2017-02-28

23. (සයිබර්) ආදරවන්තයෝ...

කොහොමද  පතන්නේ ඔයාට සුබ ආදරවන්තයන්ගේ දිනයක් කියලා???

දැන් නම් නෑ ආදරයක් තිබුණු ආදරය පැනලා ගිහිල්ලා...

දැකලා මිරිකලා විකලා ඉඹලා නැතත් ආදරේත් කරා...

පැනලා ගිහින් එකතු වෙන්ට හිටිය විදිහත් අමතකම වෙලා...






සාමීචි කාමරය කදී අහම්බෙන් වගේ මුණ ගැහිලා...

පටන් ගත්තා යාලු කමක් කාලය ගෙවන්ට කියලා හිතලා...

කාලයක් යන කොට නැතුවමත් බැරි වුණා...

පෙම් ඇරයුමකට වගේ ඉඟියකුත් හම්බුණා...

යාලුකම නොදැනීම ආදරයක් වුණා...

රෑට රෑ වෙලා තිබුණු නිදහසත් නැති වුණා...

නොදැනීම කාලයත් ටිකෙන් ටික ගත වුණා...

දකින්නට නැති එකට දුකකුත් ඇති වුණා...


පටන් ගත්ත විදිහක් මතකයට ගන්ට බෑ...

ඉවර වුණු බවක් මිස වෙන දෙයක් මතක නෑ...

වෙච්ච දේ තවමත් හිතා ගන්ටත් බෑ...

ආයේ නම් එහෙම දේකට හිතේ ඉඩක් නෑ...



(සාමීචි = Chat  ,  කාමරය =Room)

6 comments:

  1. //සාමීචි = Chat// :)) එතකොට සතුටු සාමිචියේ යෙදෙනව කියන්නේ කොහොමද? Happy Chatting?
    //රෑට රෑ වෙලා තිබුණු නිදහසත් නැති වුණා...// ඕක තමයි ලොකුම අවුල :)

    ReplyDelete
    Replies
    1. ඇත්තට එහෙම දැම්මා කියලා වුණත් වැරැද්දක් නැතුව ඇති නේ???

      ඔව්... රෑට තියෙන නිදහස නැති වෙනවා තමයි නේද???
      හෙහේ...

      Delete
  2. මනුස්සයෙක්ගෙ නින්ද කොච්චර වටිනවද කියලා හිතෙන්නෙ ඔන්නොහොම එව්වා කියවනකොට...
    ආදරේ කරන කොට නින්දක් නෑ..හරි හමන් කෑමක් නෑ...ඇත්තෙන්ම මාරයි නේද...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා...
      ඒක නම් ඇත්ත...
      ළඟදී අහපු සින්දුවකත් තිබ්බා,
      "හිනා වෙන කතා වෙන හැම දේම වමනෙට එන විකාර මාර"
      කියලාත්...
      හෙහේ...

      Delete