කළුතරට ජය ගෙන ගිය ලහිරුගේ සහ හේෂාන්ගේ සබඳතාවය

292
Singer U19 Schools Cricket

පළමු ඉනිමේ ජයග්‍රහණ රැසක්ම සමඟින් අදත් පාසල් ක්‍රිකට් පිටියේ තරග කිහිපයක් අද නිමාව දුටු අතර සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 5ක පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. සීමිත පන්දුවාර තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 80ක ජයග්‍රහණයක් හිමි විය.

සහන් සුරවීර ශතකයක් සමඟින් 1000 පසු කරයි

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ තරග කිහිපයක්ම හා සාන්තුවරුන්ගේ සටනේ පෙර පුහුණු තරගයේ පළමු දිනය අද (24) සාර්ථක ලෙස අවසන් විය. දිනය තුල ශතක හා අර්ධ ශතක…

මොරටුව මොරටු විද්‍යාලය හා කළුතර සිරි කුරුස විද්‍යාලය

සිරි කුරුස විද්‍යාලය පළමු ඉනිම ජයග්‍රහණය කල මෙම තරගයේ මොරටු විද්‍යාලය තම දෙවන ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 281ක් රැස්කර ගත්තේ ලහිරු ප්‍රනාන්දු හා හේශාන් ආධිත්‍යය ගොඩ නැගූ විශිෂ්ට සබඳතාවය නිසාවෙනි. ඔවුන් දෙදෙනා නොදැවී ලකුණු 126*ක් හා ලකුණු 65*ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ ඉනිම දෙක තුලම මලින්ද ජයෝද් කඩුලු 10ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

මොරටු විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 98 (26): මලින්ද ජයෝද් 5/65, අවිශ්ක පෙරේරා 2/10, ඉයන් ඩෙවින් 2/17

සිරි කුරුස විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 184 (56.4): නදීර මදුවන්ත 55, කවිඳු උමයංග 32, ලහිරු තඹවිට 29, රෙශාන් කවිශ්ක 4/44, ශෙහාර සොයිසා 3/42, නජිත් මිශේන්ද්‍ර 2/32

මොරටු විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 281 (78.5): ලහිරු ප්‍රනාන්දු 126*, හේශාන් ආධිත්‍යය 65*, මලින්ද ජයෝද් 5/91, දිල්හාර නානායක්කාර 3/41

සිරි කුරුස විද්‍යාලය දෙවන ඉනිම – 51/5 (16): පසිඳු පෙරේරා 43, ශෙහාන් ජීවන්ත 3/07, ශෙසද සොයිසා 2/08


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයේ ඇරයුමින් පිටියට පැමිණි ආනන්ද විද්‍යාලයේ පළමු ඉනිමට සහන් සුරවීර ශතකයක් එක් කල අතර, එම ඉනිමට පිළිතුරු ලෙස ප්‍රතිවාදීන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 138ක් පමණි. එහි දී දක්ෂ ලෙස පන්දු යැවූ දිලීප ජයලත් කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය. මෙම තරගයෙන් ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජය හිමි විය.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 361/7 dec (64): සහන් සුරවීර 104, කවිශ්ක අංජුල 73, සම්මු අශාන් 66, අසේල සිගේරා 32, කමේෂ් නිර්මාල් 26*, දුශාන් හෙට්ටිගේ 23, නිපුන් සුමනසිංහ 4/68, හරීන් කුරේ 2/123

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 138 (71.4): නිපුන් සුමනසිංහ 28, කැමරන් දුරුගේ 24, දිලීප ජයලත් 7/23

ආනන්ද විද්‍යාලය දෙවන ඉණිම – 28/1 (6):


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

කාසියේ වාසිය තම සුරතට ගත් ඇලෝසියස් විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දී පන්දුවට පහර දුන් අතර පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සෙබස්තියන් ක්‍රීඩකයෝ සමත් වූහ. එහි දී සෙබස්තියන් පළමු ඉනිම සැරසූ මිශේන් සිල්වා හා තරුශ ප්‍රනාන්දු අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට සමත් විය. හරීන් බුද්ධිල කඩුලු 4 යි. ඇලෝසියස් දෙවන ඉනිමට ලකුණු 52 එක්කි රීමට අශේන් බණ්ඩාර සමත් විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 270 (80.3): අශේන් බණ්ඩාර 125, නිලුක්ශ දුල්මින 43, හරීන් බුද්ධිල 31, අවිශ්ක ප්‍රනාන්දු 2/52, ප්‍රවීන් ජයවික්‍රම 2/64

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 300 (70.3): මිශේන් සිල්වා 68, තරුශ ප්‍රනාන්දු 50, නුවනිදු ප්‍රනාන්දු 43, අවිශ්ක ප්‍රනාන්දු 32, හරීන් බුද්ධිල 4/111, කවිශ්ක ඩිල්ශාන් 3/74

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉනිම – 175/5 (55): අශේන් බණ්ඩාර 52, නිලුක්ශ දුල්මින 34, තරුශ ප්‍රනාන්දු 3/47


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගයේ දී මහේෂ් තීක්ෂණ ලකුණු 72ක් වාර්තා කල අතර, සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කඩුලු 8ක් ද දවා ගැනීමට සමත් විය. සාන්ත අන්තෝනි විද්‍යාලයේ දෙවන ඉනිම ලකුණු 127කට අවසන් වූ විගස, ලකුණු 105ක් හඹා ගිය බෙනඩික්ට් විද්‍යාල ඉනිමට ලකුණු 38ක් එක් කරන්නට ඩිලෝන් චතුරංග සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 128 (35.4): සතිශ් වික්‍රමාරච්චි 26, මොහොමඩි අබ්සාර් 19, ඩෙවෝන් ස්ටුවර්ට් 19, මතීෂ තීක්ෂණ 5/23, චලන සංකල්ප 2/33

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී  154 (51.2): මතීෂ තීක්ෂණ 72, කවීෂ ජයතිලක 18, සඳරුවන් ධර්මරත්න 4/55

සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 127 (39.2): තීක්ෂණ ගුණසිංහ 25, මොහොමඩ් අබ්සාර් 21, චමිදු විජේසිංහ 4/17, මහේෂ් තීක්ෂණ 3/29

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවන ඉනිම – 105/5 (34.3): ඩිලාන් චතුරංග 38, සන්තුෂ් වික්‍රමාරච්චි 2/13


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ පිටියේ දී නිමාවට පත් වූ මෙම තරගයේ ධර්මරාජ විදුහල් පළමු ඉනිමට ලකුණු 86ක් එක්කි රීමට දේශාන් ගුණසිංහ සමත් විය. විහාන් ගුණසේකර කඩුලු 5ක් දවාලමින් තම විද්‍යාලයේ දෙවන ඉනිමට ලකුණු 40ක් ද එක් කලේය. මෙම තරගයෙන් ඩී.එස්. සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 282 (88.2): පසිඳු චානක 93, මුදිත ලක්ෂාන් 65, ශසික ගමගේ 36, ගිහාන් විතාරණ 2/39

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 224 (63.2): දේශාන් ගුණසිංහ 86, ඩිල්ශාන් නවින්ද 30* විහාන් ගුණසේකර 5/55, ඉනෝශ ගුණවර්ධන 2/12

ඩී.එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 138/4 (29): විහාන් ගුණසේකර 40,ශසික ගමගේ 25*, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/39


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය (සීමිත පන්දුවාර තරගය)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 80ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වූ මෙම තරගය බ්ලුම්ෆීල්ඩ් පිටියේ දී අවසන් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 186ක් ලබා ගත් අතර, ශැනොගීත් ශන්මුගනාදන් ලකුණු 71ක් ලබා ගන්නා ලදි. ඔහුට අගනා සහයක් දුන් චානුක බණ්ඩාර ලකුණු 69යි.

ලකුණු 187ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මහානාම විද්‍යාලයට ශැනොගීත්ගේ පන්දු යැවීම හමුවේ ලකුණු ලබා ගැනීම අපහසු කාර්යයක් වූ අතර, ශැනොගීත් ප්‍රතිවාදී කඩුලු 6ක් ලකුණු 11ක් තුල දවා ගැනීමට සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලය – සියල්ලන්ම දැවී 186 (47.5): ශැනොගීත් ශන්මුගනාතන් 71, චානුක බණ්ඩාර 69, නිදුක වැලිකල 4/41, හෙශාන් හෙට්ටිආරච්චි 2/28

මහානාම විද්‍යාලය – සියල්ලන්ම දැවී 106 (31.1): මලිදු මදුරංග 18, ශැනොගීත් ශන්මුගනාදන් 6/11, විමුක්ති නෙතුමල් 3/17

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට