authoring සිදු කරන්න පහසුයි.ඔබේ file එක Office 365’s cloud storage එකට Upload කිරීම හෝ email, outlook භාවිතා කර ලිවීම ආදී දේවල් අපිට document share කරන්න use කරන්න පුළුවන්.නමුත් මේ විදියට files attach කරන්නෙ නැතුව cloud එකේ link එක විතරක් ඔබට upload කරන්න පුළුවන්. එතකොට Outlook හරහා document එක share කරන පුද්ගලයින්ට අදාළ document එක බලන්න අවස්ථාව ලැබෙනවා.ඔයාට අවසර තිබෙනවා ඕනම මොහොතක ඒවයේ වෙනස්කම් කරන්න.

මේ විදියට අපි අද කතා කරේ office 365 ත් සමඟ අපිට ලැබුණු අලුත් අලුත් features. මේ වගේ office 365 new Features ගැන අලුත්ම විස්තරත් එක්ක ළඟදීම මුණගැහෙමු.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY