Sunday, February 26, 2017

මුසැන්ඩාස්



No automatic alt text available.

"කෝ අම්මේ මෙතන තිබ්බ මුසැන්ඩාස් ගහ...."

මල්කාන්ති එහෙම කෑගැවෙ විදුලියක් කෙටුව වගෙ හිතට දැනුන හැගීමත් එක්කමයි
මිදුල රැහැ රැහැ හිටපු මල්කාන්තිගෙ උදලු පාරෙන් කැප්ච්චි තනකොල, මුල් පසුත් එක්ක කලවම් වෙල ගොඩගැහෙන්හේ පරන මතකයන් ගොඩ ගැහෙන්න ගත්තා, කදු ගැහෙන්න ගත්ත..
………………………………………………………………………………………………………
ඒ කොහෙන්දෝ ආව මුසැන්ඩාස් පිස්සුවක්, යාය පුරාම හැම ගැනියෙක්ම කෙල්ලෙක්ම මුසැන්ඩාස් වවන්න ගත්ත, කොහෙන් කොතනින් කොයිවිදිහකට ආපු විලසිතාවක්ද කියල කවුරුවත් දැනන් හිටියෙ නැති උනාට හැමෝම තැබිලි, සුදු ,රොස මුසැන්ඩාස් වැව්ව. ගෙවල් ගානේ කුඹුරෙ කඩපොලේ කයිවාරු ගහන වැඩ කරන හැම වෙලාවෙදිත් ගෑනු කතා කරේම මුසැන්ඩාස් ගැන, එවා හිටවන හැටි, දලු දාන හැටි මල් පිපෙන හැටි ගැන, කොටින්ම ඒ වෙනකොට මිදුලෙ මුසැන්ඩාස් ගහක් නැත්තන් එක ගෙයක් නෙමේ කියල හිතෙන තත්වෙට තත්වය දරුනු වෙල තිබ්බෙ

එත් ගොඩක් තැන්වල තිබ්බෙ තැබිලි පාට ඒව විතරයි, සුදු පාටට ගොඩක් අය අකමැති නිසා තිබ්බෙ නෑ, ඇරත් එවා රත්නපුරා පැත්තේ තේ වතු රබර් වතු වල හැදෙන වල් ගහක් වෙච්ච මුස්සැන්ද ගස් වගේම හින්ද කව්රුවත් වැඩිය ගනන් ගත්තේ නෑ. රෝස පාට එවා හොයගන්න තිබ්බෙම නෑ එහෙන් මෙහෙන් සමහරු දැකල තිබ්බට කා ගාවවත් තිබ්බේම නෑ හැමොගෙම හිත් වල ඊලගට හිටවන්න තිබ්බෙ රෝසපාට මුසැන්ඩාස්..

මල්කාන්තිගෙ හිතෙත් අනෙක් හැමොටත් වැඩියෙන් රෝස පාට මුසැන්ඩාස් මුල් බැහැල තිබ්බ, ඒ වෙනකොට මල්කාන්ති හිටියෙ දහයෙ පන්තියේ රෝස පාට සාරියක් ඇදලා රොස පාට ක්යුටෙක්ස් ගාලා රෝස පාට සපත්තු දාල රෝස පාට බෑග් එකක් අරන් යන විදිහේ හීන දකිමින්, ඉතින් රෝස පාට මුසැන්ඩස් කියන්නෙ ඒ හීනෙ ඉතිරි කෑල්ල වගේ.

මල්කාන්ති ඉස්කොලෙදි පාරෙදි දන්න කියන හැම කෙල්ලටම කියල තිබ්බේ රෝස පාට මුසැන්ඩාස් ගැන ආරචියක් අවොත් කියන්න කියල.
" අර එහා වැව පැත්තට යන පාරෙ කුසුමාවතී නැන්දලයි ගෙදර රෝස පාට මුසැන්ඩාස් තියනවලු බන්, මෙච්චර කල් කාටවත් කියන්නැතිව හොරෙන් තියාගෙන ඉදලා තියෙන්නේ ,දැන් මල් පිපිලලු බන්"
ගෙවල් ලග අශෝකා ඉස්කොලේ ගිහින් එද්දි එහෙම එහෙම කිව්වම මල්කාන්තිට ඉහුලුම් නැතිව ගියා,
මොන කුසුම නැන්දද බන්, උබ ඔය ඇත්තමද කියන්නෙ?
‘අර බන් අර රෙදි එහෙම මහන්නෙ, අර.... කොල්ලො දෙන්නෙකුත් ඉන්න ගෙදර”
අශෝකා කිව්වෙ වැලමිටෙන් මල්කාන්තිගෙ ඉනට අනින ගමන්

එදා හවසම හතරට විතර දෙන්නත් එක්කම රෝස පාට මුසැන්ඩාස් හොයන්න කතා කරගත්තා
එදා හවස කුසුමාවතී නැන්දලගෙ ගෙදර ගියාට හිටියෙ නෑ කොහෙද ගිහිල්ල, අම්ම නැති බව කියාගෙන ආපු ලොකු පුතා නාමල්ට කාරනේ කිව්වට පස්සේ අතු කැල්ලක් බොහොම අමාරුවෙන් ඉල්ලන් ආව,
ඌ මුලින්ම අම්ම කාටවත් අතු දෙන්න එපා කියල තියෙන්නෙ, අතු කැපුවම ගහ හැදෙන්න හොර වෙනව, කිය කිය ලොකූ ගාන්තාවක් කියාගෙන එනකොට අපි දෙන්නත් දන්න කියන මායම් ටික දාල කොහොමහරි අතු කෑල්ලක් දෙන තත්වෙට ගෑස් බස්ස ගත්ත,
කමිසයක්වත් අදින්නෙ නැතිව නාපු ගමන්ම වගෙ හිටිය ඒ කොල්ල කුස්සිට ගිහින්පිහියක් ගෙනැල්ල අතු කැල්ලක් කපන් ගමන් මුසැන්ඩාස් වගාව ගැන දෙශනයකුත් දුන්න.කොහොම උනත් නාමල් පිහියත් අරන් කුස්සියෙ ඉදන් එනකොට මල්කාන්තිට පෙනුනෙ හින්දි චිත්‍රපටියක වීරයෙක් වගේ, මල්කාන්තිට රෝස මුසැන්ඩාස් හොයල දෙන්න සතුරො ගනනාවක් පරාද කරල එනව වගේ, චරස් ගාල පිහිය තියල අත්ත කපන්කොට මල්කාන්ති දැක්කා වීරයෙක්ගෙ අත් ගොබ.
" නන්ගිල මෙ අතු ගිනිච්චගමන්ම මිදුලෙ ඉන්දන්නව එහෙම නෙමේ, ඉස්සෙල්ලම කවරෙකට හොද කුනුපස් පුරවල එකෙ හිටවල, හොදට උදේ හවස වතුර දදා හෙවන තැනක තියල මුල් ඇදල දලු දානකොට මිදුලෙ හිටවන්න,,
මොකද මම තමයි මේ ගහත් හැදුවෙ,,
කියල ආඩම්බරෙන් කිව්වෙ මල්කාන්තිගෙ අතු කැල්ල දෙන ගමන් අශෝකාට හොරෙන් ඇහැකුත් ගහන ගමන්මයි
එතකොට තමයි මල්කාන්ති දැක්කෙ රොස පාට හිනාව මල්කාන්ති ආසම ආස පාට

ඒ ඇවිත් කිව්ව විදිහටම රෝස මුසන්ඩාස් අත්ත හිටෙව්වෙ කවදහරි රෝසම රෝස පාට මල් බලාගෙන කිව්ව විදිහටම උදේ හවහ වතුර දැම්මේ ඒ කියපු උපදෙස් හිතින් ආයෙ ආයෙත් චිත්රපටියක් මව මව
……………………………………………………………………………………………………….එක දවසක් මල්කාන්ති හවස් යාමේ තුනට රෙඩියෝ එකේ යන හින්දි රසාන්ග ඉවර උනාට පස්සෙ පත්තරයක් අරන් එකට කොන්ඩෙ පීරන්න ගත්තේ උලුවෙ උකුනො වහල වගේ දැනුන හින්දා, ඒ වෙලවෙ ගෙදර කවුරුත්ම උන්නේ නෑ, අම්මත් වී කොටන්න ගිහින් හිටියෙ, සාලෙට වෙලා කොන්ඩෙ පීර පීර ඉන්නකොට දොරකඩ බයිසිකලයක් නවත්තන සද්දෙ ඇහිල දොරකොඩට එනකොට නාමල් ෆුට් බයිසිකලේ පොටිපොවේ කනුවට හෙත්තු කරල දොර දිහාට එමින් උන්නා.
" ආ නන්ගි කොහොමද වාසෙ දෙසේ?
මල්කාන්ති උලුවස්සේ දකුනු කදට හෙත්තුවෙලා නැවතුනා, නාමල් වම් කදට අත තියාගෙන නැවතුනා.
“හොදින් ඉන්නව අය්යා,”
“එහෙනම් එච්චරයි, අපේ මුසැන්ඩාස් ගහත් ඒ වගේම ඇති නෙ,,
නාමල් කිව්වෙ ඇහැක් පුන්චිකරල
“අයෙත් අහල, අපිට දුන්නොත් අයෙ බලන්න දෙයක් නෑ අය්ය”
මල්කාන්ති කිව්වෙ හුරතල් විදිහට
නාමල් අය්ය හිටියෙ ප්ජා ශාලාව ගාව ක්රික්ට් ගහල එන ගමන් දාඩිය පෙරාගෙන, ඇගටම ඇලිල තිබ්බ ටී ශර්ට් එක
“කෝ ගෙදර දොරේ කව්රුත්ම නැද්ද?”
නාමල් අය්ය අහුවෙ ගේ ඇතුලට එබෙන ගමන්, මල්කාන්ති නැති බව අගවන්න ඔලුව වැනුව,
“එහෙනම් හොද ලමය වගේ මට බොන්න වතුර එකක් ගේනවද?”
මල්කාන්ති ගෙදර පිටිපස්සෙ තියන කුස්සි කෑල්ලට දුවන අතරෙ කඩාගෙන හිටිය කොන්ඩෙ බොලයක් කරල ගැට ගහගත්තා, ලොකු අශොක වීදුරුවක් අරන් හොදට හෝදල මැටි කලෙන් වතුර එකක් පුරවල ගත්ත
අතින්ම ගිහින් දෙනවද ට්රේ එකේ තියගෙන යනවද කියල මල්කාන්ති දෙගිඩියවෙන් හිතනකොටම
“ඔයා මුසැන්ඩාස් වලට ගොඩා…ක් ආසද...”
නාමල් පිටිපස්සෙන් ඇවිත් උරිස්සට අතකුත් තියල.
දෙවල් සිදවෙනව ඉක්මන් වැඩිදෝ කියල මල්කාන්තිට හිතෙන්න ගත්ත
ඇරත් මුසැන්ඩාස් අත්ත පැලවෙයිද නැද්ද කියල කව්ද දන්නෙ, එක තාම මුලින් තිබ්බ කොල එක එක මැරීගෙන යන ගමන් තිබ්බෙ, දලු එයිද මුල් අදීද කියල කව්ද දන්නේ,
එත් මල්කාන්තිය වැඩිය හිතන්න බැරි උනා
නාමල්ගේ තදියම් ඇගිලි තුඩු වලින් උනුසුම් දෙතොල් වලින් මල්කාන්තිගෙ ඇග හාරවන්න වගේ උනා, ගිනි මැලේකට අල්ලපු පොල් අත්තක් වගේ රත් වෙලා මෙලෙක් උනා ,මෙතෙක් කල් තමන්වත් නොදන්න අමුතුම ගහක් ඇග ඇතුලෙ පැලවෙල ඇසිපිය ගහන වේගෙන් උස්මහත්වෙනවා වගෙ දැනුනා ගහේ මූල පද්දතිය සියුම් කෙශනාලිකා තුලට පවා පැතිරුනේ මුලු ඇගම වෙව්ලුවාලමින් ඒ ගහේ කදේ රලු තැන් මෘදු තැන් අතරින් පතර අහූනාට හරියටම ගහ මොනවගේද කොල මොන හැඩේද කියල තිතේ ඇදගන්න ඇයට බැරිඋනා තිබ්බ කලබලෙට,
එක හරියට තොරන් පොලේ මනිබඩු කඩවල ඇවිදිනව වගෙ වැඩක් උනා, කඩවල් එකක් නෑර ඇවිදල අයෙ හැරිල බැලුවම හිතෙන්නෙ එක කඩේකටවත් නොගිය වගේ අයෙත් යන්න හිතෙන ගතියක්
ගහ හරි හරියටම හැදිල වැඩිල මල් පිපෙන්න ඔන්න මෙන්න කියල තියනකොටම නාමල් ගහ ඇතෑරල දැම්මා, හැල්මේ පෝටිපොවට දුවගෙන ගිහින් බයිසිකලේට නැගලා ඌරුවම් බාගෙන යන්න ගියා
එදා පිපුනනම් පිපෙන්නෙ රෝස පාට මලක්,,,, මලකාන්ති පස්සෙ එහෙම හිතුවෙ තනියෙන්ම හිනාවෙන ගමන්
ඊට පස්සෙ කොහොමහරි මල්කාන්ති සාත්තු සප්පායම් කරල මුසැන්ඩාස් අත්ත පැලකරගත්ත, ලා කොලපාට දලු දෙක තුනක් ආවට පස්සෙ පරිස්සමට කවරෙන් එලියට ගත්ත මල් පැලේ මිදුලෙ ඉන්දුවා, තැබිලි පාට මුසැන්ඩස් ගහ තිබ්බෙ හරියටම ගෙයි දොරකඩින් වම් පැත්තේ රොස පාට පැලේ දකුනු පැත්තෙන් හිටෙව්ව, රොසයි තැබිලි මල් පිරුනු මුසැන්ඩාස් ගස් දෙකක් අතරින් ගෙට ඇතුල් වෙන්න, මලකාන්තිගෙ හිතේ සැලසුමක් තිබ්බ
ඊට පස්සෙ ගහ හොදින් හැදිල වැඩුනට මල් පිපෙන්න ලන් උනාට නාමල් අය්ය බලන්න අවෙ නෑ ගහෙ සැප දුක්, හැන්දැකරෙ බොල් ගහල ගේ ඉස්ස්සරහින් බයිසිකලෙ යනව දැක්කට ,බෙල් එකක් ගහගෙන ගියාට, ගොඩක් වෙලාවට ඒ යනකොට මල්කාන්ති මුසැන්ඩාස් ගහ ලග කඩාල කඩාල හිටියත් ඇහුවෙවත් නෑ ඒ ගැන
මල් පිපුනම මමම කියන්න ඔනැ එන්න කියල මල් බලන්න මල්කාන්ති හිතා ගත්ත
ඔහොම ඉන්නකොට ඉන්නකොට එක දවසක මල්කාන්තිගෙ ගහේ මල් පිපුනා, රෝස පාට පෙති ගොඩක් එක්ක ගහේ මුදුන් හරියට වෙන්න එක පොකුරක් පිපිල තිබ්බ,සෙනසුරාදා උදේ පන්ති යන්න උදේ දත් මදිනකොට තමා මුලින්ම මල්කාන්ති මේ සුබ දසුන දැක්කේ , පිනි වැටිලා උදේ අව්වේ දිලිසි දිලිසි තිබ්බ රොස පාට පෙති අත ගානකොට කිතියක් වගේ දැනුනා, එදා ඇග අතුලේ හැදිච්ච ගහ මද නලකට නැලවෙනව වහේ මල්කාන්තිට දැනුනෙ ඒත් එක්කම මල්කාන්ති හිතුවෙ මල් පිපිච්ච බව නාමල් අය්යට කියන්නම ඔනි කියලායි. කොහොම හරි දැන් නාමල් අය්යට කතා කරන්න හේතුවකුත් තියනව මල්කාන්තිට
හවසට බෝල ගහන්න යන වෙලවට වැට ලග ඉදන් කොහොමහරි මලේ ආරන්චිය දෙන්න මල්කාන්ති හිතාගෙන පන්ති ගියා.
කොට කොටා ආපු පනමුරේ බස් එක ඇබිලිපිටියට එනකොට දහයත් පහු වෙලා, මල්කාන්ති වීදිය දිගේ ටියුශන් පන්තියට යන්න යනකොට නාමල් අය්ය ඈතින් ඉන්නව දැක්ක,
නාමල් අය්ය හිටියෙ ටව්මේ රෙදි කඩයක් ඉස්සරහ, ඩෙනිම් කලිසමක් අදලා ඇගේ ගානටම රවුම් කර ටී ශර්ට් එකක් ඇදල පාරේ පේමන්ට් එකෙ යකඩ වැටට හෙත්තු වෙලා කඩේ දිහා බලා හිටියෙ මහපාරට පිටු පාගෙන, නාමල් අය්ය ඔරලෝසු කනුව පැත්තෙ ඉදන් මල්කාන්ති එනව දැක්කෙ නෑ. මල්කාන්ති ඒ දිහාවට යනගමන ඉක්මන් කරේ දෙවල් සිද්දවෙන්නෙ කව්රුහරි හරියට බලාගෙන ඉදලා එකිනෙකට අමුනනව වගේ කියල හිත හිත.
ඒත් මල්කාන්ති කිට්ටුවෙන්න ඉස්සෙල්ල යකඩ වැටෙන් ඈත් වෙච්ච නාමල් එකපාරටම හැරිල යන්න වගෙ හැදුව,
“නාමල් අය්යේ,,,,”
නා…..”
මල්කාන්තිට දෙපාරක් අඩගහන්න උනේ නෑ, කව්ද කෙල්ලෙක් කඩේ ඉදල ඇවිත් නාමල් අය්යගෙ අත අල්ලගත්ත,
එත් එක්කම නාමල් අය්යත් කව්ද කතා කරේ කියල පස්ස හැරිල බලල මල්කාන්තිව අදුන ගත්ත.
මල්කාන්තිට සිද්දිය තෙරුනා, එදා ඇග ඇතුලෙ උස්මහත්වෙච්ච ගහ මොහොතකින් දියවෙලා ඇකිලිලා යනව වගෙ මල්කාන්තිට දැනුන, ඒ ගහ දියවෙලා හැදිච කපොල්ලට ඇගේ තියන සේරම වතුර ටික ගලාගෙන ගිහින් වාශ්ප වෙලා යනව වගේ තොල කට වේලුනා මූනෙන් දාඩිය බේරුනා,, වචන පටලැවුන,
“අය්යෙ මල් පිපුනා”
අන්තිමට මල්කාන්තිට කියවුනේ එහෙම
“මොන මල්ද?”
කියල අර කෙල්ල නාමල් දිහා බැලුවෙ මේ මොන පිස්සු මලහොන්තුවක්ද මේ කියල කියන මූනක් හදාගෙන
“අර අය්ය දුන්න මුසැන්ඩාස් අත්ත පැලවෙලා දැන් මලුත් පිපිල”
“ආඅ එකද, මේ අපෙ ගමෙ නන්ගි කෙනෙක්, මගෙන් එක දවසක් මුසැන්ඩස් අත්තතක් ඉල්ලගෙන ගිය මේ කියන්නෙ එක ගැන,”
නාමල් අය්ය කතවෙ මුල මැද අග යා කරා,
ඒ කෙල්ලට හිනාගියා.
“නන්ගි මේ මානෙල්”
නාමල් අය්ය මල්කාන්තිගෙ පැත්තෙත් අග මුල යාකරා
නාමල්- මානෙල්, මානෙල්- නාමල්, කැපෙනව කැපෙනව, කිරි පැනි වගේ ගැලපෙනව, මල්කාන්ති හිතුව.
ඊටපස්සෙ තුන්දෙනත් එක්කම කතා කර කර යන්න ගත්ත. කොහෙද යන්නෙ , මොන පන්තිද යන්නෙ, කීයටද තියෙන්නෙ වගෙ එක එක දෙවල් කතා කර කර ගිහිල්ල මල්කාන්ති පන්තියට හැරෙන තැනින් හැරිල ගියා එත් වැඩියම ප්‍රශ්න ඇහුවේ ඒ කෙල්ල මිසක් නාමල් අය්ය නෙමේ, එත් මල්කාන්ති ඇහුවෙ නැ ඒ ගොල්ලො යන්නෙ කොහෙද කියල මල්කාන්ති දැනගත්ත ගමනාන්තය නිව් ටවුන් හොල් එකේ දහයයි තිහ ශෝ එක තමා කියල තමා කියල.
ඊට පස්සේ මල්කාන්තිට මුසැන්ඩස් ගහ දිහ බලන්නවත් හිත දුන්නේ නෑ, එත් මූලික සාත්තුව විදපු හින්ද ගහ තනියම හැදුනා මල් පිපුනා, කොල හැලුන දලු දැම්ම, මල්කාන්ති හිතපු විදිහටම දොර දෙපැත්තේ තැබිලි මුසැන්ඩාස් ගහයි රෝස මුසැන්ඩාස් ගහයි, ගෙදර බිත්තිවල ගාල තිබ්බෙ රෝසපාට හුනු නිසා රෝස පාට මුසැන්ඩාස් වැඩිය කැපිල පෙනුන් නෑ අනික රෝස පාට ගහ තාම පොඩිවට තිබ්බෙ කලින් හිටෙව්ව තැබිලි පාට ගහට වඩා
දවසක් පන්ති ඇරිල එද්දි නාමල්ව මූනටම හම්බ උනා මල්කාන්තිගෙ, මොටර් බයිසිකලයක් පැදගෙන ආපු නාමල් අය්ය මල්කාන්ති දැකල ස්ලෝ කරල නැවැත්තුව,
“මල්කාන්ති නන්ගි කොහොමද ඉතින්?”
නාමල් ඇහැ පුන්චි කරලා ඔලොක්කුවට වගේ අහනකොට මල්කාන්තිගෙ මූන ඉබේම උල් උනා.
“දැන් ගහේ මල් පිපෙනවද හෝ.. හෝ.. ගාල”
“අපේ ගස් වල මල් පිපුනම් කාටවත් ඇති රුදාව මොකද්ද?”
මල්කාන්ති කියගෙන ගිහින් ගස්සල අයෙත් යන්න පටන් ගත්ත.
නාමල් අයෙත් බයිසිකලේ ස්ටාර්ට් කරගෙන මල්කාන්ති ලගට පැදගෙන ඇවිල්ල,
“ආ... එහෙමද නන්ගී ..”
ඔලොක්කුවට පොඩි හූවක් කියල වේගයෙන් ඉදිරියට ඇදිල ගි යා.
මල්කාන්තිට කේන්තිය වැඩි කමට කුඩේ හරියට ආම්බාම් කරගන්න බැරිඋනා ඌට පාරක් දෙන්න
එදා හවස ගොම්මනේ මල්කාන්ති රොස මුසැන්ඩස් ගහ ලගට වෙලා ගොඩාක් වෙල හිටිය, ගහ කපල දාන්නත් හිතුන, රොස පාට පෙති අතගාල බලනකොට හිතුනෙ පාටෙ තියන සිනිදු බව පෙති වල ඇත්තටම නෑ කියල, හීනියට බූවක් වගෙ එකක් තියනව හොදට අතගාල බැලුවහම, ඇත්තටම රොස පාටට මල් පෙති කියල හිතුවට ඒ තියෙන්නෙ පෙතිම නෙමේ, ඇත්ත මල් තියෙන්නෙ එව මැද, පොඩි ලාකහ පාට තරුවක් වගේ ලකයක් නැති මලක්, සුවදක් ගෑවිලාවත් නැති මේ මල් මල්වට්ටියකටවත් කඩනවයැ කවුරුවත්, අඩුගනේ මනමාලියෙක්ගෙ මල් පොකුරටවත් ගන්න එකක්යැ…
මලකාන්ති එහෙම හිතුව, ඉර රතූ පාටට බැහැල ගියා මල්කාන්ති එතන හිටිය ඩින්ගට
පස්සෙන් පහු කාලෙක මල්කාන්ති දීග ගියේ පැල්මඩුල්ලේ හන්දුරුකන්දේ හාදයෙක් එක්ක, තේ වතු පහුකරන් කදු පාරක කෙලවරේ අක්කර බාගෙක ඉඩමෙ මැද හදල තිබ්බ කාමර දෙකේ ගේ කෑල්ලට තමයි මලකාන්ති එක්කන් ගියේ ඒ ගියාම ගෙදර මිදුලේ මුසැන්ඩාස් තියනවද කියල බලන්න මල්කාන්තිට ඒ වෙනකොට නිච්චියක් තිබ්බෙම නැති උනාට ඒ මිදුලෙ තිබ්බෙම නෑ මුසැන්ඩාස්, ගේ වටෙටම තේ වවල පොඩි ඉඩක් තමයි මිදුලට ඉතිරිකරගෙන තිබ්බෙ එකෙත් හවසට පාන තියන්න ගන්න වතුසුද්ද මලුයි ගැටපිච්ච වැලකුයි සරුවට හැදිල තිබ්බ, තේ ගස් වල මල් උනත් සුදූ පාටයි, මලකාන්ති මුලින්ම තේ මල් දැක්කෙ එහෙදි.
දවස තිස්සෙම තේ ගස් අස්සේ ඔට්ටු අල්ලන රත්නපාලට උදව්වට දලු කඩන්න, වල් නෙලන්න මල්කාන්තී ඉකමනටම පුරුදු උනා, මහ ගෙදර යන්න උනේ කලතුරකින්, ඉදල හිටල පැල්මඩුල්ලට ගියෙ ගෙදරට ඕනෙකරන අඩුම කුඩුම ගන්න, එත් කලෙකින් ගෙදර ගියොත් සතියක හමරක් ඉදල එන්න මලකාන්තිල පුරුදු වෙලා හිටිය,
මල්කාන්තිගෙ මල්ලිගෙ මගුල් ගේ ගන්නකොට මල්කාන්තිගෙ දරුවට අවුරුද්දයි, ගෙදර වැඩ පොල වලටත් එක්ක සතියක් හමාරක් කලින් එන්න කිව්වම මල්කන්ති ලැහැස්ති උනා ගෙදර යන්න, අයේ තේ කැල්ලෙ වැඩට බහින්නෙ වෙන්නෙ සතියකින් විතර පස්සෙ හින්ද රත්නපාල කිව්ව එදා දලු මුරෙත් කඩල ලොරියට දීලම හවසටම එන්නම් මල්කාන්තිට දරුවත් එක්ක උදෙම යන්න කියල , ඉතින් මල්කාන්ති ඕනිම කරන අඩුම කුඩුම ටිකත් අරන පිටත් උනේ ඉතිරි ටික පොදි ගහල හවසට රත්නපාලට ගේන්න.
පැල්මඩුල්ලෙන් ඇබිලිපිටියට ඇවිල්ල පනාමුරෙ බස් එක අල්ලගෙන මල්කාන්ති ගෙවල් ලග හෝල්ට් එකෙන් බහිනකොට එකොලහත් පහුවෙලා, ඒ බැහැල ගෙදරට යන්න හැරෙනකොට මල්කන්ති දැක්ක කට්ටියක් පාරෙ එහා පැත්තේ අලුතෙන් බස් හෝල්ට් එකක් හදනව, බස් හෝල්ට් එකේ වැඩ ගොඩක් ඉවර වෙලා තිබ්බෙ ඒ වෙනකොට, එකෙ බිත්ති වල ගොම කොල පාට වගෙ හමුදා ඇදුමක පාට තියන විදිහට පාට ගාල තිබ්බෙ, ඉස්සරහින් අඩි තුනක විතර බිත්තියක් බැදලා දෙපැත්තෙන් කටවල් දෙකක් තියල තිබ්බ ඇතුල් වෙන්න, ඊට උඩින් වහලෙට පහලින් සුදු පාට බිත්ති පටියක් ඉතිරි කරල එකෙ අකුරු වගයක් ලියමින් කව්ද ඒ වෙනකොට හිටියෙ, ඔබට සෙවන - කියල විතරයි මල්කාන්ති ලියල තියනව දැක්කෙ ඉතිරි කෑල්ල පුතුට නිවන වෙන්න ඇති කියල මල්කාන්ති හිතුව, ඒ අකුරු ටිකට උඩින් පොටො එකක් ගහන්න ඉඩක් හදල තියනවත් මල්කාන්ති දැක්ක. ලමය හම්බ වෙල පහුගිය අවුරුද්ද තිස්සෙ ගමේ එන්න බෙරි උන අතරෙ මේ ගම් තුලනෙ කවුරුහරි හමුදාවට ගිහින් මැරිල ඇති කියල ගෙදරට අවිදන් යන අතරෙ හිතෙන්න ගත්ත,
මල්කාන්ති ගෙදර ගිහින් තේ කහට ටිකක් බීල තාත්තත් එක්ක ආගිය තොරතුරු කතාවට බැස්සේ අම්ම කුස්සියෙ උය උය ඉද්දි.
“කා වෙනුවෙන්ද තාත්තේ අර හන්දියෙ බස් හොල්ට් එකක් හදන්නෙ මිනිස්සු එකතු වෙලා, කව්ද ලගදි යුද්දෙට ගිහින් මැරුනෙ?”
“ඇයි අර එහා පාරෙ කුසුමාවතිගේ ලොකු කොලුවා, නාමල් තිරුකුනාමලෙදි බොම්බෙකට අහුවෙලා මලානෙ, ඔය අවුරුද්දේ පින්කමට ඕක හදන්නෙ, අපරාදේ යස ඉලන්දාරිය මිනිය ගෙනාවෙත් සීල් කරල...”
මල්කාන්තිව ඉබේම පුටුවෙන් නැගිට්ටුනා, ලමයව තාත්තගෙ අතට දුන්නා හිමින් හිමින් මිදුලේ රොඅසපාට මුසැන්ඩස් ගහ ලගට ගියා,
කාලෙකින් වැස්සක් වැටිල තිබ්බ නැති හින්ද ගහේ කොල අතු මැලෑ වෙලා, මල් පෙති තව් ගැහිලා තිබ්බ, අතු මුල මැරිච්ච කොල රොක් වෙලා තිබ්බ, මල්කාන්තිගෙ ඇස් වලින් කදුලක් වැටුන , එදා ඇග ඇතුලේ හැදිච්ච ගහේ කුරුමිනි අඩු තරමේ කෑලි තාම තියනව වගේ දැනුනෙ ඒ වෙලාවෙ එවා පපුව ඇතුලේ ඇනෙනව වගේ දැනුන නිසා,
මිනිස්සු ගස් වගේ නෙමේ මැරුනොත් මරුනම තමා, ගහක් නම් මුලින්ම කපල දැම්මත් පස් අස්සේ හැන්ගිල තියන මුල් කෑල්ලකින් හරි අයෙ පැලයක් හැදෙයි කියල හිතන්න ඉඩ තිබ්බට මිනිස්සුනම් මැරුනොත් මැරුනම තමා
………………………………………………………………………………………………………
“ඇයි බන් ඔය ගහ මැරුනේ තාත්ත මැරෙන්නත් ඉස්සෙල්ලනෙ, උබ ඒ දවස්වල දැක්කෙ නැද්ද?
“ඒ දවස්වල කොහෙද අම්මේ ඔවයෙ වගක්...
මල්කාන්න්තිල මේ වත්ත පිටිය සුද්ද බුද්ද කරන්නේ තාත්තගෙ තුන් මාසේ දානෙට
“කොල හැලිල මැරීගෙන වගේ යනකොට මන් වතුර දැම්මා …දැම්මා ..ගොඩ ගන්න බැරිඋනා,
මන් හිතන්නේ වයසටම මැරෙන්න ඇති මයෙ හිතේ, ගසුත් මිනිස්සු වගේ තමයි බන්,, වයසටම ගියාම වෙලාව ආවම අයෙ සැක්කරය ආවත් නවත්තනව බොරු”
අම්ම සුසුමක් හෙලුව
“ඒකයැ, දැන් වද මල් වවන එක තමා අලුත්ම මෝස්තරේ පාට පාට වදමල්, මාත් රතු පාට පොකුරු වද අත්තක් ගෙනල්ල අර ගේ පිලිකන්නෙ බෑග් එකක දාල ඇති, මල් පිපුනම වෙසක් කූඩු වගේ බලන්න ලස්සනයි, එන්න ඒ පැලෙත් ගෙනල්ල ඔයගමන්ම ඔතනින් එකත් හිටුවල දාපන්කො”
මල්කාන්ති රොසපාට මුසන්ඩාස් ගහ තිබ්බ තැන බිම පාදල ගත්ත,
මුසැන්ඩාස් වෙනුවට වද මල් , වදමල් වෙනුවට වෙන ගහක්, ඒ ගහ වෙනුවට තව ගහක් එක වෙනුවට තව එකක්, ඉවරයක් නෑ, ඉමක් නෑ කොනක් නෑ, නෑ, නෑ, නෑ…..
මල්කාන්ති ඒ තාලෙටම උදලු පාරවල් ගහගෙන ගහගෙන ගියා

No comments:

Post a Comment