February 27, 2017

වීඩියෝ දසුන්වල හිරු රශ්මිය සහ සුළග අපට දැනීමට සලසන උපකරණ

සජීවී තත්වය නිරුපනය කරන අතත්‍ය උපකරණ වලට ඇස සහ කණ බොහෝ සේ රැවටිය හැක. එනම් අප භාවිතා කරන ශ්‍රව්‍ය හා ද්‍රශ්‍ය උපකරණ වන තිරය  හා ශබ්ද විකාසන යන්ත්‍ර ඇතුළු උපකරණ තුළින් රූප සහ ශබ්ද සත්‍ය ලෙස දැකීමටත් ඇසීමටත් හැකියාව තිබේ. ඒආකාරයෙන්ම මිනිසාගේ අනෙක් ඉන්ද්‍රියන්ද රැවටිය හැකි අතත්‍ය උපකරණ ළගදීම එළිදකිනු ඇත. විවිධ දේශගුණික තත්ව සජීවීව අතත්‍ය ලෝකයේදී දැනවීමට හැකි උපකරණ නිර්මාණය කිරීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකිකයකු වන නිමේෂ් රණසිංහ සමත් වී ඇති බව වාර්තා වේ.

Virtual Reality (VR ) නම් සජීවී අතත්‍ය අත්දැකීම් උපරිම කිරීමේ උත්සහයක යෙදෙන නිමේෂ් මින් පෙර ඉලෙක්ට්‍රොඩ මගින් පැණි රස අතත්‍ය ලෙස විදීමට සලස්වන ලදී. හිරු රශ්මිය සහ සුළං වේගය ශරීරයට අතත්‍ය ලෙස දැනීමට සලස්වන ඔහුගේ නවතම නිර්මාණය Ambiotherm නම් වේ.

වර්තමානයේ භාවිතා කරන සජීවී අතත්‍ය උපකරණයක් වූ  ව’චුවල් රියලිටි හෙඩ්සෙට් (Virtual Reality Headset) ට සම්බන්ධ කළ උපාංග දෙකක් මගින් Ambiotherm නිර්මාණය කර තිබේ. සුළං මොඩියුලය නම් මුල් උපාංගය ලෙස VR Headset ට කුඩා විදුලි පංකා දෙකක් සවිකිරීමෙන් නරඹන්නාට සුළං වේගය දැනීමට සලස්වා ඇත. එනම් කන්දක් මුදුනක සිට පහලට වැටෙන වැනි දර්ශනයකදී එය සත්‍ය ලෙස සිදුවන බව අවබෝධ කර ගැනීමට අවශ්‍ය  රූප හා ශබ්ද වලට අමතරව දැනිය යුතු සුළගේ වේගය මෙම කුඩා විදුලි පංකා දෙක මගින් ලබාදේ. උෂ්ණත්ව මොඩියුලය වූ දෙවැනි උපාංගය බෙල්ල පිටුපසට සම්බන්ධ වී කාන්තාරයක ගමන් කරද්දී ඇතිවන තද උණුසුමෙහි බලපෑම නරඹන්නාට අත්විදීමට සලස්වයි.


මෙම නව උපාංග නිර්මාණය කිරීමේදී යොදාගෙන ඇති ක්‍රමවේදය පැසසිය යුතු බවද වාර්තා වේ. උණුසුම හෝ සුළග මුළු ශරීරයට දැනීම සදහා අවශ්‍ය වූ ශරීරයේ එක් එක් ප්‍රධාන ශරීරාංගයක් හදුනාගෙන මෙම නව උපාංග එම ස්ථාන උද්දීපනයට ක්‍රියා කරවා ඇත. එනම් බෙල්ලට දැනෙන ලෙස උෂ්ණත්වය ක්‍රමානුකුලව වැඩි කළ විට මුළු ශරීරයම ගිනයම් වන බවත් උගුරැ දණ්ඩ ප්‍රදේශයට සුළං වේගය ලබා දුන් විට මුළු ශරීරයම සුළගට අසුවූ බවක් දැනෙන බවත් යන මෙම කණ්ඩායමේ පර්යේෂණ මගින් ලද නිරීක්ෂණයන් මේ සදහා භාවිතා කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි
https://youtu.be/D-2t25xtw2o?t=10

0 comments:

Post a Comment