Thursday, December 8, 2016

පරිපාලනය ගමට ගෙනයමු!

මූලාශ්‍රය
අද තොරතුරු තාක්ෂණ යුගයක් කියල කියනවනෙ...
අපි ලොකු කථා කියනව...
නමුත් එදා ගමේ ආරච්චි, අද ග්‍රාම නිලධාරි පදිංචි සහතිකය දෙන්නෙ, හැඳුනුම්පත හදන්නෙ ආදිය කරන්නෙ අවුරුදු ගණනක් පැරණි එදා ක්‍රමයටමයි...

ඇයි අපිට බැරි පුංචි ඇප් එකක් හදල, ග්‍රාම නිලධාරි මහතාට ස්මාර්ට් ජංගම දුරකථනයක් හරි ටැබ් එකක් හරි දීල, ඒ දෙන ලේඛන එතුමගෙ කාර්යාලයෙන්ම සර්වර් එකකට අප්ලෝඩ් කරන්න. 
එතකොට ලේඛණ වල නිරවද්‍යතාවයත් රැකෙනව... ඒව හුවමාරු වීමේ ප්‍රමාදයත් වැළකෙනව...
ඕනෙම තැනකින් අවශ්‍ය ආරක්ෂණ ක්‍රම සහිතව ඩවුන් ලෝඩ් කරගන්නත් පුලුවන් වෙනව... 
මුල්පිටපත ග්‍රා/නි කාර්යාලයෙ හරි, අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාලෙ හරි ගබඩා කරල තියන්න පුළුවන්...
අගනගරෙ කාර්යාලවල ඉඩකඩ ගැටළුවත් යම් තරමකට විසඳෙනව...

මේ ගැන ඔබ දක්වන අදහස් අගේ කරනව...

මේව දකින බළධාරීන්ගෙ නෙත මේ වගේ අළුත් අදහස් වෙත යොමුවෙන්න, පුලුවන් තරම බෙදා හරිමු!

-ආරච්චි-

No comments:

Post a Comment