Windows 10 වල picture password එකක් set up කරගන්නේ මෙහෙමයි.

Windows 10 වල picture password එකක් set up කරගන්නේ මෙහෙමයි.

2283
1
SHARE

අපි සාමාන්‍යයෙන් අපේ PC එකට log වෙන්නේ password එක type කරලා. ඒත් Windows 10 වලට sign in වෙන්න PIN, picture password වගේ basic account sign in options වගේම Windows Hello වගේ advanced sign in options හදුන්වාදීලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ type කරන password එක වෙනුවට Windows 10 වලට sign in වෙන්න picture password එකක් set up කරගන්න විදියයි. ඒක කියන්න කලින් අපි බලමු මොකක්ද මේ picture password කියන්නෙ කියලා.

මේකෙදි වෙන්නේ පින්තුරයක් උඩ අපි කලින් define කරපු gestures නිවැරදි විදියට ඇදලා, පින්තූරය නිවැරදි විදියට tap කරලා එහෙම නැත්නම් පින්තුරයක් උඩ අපි කලින් define කරපු shapes නිවැරදි විදියට ඇදලා Windows 10 වලට sign in වෙන එකයි. ඇත්තටම දිග password එකක් මතක තියාගන්නවට වඩා මේක ගොඩක් පහසුයි. ඉක්මන්. ඒ වගේම එක්තරා විදියක විනෝදයකුත් තියෙනවා. picture password කියන්නෙ PIN වගේම secure option එකක්. හැබැයි මේකෙන් regular password එකට, PIN එකට වඩා අමතරව ආරක්ෂාවක් නම් හම්බ වෙන්නේ නැහැ. sign in options ගොඩක් දීල තියෙනවනම් ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමැති option එක select කරලා ඒකෙන් sign in වෙන එකයි.

picture password, touch screen වලට නම් ගොඩක් ගැලපෙනවා. හැබැයි ඔයා ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද තෙල් දුවිලි screen එකේ තිබ්බොත් ඔයාගේ gesture pattern එක වෙන කෙනෙක් දැන ගන්න පුළුවන් නිසා.

හරි, මම දැන් කියන්න යන්නේ කොහොමද picture password එකක් setup කරගන්නේ කියලා. මුලින්ම Windows Key එකත් එක්ක I press කරලා Settings window එකට යන්න. Settings වල තියෙන Account icon එක උඩ click කරන්න.
එතකොට ඔයාව redirect වෙන window එකේ side bar එකේ තියෙන Sign in options උඩ click කරන්න. ඔයාට දකින්න පුළුවන් එතන password options ගොඩක් තියෙනවා. එතනින් Picture password වල Add කියන button එක click කරන්න.
Picture password එකක් add කරගන්න කලින් ඔයාට ඔයාගේ current password එක දීලා මේ account එකේ user ඔයා බව තහවුරු කරන්න වෙනවා. එහෙම කරොත් විතරයි ඔයාට picture password එක add කරගන්න අනෙක් steps වලට යන්න පුළුවන්.
ඊළගට ඔයාට කරන්න තියෙන්නේ Choose picture කියන button එක click කරලා ඔයා කැමති picture එකක් open කරගන්න එකයි.

ඊට පස්සේ Use this picture කියන button එක click කරලා picture එක Confirm කරන්න වගේම Choose new picture click කරලා වෙන picture එකක් select කරගන්නත් පුළුවන්.

දැන් ඔයාට කරන්න තියෙන්නේ image එකේ gestures 3 ක් set කරන එක. ඔය කැමති shape එකක් හරි image එකේ තැනක් tap කරන එක හරි තමයි කරන්න තියෙන්නේ. උදාහරණයක් විදියට මම කරලා තියෙන්නේ image එකේ රතු පාටින් පෙන්නන තැන තුන tap කරපු එකයි. මම sign in වෙද්දී image එකේ මේ තැන තුන නිවැරදිව tap කරොත් විතරයි මට sign in වෙන්න පුළුවන් වෙන්නේ. ඔයා කැමති නම් මේ gestures විදියට picture එක උඩ රවුමක් ත්‍රිකෝණයක් වගේ shape එකක් අදින්නත් පුළුවන්. මේ gestures 3 හරියටම හරිද කියලා තහවුරු කරගන්න ඔයාට ආයෙත් සැරයක් මේ gestures 3 දෙන්න වෙනවා. ඔයාට gesture දෙනකොට වැරදුනා නම් Start over button එක click කරලා ආයෙත් උත්සාහ කරන්න පුළුවන්.
gestures 3 සාර්ථකව confirm කරාට පස්සේ ඔයා දැන් picture password එක setup කරලා අවසන්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY