Sunday, March 5, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- බලපත්‍රය (License)


දකුණු කොරියාවට එන විට මා මගේ ලැප්ටෝප් පරිගණකය රැගෙන ආවෙමි. මට කාර්යාලයෙන් පරිගණකයක් දී තිබුනද මා වැඩ කලේ මගේ ලැප්ටෝප් එක මගිනි. පැමිණ මාස 05ක් ගත වූ තැන මගේ කස්පස්කි අන්තර් ජාල ආරක්ෂකයාගේ කල් ඉකුත් විය. ලංකාවේ පරිගණක අලුත් වැඩියා කරන්නෙකු හරහා එය නැවත අලුත් කිරීමට උත්සහ ගත්තද එය වියර්ත වුනි. ඔහු උපදෙස් දුන්නේ මෙහි අයෙකු ලවා ගැටලුව විසදා ගන්නා ලෙසයි. මා කාර්යාලයේ චෝයි මහතාට ඒ බව කීවෙමි. ඔහු කිවේ හිම සුද්ද කිරීමෙන් පසුව උදවු කරන බවයි. එයින් පසුවද ඔහු කාර්යබහුල විය. මා කිහිපවරක් ඔහු දෙස බලන විට ඔහු මගේ කාර්යාල යෙහෙළියට එය සාදා දෙන ලෙස පැවසුවේය. ඇය ඒ අනුව සැහැල්ලු මෘදුකාංගයක් බාගත කර දුන්නාය. එයට කිසිදු මුදලක් ගෙවිය යුතු නැත. 

ගිය සිකුරාදා මම වඩ් වල වැඩ කරමින් සිටිනවිට එය කිවේ අක්ටිවෙට්කර ගන්නා ලෙසයි. ප්‍රොඩක්ට් කි එකද ඉල්ලා සිටියේය. මා එය කාර්යාලයේ අයට පෙන්වා උපදෙස් පැතුවෙමි. ඔවුන් කිවේ එහි මිල මා උපයන මුදලට වඩා වැඩි බවයි. මෙය පරිපාලන දෙපාර්තමේන්තුවටද වාර්තා වුනි. එහි අංශ ප්‍රදානි කිවේ අපට මගේ ලැප්ටොපය ගැන වගකීමක් නැති අතර කාර්යාලයෙන් ලබා දී ඇති පරිගණකයට පමණක් වග කියන බවයි. 

මට ඇති වූ ගැටලුව කෙසේද බ්ලොග්කරණයේ යෙදෙන්නේද යන්නයි. එනම් සිංහල අකුරු අවශ්‍ය වීමයි. මම කාර්යාල පරිගණකයට යොමු වුනෙමි. එයට google transliteration ඉන්ස්ටලෙඩ් කර ගතිමි. ප්‍රශ්නය විසදා ගත්තෙමි. මේ මා කාර්යාල පරිගණකයෙන් ලියන පළමු බ්ලොග් පොස්ටුවයි. 

මා අද එන විට ලැප්ටොපය ගෙදර තබා පැමිණියෙමි. අපිට ලංකාවේදී බලපත්‍ර නැත. නමුත් මෙහෙදී බලපත්‍ර ඕන වන අතර ප්‍රොඩක්ට් කි මිල අදිකය. ඔවුන් මෘදුකාංග අන්තර් ජාලය හරහා මුදල් ගෙවා බාගත කර ගනී. 

2 comments:

  1. ඔය කේස් එක හින්දම මං එද්දී ඔරිජිනල් OS කම්පියුටර් එකක් අරන් ආවේ .....නැත්තම් මෙෂින් එක අප්ඩේට් නොවෙන්න සෙටින්ස් හැදුවත් හරි...හැබැයි ඉතින් අලුතෙන් ඇප් දානවනම් කේස්......

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...