Friday, March 10, 2017

වීරයන් අහිමි සමාජයක සතුරන්ද මරා දමන " බොරදිය පොකුණ"






























විමුක්තියක් පේනතෙක් මානෙක නැති අද වගේ සමාජයක මිනිස්සු තමන් විදින දුක පීඩනය කොහේ හරි ඉන්න සතුරෙකුට මාට්ටු කරලා ඌට පලිගහල හිත හදාගන්න එක ජීවන විලාසිතාව වෙලා, එහෙව් මිනිසුන්ගේ අඪ්‍යාත්මය බොරදිය පොකුන වගේ නිර්මානයක් ඉදිරියේ මේ තරම් සසල වෙන්නේ ඇයි, මේ තරම් බොර වෙන්නේ ඇයි?

ඉතා පැහැදිලිව මේ නිර්මානය ඔස්සේ මිනිසාගේ පරම ගැලවුම්කාර සතුරව තමන් වගේම මිනිහෙක් කරල තමන්ගෙම එකෙක් කරලාඅභිමුක කරලා කට උත්තර නැති කරන හින්ද ඉතින් ඊට පස්සේ අපි කාටද පලි ගහන්නේ?වෛර කරන්නේ? කොහොමද හිත හදා ගන්නේ?
චිත්‍රපටියේ පලමු අර්ධය ගෝතමී හෙවත් ආරියලතගේ හොද නොහොද මුසුවූ ජීවිතය මතින් සතුරෙක් බිහිකරදෙන නිර්මානකරුවාඅ දෙවෙනි අර්ධය තුල යම්තාක් දුරට සතුරාගේ පැත්ත ගන්නවා, පලමුව ගෝතමි නොයෙක දුක්කදොනස්සයන්ට ලක් කරවන නිර්මානකරු දෙවන අර්ධයේදී ඩෙස්මන් නම් පිරිමියෙකුගේ සෙවනේ විඩානිවන්නට සලසමින් විපුල ඇතුලු පාත්‍රවර්ගයෝ මහත් වූ ජීවිත ව්‍යසනයකට ඇද දමයි.(අද අහිමිවන දේ යලි- හෙට දෙපා මුල රැදෙයි, මහරජ ගැමුනු චිත්‍රපටියේ ගීතයක් ) විපුලගේ ජනේලය ලග බැගෑපත්වන ගෝතමීට දෙවෙනි අර්ධයේදී තමගේ නිවසේම දොර ලග විපුල රස්තියදුකරන තරමට අධ්‍යක්ශකවරයා (අ )කාරුනික වන නමුදු එය ඇසට ඇස ලෙයට ලෙය දක්වා පලිගැනීමකට ලඝු නොකරන්නට වගබලා ගනී. එනඉයින් මෙය හුදු පුද්ගල සටනකකට වඩා පුලුල් තැනකට ඔසවා තබන්නට දරන අරමුන අනගිභවනීයයි, ඉතින් මේ ජීවිත අර්බුදයට වගකිය යුත්ත්තෝ කවුරුන්ද, කිමෙක් නම් මේ දිවි විත විශ විතක් කලහුද? සමස්තය අප තුල නගන පැනය එයයි. 

සමාජ අධිපති මතවාදයට අනුව දෙකයි පනහේ ගාර්මන්ට් කෙල්ලො තුන්දෙනෙක් ලව්වා මේ වැඩේ කරන්න අධ්‍යක්ශකවරයා ගොතන වියමන අති සරල ඔලුවෙ කැක්කුම හැදෙන රූපවලි වලින් තොර වීම විශිශ්ට ප්‍රයත්නයක්.අරියලතාගේ කරාඹු දෙක, පිටිපස්සෙන් පටි ගැටගහන ගවුම් විලාසිතා, හමුදා සෙබලෙකු වන විපුල කලිසම අදින විදිහ, කමිසේ අත නවන විදිහ, ඇතුලු සියුම් අතිවිශේශ සවිස්තරයන් ඔස්සේ සරල රූපරමු පුරවාලමින් ගෙතෙන රූපාවලිය හදවතේ ගැබුරුම තැනට ආමන්ත්‍රනය කර චරිත ඉපදෙනව,ගෝතමී මනමාලියක් ලෙස කොන්ඩෙ ලෙන්සුවකින් ගැටගහගෙන කට්ලට් බැදීම වැනි සියුම් හැසිරීම් තුලින් වචනවලින් කිවනොහැකි චරිත ලක්ශන මතුකරමින් චරිත ජීවමාන කරනව, එවන් විශිශ්ට නිරීක්ශනයන් නිර්ව්‍යජ කලකරුවෙකුගේ හැඩය උද්දීපනය කරනව, 
එපනකද නොව සියුම් අවස්තා සම්බන්දය මනා ස්න්යමයකින් ගොඩනගීන මෙහි ඇති අනෙක් සුවිශේසත්වයක්, උදාහනයක් ලෙස ගෝතමීගේ පිඩිත ජීවිතයේ උච්චතම අවස්ථාව වන විපුල යලි මන්ගලා සොය එන දින බොඩිමේ සිදුවීම් පෙල අමතක නොවන සුලු සිනමාත්මක අවස්ථාවකි.
චිත්‍රපටිය තුල සන්කෙත බාවිතය පිලිබද යමක් කියන්නට තරම් සිනමාත්මක දැනුමක් නොතිබුනත් යම් යම් අවස්ථා වල පසුතලයෙහි ඓන්දිරියව බැදී එන සන්කේතාත්මක ප්‍රකාශනය කුළුගැන්වීමට උත්සුක උවානම් විපුල ඵලනෙලගැනීමට ඉඩ තිබිනි., උදාහරනයක් ලෙස ගෝතමී සහ විපුල කලපුවක් අද්දර වැනි තැනක මුන ගැසීමට සැලස්වීම එවන් රූපමය සත්කාරයකි, 
පසෙකින් කුනු ඇලක් කලපුව මතුවේ උරුම නියත මරනය සොයා පැමිනෙයි, ඒ හා සමාන්තරව ගමන් ගන්නා පටු පාරටද අවසානය උරුම උවත් යලි ඒ මග ඔස්සේ ආපසු ගොස් අලුත් මාවතක් සොයා ගත හැක, එහෙත් ඇලකට ආපසු ගමන් හිමි නැත , අනෙක් පස පුරා නිහඩ ගැඹුරු කලපුදිය සෙලවෙයි, එහෙත් ඒ කරා ලගාවිය නොහැක්කේ කටුකබ්ම්බි වලින් ඒ ගමන වලකන බැවිනි, ලොවට හොරා ජීවිතේ පිලිකන්නක සිදුවූ එක්තරා කතාවක අවේගශීලී අවසාන ජවනිකාවට මෙතරම් සුදුසු පසුතලයක් වෙන කොහිවෙද?

චිත්‍රපටිය ආරභයේදී පාසල් නාට්‍යක අවශේශ චරිතයක් හිමි වී දුක් වන ආරියලතාට පාසල් ගුරුවරිය පවසන්නේ සිදුහතුන්ට කිරි මව් වූ මහා ප්‍රජාපතී ගෝතමී යනු උතුම් කාන්තා චරිතයක් බවයි එහෙත් ඒ චරිතය මොහොතකට කලින් ගරු සබාව මැද පිරිනොනැමුනේ ඇයිද? යන්න ගුරුවරියගෙන් ඇසීමට අරියලතා කුඩා වැඩිය. එහෙත් අධ්‍යක්ශකවරයෙක් ලෙස සත්‍යජිත් කැත - කළු පීඩිත අවවරප්‍රසදිත චරිතයක් බන්දෙසියේඅ තබා මහසබා මැද පිලිගන්වන්නට තරම් නිර්බීත වෙයි, එනයින්ද නොනැනවති ඒ චරිතය හුදු අනුකම්පාව ජනනය කරන අනේ අපොයි කියන චරිතයක් නොකොට විවරනය කරයි, ඒ අර්ථයෙන්ද සත්‍යජිත් සිනමාව තුල මහත් මෙහෙවරක නියැලෙයි

සමස්තය තුල ගොඩනගන ජීවිත අර්බුදයට එනම් මේ ජීවිතය නම් බොරදිය පොකුණ පාදාගන්නට විසදුම් දෙකක් ඇතිබව මේ චිත්‍රපටිය සන් කරයි, එකක් නම් සැබෑ ආර්තික සමාජීය සන්ස්කෘතික වෙනසකි, අනෙක නම් බුදු දහම ආශ්‍රිත යම් විමුක්ති මර්ගයක්ද ඇති බවයි, එහෙත් සත්‍යජිත් කෘතහස්ත කලාකරුවෙකු ලෙස ඉන් එකදු මාර්ගයක් වෙත හෝ කොල එලි නොදල්වයි, එයද අපි අපිට් තම තම නැන ලෙස සොයා පාදා ගන්නට ඉඩ දෙයි.

මම මේ චිත්‍රපටිය සත් වසක් පමා වීම ගැන විටෙක සතුටු වෙමි, විටෙක දුක් වෙමි, මේ චිත්‍රපටිය කලට වෙලාවට ප්‍රදර්ශනය කලා නම් මේ තරම් සසලවීමක් සිදූවන්නට ඉඩ තිබිනි ඒ මේ තරම් සතුරන් එදා නොසිටිය බැවිනි, එහෙත් එය සිදූවානම් සත්‍යජිත් තවත් චිත්‍රපටි අඩුගානෙ තුනක්වත් නිර්මානය කරනු ඇතැයි සිතා දුක් වෙමි. එහෙත් සත්‍යජිත් පලමු චිත්‍රරපටියෙන්ම චිත්‍රපටි දහයක අඩුව පුරවා ඇති නිසා දුක් වීමටද හෙතුවක් නැත

No comments:

Post a Comment