ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා පාසල් මහා ක්‍රිකට් තරග වලට 2017 වර්ෂය සඳහා ඊයේ (24) ආරම්භය තැබුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලයයි. ඒ අනුව බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් 54 වැනි වරටත් SSC පිටියේ දී පැවති සහෝදරයින්ගේ සටන අද (25) ජය පරාජයකින් තොරව නිමාවට පත්විය.

සහෝදරයින්ගේ සටනේ දී දෙපිළේම ක්‍රීඩකයින් උද්වේගකර සටනක

ජාත්‍යන්තර ජය ගත් ක්‍රිකට් තරු බිහි කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට කැප වුනු පාසල් දෙකක් වන කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අද 2017 පාසල්…

march madnessඊයේ ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 228ක් ලෙස සටහන් වූ තර්ස්ටන් ප්‍රථම ඉනිම හඹායමින් සිටි ඉසිපතන පිතිකරුවන් කඩුලු 3ක් දැවී ලකුණු 78ක් ලබා සිටියහ. නමුත් දෙවැනි දිනයේ දී අසාර්ථක පිතිකරණ රටාවක් පෙන්නුම් කල ඔවුන් ලකුණු 141ක් වෙද්දී තම සියලුම කඩුලු අහිමි කර ගත්හ. ඉසිපතන ඉනිමේ වැඩිම ලකුණ ලෙස කඩුලු රකින පිතිකරු සංජුල අබේවික්‍රම හතරේ පහර 4ක් සමගින් වාර්තා කළ ලකුණු 27 සටහන් විය. පැතුම් නිස්සංක ලකුණු 17යි. පන්දු යැවීමේ දී නවීන් ගුණවර්ධන ලකුණු 33ට කඩුලු 5ක් දවාලීමට සමත් වූ අතර චරණ නානායක්කාර තම වේග පන්දුවෙන් ඉසිපතන පිතිකරුවන් සිව්දෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

[rev_slider dfcc728]

ප්‍රථම ඉනිමේ ලකුණු 87ක ඉදිරියක් ලබාගත් තර්ස්ටන් විද්‍යාලය නැවතත් පන්දුවට පහර දීම සඳහා SSC පිටිය මැදට පියමන් කළේ ඒ වන විටත් තමන් දෙසට හැරී තිබූ තරගය ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමේ අටියෙනි. නමුත් වේලාසනින්ම ක්‍රියාත්මක වූ වේග පන්දු යවන ක්‍රීඩක නෙරංජන් වන්නිආරච්චි සහ දඟ පන්දු යවන ක්‍රීඩක ලහිරු ඩිල්ශාන් තර්ස්ටන් පිළේ මුල්පෙළ කඩුලු 3ක්ම ලකුණු 17ක් තුල දී ගලවා දැමීමට සමත් විය. ඒ අතරට ප්‍රථම ඉනිමේ ලකුණු 43ක් රැස්කල තර්ස්ටන් නායක කසුන් අබේරත්නගේ කඩුල්ල ද අයත් විය.

march-madnessකෙසේ වෙතත් තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දක්ෂතා දක්වන චරණ නානායක්කාර දෙවැනි ඉනිමේ දී ද හතරේ පහර 8ක් සමඟින් ලබා ගත් ලකුණු 55 නිසා තර්ස්ටන් විද්‍යාලයට ඉසිපතන ප්‍රථම ඉනිමට වඩා ලකුණු 218ක ඉදිරියක් ලබා ගැනීමට හැකි විය. චරණට හොඳ සහයක් ලබා දුන් නවෝද් සමරකෝන් සහ ප්‍රගීෂ මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 15 සහ 12 බැගින් රැස් කළහ. දිවා කාලය එළඹෙන විට කඩුලු 7ක් දැවී ලකුණු 131ක් ලබා සිටි තර්ස්ටන් විද්‍යාලය තම ඉනිම අත්හිටුවමින් ප්‍රතිවාදී ඉසිපතන විද්‍යාලයට නැවත පිතිකරණයේ යෙදීමට අවස්ථාව හිමි කර දුන්නේ ජයග්‍රහණයක් කරා යාමට තරම් තමන්ට වාසනාව ඇත්දැයි උරගා බැලීමටයි. පන්දු යැවීමේ දී ඉසිපතන විද්‍යාලයේ නෙරංජන් වන්නිආරච්චි සහ අයන සිරිවර්ධන අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ඒ අනුව ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉසිපතන පිතිකරුවන්ට පන්දුවාර කිහිපයක් ගතවෙද්දී ජයග්‍රහණය සෙවීම පසෙකලා තරගය බේරා ගැනීම වෙනුවෙන් සටන් වදින්නට සිදු විය. ඒ ඉසිපතන ලකුණු පුවරුවට ලකුණු 27ක් එක් වෙද්දී ඔවුන්ගේ කඩුලු 3ක් දවා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ නවීන් ගුණවර්ධන සමත් වූ බැවිනි. ඉන් අනතුරුව පිටියේ එක්වුනු හේෂාන් ප්‍රනාන්දු සහ නායක සංජුල අබේවික්‍රම සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 16ක් එක් කරමින් තත්වය තරමක් දුරට පාලනය කිරීමට සමත් වූහ. ඒ වන විටත් ඉසිපතන විද්‍යාලය කෙරෙන් ජයග්‍රහණය ගිලිහී ගොස් තිබූ නිසා කෙසේ හෝ කඩුල්ල ආරක්ෂා කර ගැනීමේ අභිප්‍රායෙන් ඉසිපතන පිතිකරුවන් ක්‍රීඩා කරනු දකින්නට ලැබුණි.

march-madnessවසර 18ක් තිස්සේ ජය පරාජයෙන් තොරව නිමා වී ඇති සහෝදරයින්ගේ සටන මෙවර ප්‍රතිඵලයක් සහිතව නිමා කිරීමට වෙහෙස වූ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රීඩක තුශාල් මධුශංක, හේශාන් ප්‍රනාන්දු (12) සහ සංජුල අබේවික්‍රම (13) නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූයේ SSC ක්‍රීඩා පිටියට ක්‍රමයෙන් අඳුර ගලා එන වටපිටාවක් තුලයි. ඒ වන විට ඉසිපතන දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 58ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමා වන තුරු තම කඩුලු ආරක්ෂා කර ගත් සංජුල බණ්ඩාර සහ ලෙශාන් අමරසිංහ නොදැවී ලකුණු 8 සහ 2 බැගින් රැස් කළහ. පන්දු යැවීමේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් නවීන් ගුණවර්ධන ලකුණු 31ට කඩුලු 3ක් දවාලීමට සමත් වූ අතර තුශාල් මධුශංකට කඩුලු 2ක් හිමිවිය.

march-madnessඒ අනුව 54වැනි වරටත් පැවති සහෝදරයින්ගේ සටන ජය පරාජයෙන් තොරව නිමාවූ 45 වැනි වතාව ලෙස මෙය සටහන් වූ අතර ප්‍රතිඵලයක් සහිතව තරගය නිමා වූ අවස්ථා 9න් අවස්ථා හතරක දී ඉසිපතන විද්‍යාලය ජයග්‍රහණය ලබා ඇති අතර, අවස්ථා 5කදී ජයග්‍රහණය හිමි කර ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත්ව ඇත. කෙසේ වෙතත් 1999 වර්ෂයේ දී අවසන් වරට මෙම මහා ක්‍රිකට් සටනින් ජය ගැනීමට ඉසිපතනය සමත්ව ඇති නිසා ශූරතා කුසලානයේ වර්තමාන හිමිකරුවන් වන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලයයි. නමුත් ප්‍රථම ඉනිමේ ලකුණු 58ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 55ක් රැස් කරමින් ප්‍රතිවාදී කඩුලු 4ක් බිඳ හෙලා තර්ස්ටන් විද්‍යාලය 54 වැනි ක්‍රිකට් සටනේ ජයග්‍රහණය අසලටම රැගෙන යාමට සමත් වූ චරණ නානායක්කාරගේ තුන් ඉරියව් දක්ෂතා තරගය පුරාවට කැපී පෙනුණි.

තර්ස්ටන් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 56.1): චරණ නානායක්කාර 58, කසුන් අබේරත්න 43, නවෝද් සමරකෝන් 34, නිපුන් ලක්ෂාන් 26, නෙරංජන් වන්නිආරච්චි 3/66, ලහිරු ඩිල්ශාන් 3/47.

ඉසිපතන විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 141 (පන්දුවාර 44.1): සංජුල අබේවික්‍රම 27, කළණ පෙරේරා 20,  පැතුම් නිස්සංක 17, හර්ෂ රත්නායක 16, චරණ නානායක්කාර 4/71, නවීන් ගුණවර්ධන 5/33.

තර්ස්ටන් විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 131 (පන්දුවාර 34): චරණ නානායක්කාර 55, නවෝද් සමරකෝන් 15, ප්‍රගීෂ මෙන්ඩිස් 12, නෙරංජන් වන්නිආරච්චි 3/58, අයන සිරිවර්ධන 3/30.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 68 (පන්දුවාර 26): සංජුල අබේවික්‍රම 13, හේෂාන් ප්‍රනාන්දු 12, පැතුම් නිස්සංක 10, නවීන් ගුණවර්ධන 3/31, තුශාල් මධුශංක 2/22.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව