පාසල් රග්බි පිටියේ පළමු සතියේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී තරග 3ක් පැවැත් වුනු අතර එම තරග වලින් රාජකීය විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය. ඒ පිළිවෙළින් සාන්ත ජෝසප් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය පරාජය කරමිනි.

ගෙවුනු දවස පෙබරවාරි 25 – සදීරගෙන් විශිෂ්ට පිතිහරඹයක්

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව…

සාන්ත තෝමස් විද්‍යාලය සහ වේල්ස් කුමර විදුහල අතර තරගය

CR & FC ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් 57:00ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. ආරම්භක තරගයේ දීම කිසිදු ගෝලයක් වාර්තා කරන්නට වේල්ස් කුමරුවන්ට ඉඩ නොදුන් තොමසුවන් විසින් පළමු ගෝලය වාර්තා කරන්නේ තරගයේ මිනිත්තු 10ක් වන විටයි.  සාන්ත තෝමස් විද්‍යාලයේ නායක නවීන් හේනකන්කානම්ගේ විසින් ධවල රේඛාව පසු කර ගොස් වාර්තා කල උත්සාහක දිනුමේ ප්‍රවර්තන ඩීයෝන් ඩයස්ට සාර්ථක කර ගන්නට නොහැකි විය.

ඉන් සුළු මොහොතකට පසුව නැවතත් ක්‍රියාත්මක වූ නවීන්, ලුශාන්ත විසින් ලබා දුන් ගෝලය සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත් කර ගත් නමුත් එහි ද ප්‍රවර්තනය ඩයස්ට මඟ හැරුනි.

ඉන් පසුව ගෝල වාර්තා කරන්නට අවස්ථා කිහිපයක් තෝමස්වරුන්ට උදා වුවත් ඒවා සාර්ථක කර ගන්නට ඔවුන්ට නොහැකි විය. තරගයේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා වූයේ අදීස හඳුන්පතිරණ විසිනි. ඩයස් මෙවරත් ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත.

කෙසේ නමුත් ප්‍රථම අර්ධය නිමා වන විට තවත් උත්සාහක දිනුම් කිහිපයක ලකුණු සිය ගිණුමට බැර කර ගන්නට තොමසුවන් සමත් විය.

ප්‍රථම අර්ධය : සාන්ත තෝමස් විද්‍යාලය 38 – 00 වේල්ස් කුමර විද්‍යාලය

දෙවැනි අර්ධයේ දී හෝ ලකුණක් වාර්තා කරන්නට වේල්ස් කුමරුවන් උත්සහ කල නමත් තොමසුවන් ඊට ඉඩ හසර ලබා දුන්නේ නැත.

දෙවන අර්ධය ආරම්භ වී සුළු මොහොතක් ගත වන විට උත්සාහක දිනුමක් සාර්ථක කර ගන්නට ලුෂාන්ත දාබරේ සමත් විය. හාන්ස් වල්පොල් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය.

වේල්ස් කුමරුවන්ට දඬුවම් පහරක් මඟින් ලකුණූ 3ක් රැස් කර ගන්නට ලැබුණු අවස්ථාවක් ව්‍යර්ථ වී ගියේය.

කෙසේ නමුත් නියමිත කාලය අවසන් වන විට ක්‍රිස්ටියන් ඩී ලිලී සහ ලුෂාන්ත දාබරේ උත්සාහක දිනුම බැගින් වාර්තා කල අතර තරගය නිමා වන විට උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්තන 6ක් සමඟින් ලකුණු 57ක් රැස් කර ගන්නට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

අවසන් ලකුණූ තත්වය : සාන්ත තෝමස් විද්‍යාලය 57 – 00 වේල්ස් කුමර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: නවීන් හේනකන්කානම්ගේ (සාන්ත තෝමස් විද්‍යාලය)


සහිරා විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර තරගය

සහිරා විද්‍යාලය විසින් විද්‍යා විද්‍යාලය පරාජය කරමින් 2017 පාසල් රග්බි තරග වාරයට ආරම්භය ලබා ගන්නා ලදි. ප්‍රථම අර්ධය නිමාවන විට 13-8ක් ලෙස ලකුණු 5කින් පෙරමුණ ගෙන සිටි සහිරා විද්‍යාලය තරගය අවසන් කලේ 19-13ක් ලෙසයි.

රත්මලානේ දී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන්ම  ලකුණු පුවරුව ආරම්භ කලේ යුස්රාන් ලන්ත්‍රා විසින් වාර්තා කල උත්සාහක දිනුමත් සමඟිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සයිඩ් සිංහවංස සමත් විය.

විද්‍යා විද්‍යාලය තරමක් දුර්වල ක්‍රීඩා රටාවක් මෙම තරගයේදී පෙන්නුම් කල අතර බොහෝ විට ලකුණක් රැස් කර ගැනීමේ අවසන් පියරව ඔවුන්ට මඟ හැරුනි. විද්‍යා විද්‍යාල ක්‍රීඩක විබූධ සහන් හට අනඟි දඬුවම් පහර දෙකක් හිමි වූවත් ඔහුට සාර්ථක කර ගැනීමට හැකි වූයේ එයින් එකක් පමණි.

කෙසේ නමුත් ප්‍රථම අර්ධය අවසන් වන විට පාසල් දෙකේ ලකුණු පුවරුව දැක්වූයේ 08-13ක් ලෙසයි.

ප්‍රථම අර්ධය: සහිරා විද්‍යාලය 13 – 08 විද්‍යා විද්‍යාලය

දෙවැනි අර්ධයේ දී සයිඩ් හට ලැබුනු දඬුවම් පහර දෙකක් සාර්ථකව ලකුණූ බවට පත් කර ගන්නට ඔහු අසමත් විය. කෙසේ නමුත් දෙවැනි අර්ධයේ දී ආරම්භය ලබා ගත්තේ විද්‍යා විද්‍යාලය විසිනුයි. ඉමාෂ් ප්‍රියදර්ශන විසින් වාර්තා කර ගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක විය. ඒත් සමඟින් ලකුණු පුවරුව 13-13ක් ලෙස සම විය.

තරගයේ අවසන් කාර්තුවේ දී සහිරාවන් ලැබුනු දඬුවම් පහර දෙකක් සාර්ථක ව ලකුණූ බවට පරිවර්තනය කර ගැනීමට සයිඩ් සමත් විය. ඒත් සමඟින් තරගයේ නියමිත කාලය නිමා වූයේ 19-13ක් ලෙස සහිරා විදුහලට ජයග්‍රහණය හිමි වෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 19 – 16 විද්‍යා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: සයිඩ් සිංහවංස (සහිරා විද්‍යාලය)

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්

විද්‍ය විද්‍යාලය (08) 13

  • උත්සාහක දිනුම්: සංජුල රොහාන්, ඉමාෂ් ප්‍රියදර්ශන
  • දඬුවම් පහර: විබූද සහන්

සහිරා විද්‍යාලය (13) 19

  • උත්සාහක දිනුම්: යුස්රාන් ලන්ත්‍රා
  • ප්‍රවර්තන: සයිඩ් සිංහවංස
  • දඬුවම් පහර: සයිඩ් සිංහවංස

රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය

රාජකීය විදුහලට තියුණු ජයක් හිමිවුනු මෙම තරගය නිමාවූයේ 28-22ක් ලෙස ලකුණු 6ක පරතරයක් සහිතවයි.

රාජකීය විද්‍යලීය ක්‍රීඩා සංකීර්ණයේ දී මිනිත්තු 16ක් වන විට සාන්ත ජෝසප් ක්‍රීඩක ශාන් අකිල් විසින් සාර්ථකව උත්සාහක දිනුමක් වාර්තා කල අතර චතුර සෙනෙවිරත්න හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

තරගය පුවරාවටම කණ්ඩායම් දෙකම තියුණු ක්‍රීඩා විලාසයක් දිස් වුනු අතර රාජකීයයෝ ලකුණු පරතරය සමාන කරන්නට උත්සහ කරන ලදි. එම උත්සාහය යම් තරමකින් හෝ සාර්ථක වූයේ ඔවුන්ට ලැබුනු දඬුවම් පහරක් මොහොමඩ් සාකීර් විසින් සාර්ථක කර ගැනීමත් සමඟයි.

තරගයේ ප්‍රථම අර්ධය නිමා වීමට මත්තෙන් ජෝසප් විද්‍යාලය අබිබවා ලකුණූ රැස් කර ගැනීමට රාජකීයයන් සමත් වූයේ හම්සා රීසා විසින් සාර්ථක කර ගත් උත්සාහක දිනුමත් සමඟයි. ප්‍රවර්තනය අසාර්ථකයි.

ප්‍රථම අර්ධය : රාජකීය විද්‍යාලය 08 – 05 සාන්ත ජෝසප් විද්‍යාලය

කණ්ඩායම් දෙකම විවේකයෙන් අනතුරුව උද්යෝගයෙන් පිටියට පිවිසි අතර රාජකීයයන් වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගන්නට ශෙනුක පෙරේරා සමත් විය. මොහොමඩ් සාකීර් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය.

තරගය අතරතුර දී ගැමුණු චේතියට සහ සමාධි ඉදුවරට කහ කාඩ්පත් අවවදායකට ලක් කෙරුනි.

දෙවැනි අර්ධය අතරතුර දී සාකීර් සහ ඔවින් අස්කි පිළිවෙළින් දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කර ගන්නට සමත් විය.   

කෙසේ නමුත් තරගයේ නියමිත කාලය අවසන් වන විට තවත් ලකුණු කිහිපයක් රැස් කර ගැනීමට විද්‍යාල දෙකම සමත් වූ අතර තරගය අවසන් වන විට උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තන 2ක් සහ ඩ්‍රොප් ගෝලයක් සමඟින් ලකුණු28ක් වාර්තා කරන්නට රාජකීයයන් සමත් වූ අතර ප්‍රතිවාදීන්ට රැස් කර ගත හැකි වූයේ උත්සාහක දිනුම් 4ක් සහ එක් ප්‍රවර්තනයක් සමඟින් ලකුණු 22ක් පමණි.

අවසන් ලකුණු තත්වය : රාජකීය විද්‍යාලය 28 – 22 සාන්ත ජෝසප් විද්‍යාලය

Thepapre.com තරගයේ වීරයා: හම්සා රීසා (රාජකීය විද්‍යාලය)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්

රාජකීය විද්‍යාලය : හම්සා රීසා, ෂෙනුකා පෙරේරා, සබීත් ෆෙරෝසන්, ඔවීන් අස්කී 1DG, මොහොමඩ් සාකීර් 2c, 2P

සාන්ත ජෝසප් විද්‍යාලය : ෂාන් අකිල, ගිහාන් පෙරේරා, චන්න අශෝක, විනුල් ප්‍රනාන්දු, චතුර සෙනෙවිරත්න 1C

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට