Genius හදකට ලියමි…

Share

උපැස් යුවලින් සැඟවුණ
ඔබ නුවන් යුග දෙස
දිලෙන දෑසින් නගන හසරැල්
නො දැනෙනා බව දනිමි මම…
සිතමි. ඉවසමි. සිහින ගොතනෙමි
දකිනු වස් මා ඡායාව,
ඔබ නෙතෙහි ප්‍රතිබිම්භයක් ව…
විඳිමි, සැනසෙමි, සිනාසෙමි දෙතුන්වර
ඔබ සමග මනෝ ලොව චාරිකා සිහිකර
පතමි සැමදා එක් සිතින් බොළඳ ව
උනා නම් මම පොතක්..!
විද්‍යා කරුණු සපිරුණු
රැදෙනු ඇත මා නිරන්තර
ඔබේ නෙතු අග…
Image credits :https://goo.gl/images/eTS0GR

 

 
Tagged :