පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, March 4, 2017

දුරකතන ඇමතුම් පහසුවෙන් පටිගත කරමු - How to record mobile phone calls


දැනට කාලෙකට කලින් තිබුණු බොහෝ ජංගම දුරකතනවල අපට ලැබෙන සහ අප ගන්නා ඇමතුම් පටිගතකිරීමේ හැකියාව තිබුණත් වර්තමානයේ වෙළෙඳ පලේ ඇති බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල එම පහසුකම ලබා දී නැහැ. විශේෂයෙන් සැම්සුන් ජංගම දුරකතන ගැන සළකා බැලුවොත් මෙම පහසුකම ඇත්තේ කොරියානු මාදිලිවල පමණයි. එයට හේතුව විදිහට දැනගන්නට ලැබී තිබෙන්නේ ලෝකයේ ඇතැම් රටවල දුරකතන ඇමතුම් පටිගතකිරීම නීති විරෝධී නිසා ජාත්‍යන්තර දුරකතන මාදිලිවල එම පහසුකම අක්‍රියාකාරී කොට තිබීමයි. ඇන්ඩ්‍රොයිඩ් නොවන චීන දුරකතන මාදිලිවල නම් මෙම පහසුකම් තිබෙනවා. මේ පහසුකම නොමැති නිසා බොහෝ දෙනෙක් ගූගල් ප්ලේස්ටෝර් වෙතින් දුරකතන ඇමතුම් පටිගතතිකිරීමේ යෙදුම් ලබාගෙන ඒවා දුරකතනයට ස්ථාපනය කරගෙන සිටිනවා. නමුත් ඇතැම් දුරකතනවල ඒවා නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබේ දුරකතනයේ Dial Pad එකෙන්ම මෙම පහසුකම ලබාගන්නට පුළුවන් නම් ඒක සෑහෙන්න පහසුවක් වේවි.

සාමාන්‍යයෙන් සැම්සුන් ජාත්‍යන්තර දුරකතන මාදිලිවලින් ඇමතුමක් ලබාගන්නා විට දිස්වන්නේ පහත සඳහන් ආකාරයෙන්. එහි ඇමතුම් පටිගතකිරීමේ පහසුකමක් ලබා දී නැහැ.



කෙසේ නමුත් කොරියානු සැම්සුන් මාදිලිවල වෙනුවට ඇත්තේ යන තෝරාගැනීමයි. ජාත්‍යන්තර මාදිලියේ බොහෝ සැම්සුන් (දැනට මා මෙය අත්හදා බලා ඇත්තේ සැම්සුන් දුරකතන සඳහා පමණයි) දුරකතනවලට සුළු වෙනස්කමක් කිරීමෙන් මෙම පහසුකම ඩයල් පෑඩ් එකෙන්ම ලබාගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මුළින්ම ඔබේ සැම්සුන් දුරකතනය රූට් (Root) කළ යුතුයි. රූට් කරන ආකාරය ගැන අන්තර්ජාලයේ ඕනෑ තරම් විස්තර තිබෙනවා. නමුත් ඔබේ පහසුව සඳහා මම ඒ වෙනුවෙන් සබැඳි කිහිපයක් සඳහන් කරන්නම්. (මෙය ක්ලික් කිරීමෙන් රූට් කරන ආකාරය ගැන ඔබට දැනගන්නට පුළුවන්) රූට් කිරීමෙන් පසු Native_Call_Record_1.0.apk කියන යෙදුම බාගන්න.


එය ගූගල් ප්ලේස්ටෝර් එකේ නැහැ. එය ස්ථාපනය කරගෙන ක්‍රියාත්මක කරන්න. එය ක්‍රියාත්මක කළ පසු මේ ආකාරයේ තිරයක් දිස් වෙනවා. 



මෙහි S5, N4, N3 යනුවෙන් සඳහන් වුවත් බොහෝ සැම්සුන් දුරකතනවලට මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. 

මෙහි ඇති Enable Manual Record යන්න තත්පර කිහිපයක් තද කරගෙන සිටින්න. එවිට Superuser ක්‍රියාත්මක වී Grant Permission කියා දිස්වෙනවා. එවිට ඔබ Permission ලබාදිය යුතුයි. මොහොතකට පසුව ජංගම දුරකතනය Restart වෙනවා. Restart වුණේ නැත්නම් App එකෙන් ඉවත් වෙලා Restart කරන්න. Restart වෙද්දී ඔබගේ Boot Menu එකද යම් වෙනස්කමකට ලක්ව අැති බව පෙනේවි. 


දුරකතනය Restart වූ පසු Dial Pad එකෙන් ඇමතුමක් ගන්න. එවිට Add Call වෙනුවට Record යන්න පවතින බව ඔබට දකින්නට පුළුවන්. දැන් ඔබට ලැබෙන ඕනෑම ඇමතුමක් හෝ ඔබ ගන්නා ඕනෑම ඇමතුමක් Dial Pad එකෙන්ම පටිගත කරන්නට පුළුවන්.  



මෙසේ පටිගත වූ ඇමතුම් පවතින්නේ Call කියන එක Folder එක තුළයි. 


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න