.

.

Feb 26, 2017

චතුර අල්විස් , කීත් නොයාර් හා බුද්ධි අංශ - Chathura, Keith Noyahr & Army Intelligence




අපි නිකමට හිතමු මෙහෙම.

චතුර අල්විස්ට කවුරු හෝ අම්බානක නෙලලා,

ගෙවල් ගාව ගෙනත් දාලා යනවා.

(වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්... අම්මට සිරි ලංකාව නිසා..., වීමේ සම්බාවිතාව ඉතා ඉහළයි.)

චතුර අල්විස් ජීවිත ආරක්ෂාව පතා ඔට්ටේලියා යනවා.

මේ ආන්ඩුව පෙරලෙනවා (හරි හරි දැන්ම නෙමෙයි.. කවදා හරි වෙනවනේ..)

චතුර ලංකාවට ආයේ එනවා

ඇවිල්ලා "අද ද රෙන" කරනවා

CID එක හොයා ගන්නවා, චතුර අල්විස්ට ගැහුවේ බුද්ධි අංශය කියලා..

බුද්ධි අංශයේ සෙට් එකම අත් අඩංගුවට ගන්නවා

ඕන්න චතුර අලවිස් පත්තර එහාට මෙහේට විසි කර කර, "දිවයින" පත්තරේ අතට අරගෙන හෙඩිම කියවනවා

"චතුර අල්විස්ට පහර දුන් බුද්ධි අංශ සාමාජිකයින් අත් අඩංගුවේ"

චතුර අල්විස් එයාකේ කොමෙන්ට් එක කියවනවා..

දැන් මෙහෙම බුද්ධි අංශ සමාජිකයින් අත් අඩංගුවට ගත්තම හරියනවද?

ඒ අය කොයි තරම් සේවයක් රටට කරපු අයද?

මේ ආන්ඩුව කරන්නේ බටහිර ටරවල න්‍යායා ප්තතරවල තියෙන දේ නේද? 

චතුර අල්විස්ලා ඒ කාලේ කරපු දේ හරිද? 

මේවා ජනතාව අනුමත කරයිද? 

එතරම් විශිෂ්ඨ ලෙස සේවයක් ඉටු කළ අයට අද සලකන්නේ මෙහෙමද? 

මෙහෙම කළාම බුද්ධි අංශ නිළධාරින් අධෛර්යමත් වෙනවා නේද? 

මේ හදන්නේ බුද්ධි අංශය වසා දමන්න නේද?

(මෙය සෙනසුරාදා හා ඉරිදා දිනෙක සංඛ අමරජිත්ට වුවද අදාල විය හැක.. )

40 comments:

  1. එහෙම කියන්න එපා හරිය චතුර හරිම අබීත මාජ්ජවීදියෙක්ය . ඒ කාලේ මහරජ කනිටු පුත් රොකට් රෝහිත රාජපස්සව අබීතව ඉන්ටවිව් කරන රඟ බවල ,

    බලව රාජපක්ෂට බිය නොවූ චතුර

    ReplyDelete
    Replies
    1. මහරජ.. ඒ චතුරත් මේ චතුරත් ඇර වෙනත් චතුරලා සිටීද...?

      Delete
    2. හෙහ්, හෙහ් ඔව්, වොව් ඒක නං හරිම අප්සට් " එන්වාර-මැන්ටල්" එකක් තමා. උදේ පාන්දර හොඳට ලේ පිරිසිදු වුනා.

      ස්තූතියි ලව්පූස්. ආ න් රොකට් රෝහිතටත්. චතුරටත් ස්තූතියි "විනෝද සමය" වැඩ සටහන ආයෙ පටන් ගත්තට.

      Delete
    3. සෑහෙන කම්ප්ලිකේටඩ් ප්‍රශ්නයක්.....

      Delete
  2. Replies
    1. හිනා වෙලා මැරෙනවා බං

      Delete

  3. ඇත්තටම මේ පහරදීම පිටිපස්සේ ඉන්න මිනිස්සු නෙමෙයි අහුවෙන්නේ!

    ReplyDelete
    Replies
    1. එහෙම අහුවෙනවා නම් කොච්චර දෙයක්ද අප්පා...

      Delete
  4. අපි නිකමට හිතමු මෙහෙම.

    මාතලන්ට කවුරු හෝ අම්බානක නෙලලා,

    ගෙවල් ගාව ගෙනත් දාලා යනවා.

    (වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්... අම්මට සිරි ලංකාව නිසා..., වීමේ සම්බාවිතාව ඉතා ඉහළයි.) මාතලනුත් ජීවිත ආරක්ෂාව පතා ඔට්ටේලියා යනවා.

    ඇත්තටම එහෙම වෙන්න බැරිද එකට නේද මේ ට්‍රයි කරන්නේ

    ReplyDelete
    Replies
    1. පරණ බ්ලොග් පෝස්ට් කියවන්න... විශේෂයෙන් මහින්ද මහත්තයගේ කාළේ ඒවා...

      Delete
    2. ගහල ගෙනත් දාන එක කෙසේ වෙතත් , අම්බානක ගහපුවාම ගෙදෙට්ටම ගෙනත් දානව. නැද්ද ඉවාන් පවුලිස් ?

      Delete
  5. කොයි චතුරගෙත් පඩේ විතරයි..

    ReplyDelete
    Replies
    1. සද්දෙයි ගඳයි දෙකම සමඟ...

      Delete
  6. හුකා 😵 මාතෙ..!.. ඇත්තටම ඌට නෙලලද? පල වැල කඩා ගෙනද? අම්මටහුඩු.. තව ටිකකින් සිග්නල් නැතිවෙනව. ගෙදර ගිහින් නිවුස් බලලම කොමෙන්ට් කරන්නම්. ..

    බායි 🤘🏽

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් වෙලා නෑ... හැබයො නොවෙන්නත් බැරි නෑ... ඒත් සමයංට නම් දීලා නිවන් යන්නම...

      Delete
    2. ඔය කොමන්ට් එක ඇතුලට එමොජියක් දැම්මෙ කොහොමද?

      Delete
    3. ෆෝන් එකෙන් නේ බන් ටයිප් කරන්නෙ.. ඒකයි..

      Delete
  7. පට්ටම කතාව....ඕක නිකන් කෙටි කතාවක් වගේ ලිව්වනම් වසරේ හොදම කෙටි කතාව වෙන්න තිබ්බ...ඕ යෑස්....

    ReplyDelete
    Replies
    1. මීට වඩා කෙටිය්ට කොහොම ලියන්නෙයි බං.... :)

      Delete
  8. අම්මටහුඩු.. මාතෙ. හුටා පටා.. "සමයං" මූ පාතාලේද එහෙම නැතිනං.. එක්කො ඕන නැහැ. පව් නේ බන් මරුන මිනිහට අපහාස කරන එක.

    මේ දැන්නම් පාතාලේ ඇවිල්ල නන්දිකඩාල් ගැහුවා වගේ 10ක් 15ක් ඇවිල්ල හමුදා ඇඳුම් වගේ එව්වත් ඇඳගෙන අවිල්ලලු ගේම දීල තියෙන්නේ.

    එතකොට බං මේකයි චතුර අල්විස් එක්කයි දෙරණයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද මාතලන් තුමෝ..??

    ReplyDelete
    Replies
    1. කීත් නෝයර් කේස් එක මහින්දගේ කාළේ එකක්.. ඒකට ඉන්ටෙලිජන්ස් සෙට් එකක් මාට්ටු වෙලා.. ඒකට චතුර දුන්න ටෝකම තමයි මම ඔය ලියලා තියෙන්නේ.. ඌට ඔය දේ උනත් ඌ ඔය කතාවම එපැයි කියන්න..

      පාතාලේ කේස් එක වෙනම කේස් එකක්. 20 ඇවිල්ලා වෙඩි තියලා ගිහිල්ලේ උන්ගේ එකෙක්වත් නොමැරි.. අනික කලිනුත් ඔය විදියටම උසාවියෙත් ඌව මරන්න ගිහිල්ලා...

      Delete
  9. පොද්දල ජයන්තට ගැහුවෙත් ඔය කට්ටියමද? ඕකට ෆොන්සේකා මහතාගේ සම්බන්ධයක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. වැටත් නියරත් ගොයං කා නම්...?

      Delete
    2. සිරිසේන මහත්තයා ළඟ ඉන්නේ ඔක්කෝම හොඳ මිනිස්සු.. මහින්ද මහත්තයා ළඟ තමයි හොරු, ගේම් කාරයෝ ඔක්කෝම ඉන්නේ..

      Delete
  10. කීත් නොයාර් පැහැර ගැනීමේ කල්ලියේ සැබෑ නායකයා හෙළි දරව් වෙනකල් බලා ඉන්නේ. ආංඩුවට ඇවිත් ඇමතිකම් අරං ෂේප් වෙන්න බැරි වෙනවනං ඔන්න යහපාලනේ.

    ReplyDelete
    Replies
    1. හොර ගෙඩියා... ෂේප් එකේ නායකයා කියලා මහින්ද මහත්තයට දාන්න නේ යන්නේ... අපි නම් දන්න නායකයා එයා තමයි..

      Delete
    2. ///අපි නම් දන්න නායකයා එයා තමයි..///

      බැඳුම්කරෙත් මහින්දගේ වෙච්ච කොට මේක එයාගේ නොවී කොහොමද...

      Delete
    3. බැඳුම්කරේ නම් ගොඩක් අයට නොතේරුනාට අපි නම් එදා ඉඳලා කිව්වා ඕක හොර කමක් නෙවේය, තිබුන සිස්ටම එකටම ගිය මගෝඩියක් පමණය කියලා. එදා නාලක ගොඩහේවලා, දිලිත් ජයවීරලා, කබ්‍රාල්ලා කළ දේ මේ සැරේ අර්ජුනලා කළා එච්චරයි...

      Delete
  11. First they came for the Socialists, and I did not speak out—
    Because I was not a Socialist.

    Then they came for the Trade Unionists, and I did not speak out—
    Because I was not a Trade Unionist.

    Then they came for the Jews, and I did not speak out—
    Because I was not a Jew.

    Then they came for me—and there was no one left to speak for me.

    Martin Niemöller

    චතුරලට වෙන්නෙත් ඔය ටිකම තමයි.

    ReplyDelete
  12. මම මේ මටම මඩු වලිගේකින් ගහ ගන්න ගමන්.. - මීට චතුර අල්විස්.. :)

    ReplyDelete
    Replies
    1. ඕකගේ කනේ ඉයර්පෝන් එකක් ගහලා, ඒකෙන් කියන ඒවා තමයි මූ කියන්නේ...

      Delete
  13. TV නොබලන මම වගේ එවුන්ට ගොඩක් ජෝක්ස් මිස් වෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. උඹ තාම ඉන්නවැයි....

      Delete
    2. ඉන්නව, ඉන්නව උඹ ෆෝන් එක ආන්සර් නොකලට මම උපන්දිනේ දවසෙත් කතාකරන්න ට්‍රයි කොලා

      Delete
    3. වැඩ වෙලාවට ආන්සර් කරන්න බෑ... පස්සෙ බලන්න අමතක වෙනවා මචෝ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න