දැල් පන්දු ශූරතාවය නීති පීඨයට – දෙවන හා තෙවන ස්ථාන විද්‍යා  පීඨයට

Share

කොළඹ විශ්වවිද්‍යාලයීය නවක සිසුන්ගේ ක්‍රීඩා උළෙලේ සයවන දිනය දැල්පන්දු ක්‍රීඩාව සමඟින් නිමාවට පත්විය. කාන්තා අංශයෙන් පමණක් පැවති මෙම තරඟාවලිය සඳහා විද්‍යා පීඨය, ශාස්ත්‍ර පීඨය, කළමණාකරණ හා මූල්‍ය පීඨය නියෝජනය කරමින් කණ්ඩායම් දෙක බැගින්ද, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය, නීති පීඨය, වෛද්‍ය පීඨය හා ශ්‍රීපාලී මණ්ඩපය නියෝජනය කරමින් එක් කණ්ඩායමක් බැගින් ද සහභාගී විය.

විද්‍යා පීඨය හා කළමනාකරණ හා මූල්‍ය පීඨ B කණ්ඩායම අතර පැවති පළමු තරඟය ඉතාම තියුණු තරඟයක් වූ අතර විද්‍යා පීඨ B කණ්ඩායම ඉන් ජයග්‍රහණය කරන ලදි. ශාස්ත්‍ර පීඨ B කණ්ඩායමට ඉන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය සමඟ පැවති තරඟයෙන් ජය අත් විය. වෛද්‍ය පීඨ කණ්ඩායම තරඟයෙන් ඉවත් වූයේ කළමනාකරණ හා මූල්‍ය පීඨ A කණ්ඩායම හමුවේ පරාජය වෙමිනි. ඉන් අනතුරුව පැවති ශ්‍රීපාලී මණ්ඩපය හා ශාස්ත්‍ර පීඨ A   කණ්ඩායම අතර තරඟයෙන් ශ්‍රීපාලී මණ්ඩපය ජයග්‍රහණය කරන ලදි. ශාස්ත්‍ර පීඨ B කණ්ඩායම ඉන් අනතුරුව නීති පීඨ කණ්ඩායම සමඟ තරඟ වැදුන අතර නීති පීඨ කණ්ඩායම ඉන් ජය තහවුරු විය. කළමනාකරණ හා මූල්‍ය පීඨ A කණ්ඩායමට විද්‍යා පීඨ A කණ්ඩායම හමුවේ පරාජය වීම නිසා තරඟයෙන් ඉවත් වීමට සිදුවිය.

අවසන් පූර්ව වටයේ පළමු තරඟය විද්‍යා පීඨ B කණ්ඩායම හා නීති පීඨ කණ්ඩායම අතර පැවති අතර එයින් ජය අත් වූයේ නීති පීඨ කණ්ඩායමටයි. දෙවන තරඟයෙන් විද්‍යා පීඨ කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලැබුවේ ශ්‍රීපාලී කණ්ඩායම පරාජය කරමිනි. ශ්‍රීපාලී කණ්ඩායම සමඟ තියුණු තරඟයකින් අනතුරුව විද්‍යා පීඨ B කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගන්නා ලදි. විද්‍යා පීඨ A කණ්ඩායම අනු ශූරයන් බවට පත් කරමින් නීති පීඨ කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදි.

සමස්ත තරඟාවලියම ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් අතර සියලු කණ්ඩායම් එකිනෙකාට නොදෙවෙනි අයුරින් ක්‍රීඩා කරන ලදි. කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කළ පීඨ අතරින් විද්‍යා පීඨ කණ්ඩායම් දෙකටම දෙවන හා තෙවන ස්ථාන ලබා ගැනීමට හැකි වීම සැමගේ අවධානයට ලක් විය. සහභාගී වූ කණ්ඩායම් සියල්ලටම FOS Media අපගේ උණුසුම් සුභාශිංසන පිරිනමමු.

https://www.facebook.com/pg/fosmedia/photos/?tab=album&album_id=1581763295171769

 චමෝදි රවීෂා පෙරේරා

 
Tagged :