Linux සමඟ .net පාවිච්චි කරන්නේ මෙහෙමයි

Linux සමඟ .net පාවිච්චි කරන්නේ මෙහෙමයි

1970
0
SHARE

බොහෝ දෙනා සිතන කාරණයක් තමයි. C#, .net වගේ දේවල් windows වලට පමණක් සීමා වුනු දේවල් කියල. නමුත් ඇත්තටම ඒක එහෙමද? අද අපි කතා කරන්න යන්නෙ ඒ ගැන. කොටින්ම කිව්වොත් කොහොමද Linux පරිගණකයක C# programming කරන්නෙ කියල. අනිත් අතට Microsoft සමාගම opensource development encourage කරනව කියලත් අපිට කියන්න පුළුවන්. ඒකට හොද උදාහරණයක් විදියට අපිට VS Code වුනත් දක්වන්න පුළුවන්. අපි මේ ගැන කලින් ලිපියකින් කතා කලා. අද අපි VS Code යොදා ගමු අපේ C# programming සදහා. හොදයි අපිට මේ සදහා මුලින්ම .net Core අපේ පරිගණකයේ පිහිටුවා ගැනීමට අවශ්‍යයි. මේ සදහා පහත දී ඇති website එකට යන්න.
(https://www.microsoft.com/net/core)

හොදයි දැන් මෙතන තිබෙන තෝරා ගැනීම් වලින් අපි මුලින්ම Linux යන්නත් අනතුරුව Ubuntu/Mint යන්නත් තෝරා ගනිමු. මම මෙහිදී යොදා ගන්නේ Linux mint නමුත් ubuntu සහ මෙය අතර එතරම් වෙනසක් නැහැ. ඔබ මෙතනදී මදක් කල්පනාකාරි විය යුතුයි නිවැරදි OS එක සහ version ඒක තෝරා ගැනීමට. අනතුරුව ඔබට පුළුවන් දී ඇති commands terminal එකක run කිරීම හරහා .net core ඔබගේ පරිගණකයේ පිහිටුවා ගන්න. ඔබ මොනයම් හෝ ගැටළුවකට මුහුණ දුන්නොත් එය comment වල සදහන් කිරීමට අමතක කරන්න එපා. එවිට ඔබට සහය වීමට හැකියි.

හොදයි දැන් ඔබට “dotnet new” යන්න run කිරීම හරහා බලා ගන්න පුළුවන් ඔබ නිවැරදි ලෙස .net ඔබගේ පරිගණකයේ පිහිටුවා ගත්තද කියා.

දැන් ඔබට පුළුවන් ඔබ අළුතින් පිහිටුවා ගත් project එක “dotnet restore” සහ “dotnet run” command හරහා run කිරීමට. දැන් අපි මෙම project එක අපිට අවශ්‍යය කරන ආකාරයට සකසා ගමු. මේ සදහා අපි VS Code යොදා ගමු. මොකද එය සතුව ඇති features නිසා අපට අවශ්‍යය කරන ආකාරයට ඉතා පහසුවෙන් වැඩ කර ගැනීමට හැකියි. මෙය windows පරිගණකයක install කරන ආකාරය අපි පසුගිය ලිපියකින් කතා කලා ඔබට මතක ඇති. Linux සහිත පරිගණකයකට install කිරීමත් ඉතාමත්ම පහසුවෙන් කර ගැනීමට හැකියි. ඔබට දැක ගැනීමට හැකියි .net core web page එකේ පහලම මේ සදහා link එකක්. ඒ හරහා ඔබට පුළුවන් VS Code download page එකට යන්න.

ඔබ අවශ්‍යය කරන package එක තෝරා ගැනීමෙන් අනතුරුව ඔබට පුළුවන් ඔබගේ package manger එක හරහා මෙය install කර ගැනීමට. දැන් අපි කලින් විවෘත කර ගත් terminal එකේ “dotnet restore” සහ “dotnet run” command ලබා දීම තුලින් project ඒක run කරමු.

හොදයි දැන් අපිට පුළුවන් “code .” යන්න terminal එකේ run කිරීම හරහා VS Code open කර ගැනීමට.

දැන් අපි මෙම project ඒක අපිට අවශ්‍යය කරන ආකාරයට වෙනස් කර ගමු. අපි සරල program ඒකක් ලියමු user input එකක් දුන්නම ඒක 10 න් වැඩි කරල output කරන එකක්. ඉතාමත් සරල දෙයක්. නමුත් අපට මෙය හුරුවීම සදහා හොද ආරම්භයක් වේවි.

හොදයි දැන් අපිට කැමති නම් අපි විවෘත කර ගත් terminal එක භාවිතා කරන්න පුළුවන් මෙය run කිරීමට. නමුත් අපිට ඊට වඩා හොද විකල්පයක් තියෙනව. ඒ තමයි integrated terminal ඒක. අපි මේ ගැන කලින් ලිපියෙනුත් කතා කරා. View->integrated terminal හොදයි දැන් අපිට “dotnet run” කියන command එක ලාබා දීම හරහා මෙය run කිරීමට හැකියි.


දැන් ඔබ දන්නවා කොහොමද Linux පරිගණකයක C# වලින් වැඩ කරන්නෙ කියල. අමතක කරන්න එපා ඔබගේ අදහස් දක්වන්නත් …
Source: https://www.microsoft.com/net/core

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY