නාවිකයෝ හමුවේ නිව් යංග්ස් ප්‍රථම ජය වාර්තා කරයි‍

311
DCL Super 8 Week 7th New Youngs v Navy SC

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලාන තරගාවලියේ 7 වැනි සහ අවසන් සතිය අදින් (25)  ආරම්භ වූයේ, ජයග්‍රහණයක් පිිළිබඳව සිහින දකිමින් සිටි නිව් යංග්ස් කණ්ඩායමට ප්‍රථම ජයග්‍රහණය වාර්තා කර දෙමිනි. ඒ ගෝල 04-01ක් ලෙසයි. තරගය කැළණියේ දී පැවැත්විය.

නාවික සෙබළියන් පොලිසියට පහර දෙයි

පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති, කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ තවත් තරගයක දී තරගයේ අවසන් භාගය සම්පූර්ණයෙන්ම තමා වෙතට හරවා ගෙන ගෝල 2-0 ක් ලෙස…

පසුගිය සතිය දෙස අවධානය යොමු කිරීමේ දී නාවිකයෝ රිනවුන් හමුවේ ගෝල 02-01ක් ලෙසත් නිව් යංග්ස් යුධ හමුදාව හමුවේ ගෝල 05-00ත් ලෙසත් පරාජය වෙමින් මෙම සතියේ තරග සඳහා සහභාගී විය.

ප්‍රථම අර්ධයේ දී නාවිකයන් සමඟ උරෙන්උර ගැටුනු නිව් යංග්ස් ක්‍රීඩකයෝ පන්දුව පසුපස හඹා ගොස් වාර්තා කල ප්‍රථම ගෝලයත් සමඟින් ප්‍රථම අර්ධයේ වාසිය සමත් දෙසට හරවා ගන්නට සමත් විය.

තරගයේ 21 වැනි මිනිත්තුවේ දී ෆොස්ටර් අමාඩිගේ  පාදයෙන් එල්ල වුනු ප්‍රහාරය, ගෝල රකින්නා පසු කරමින් සාර්ථකව ගෝලය තුලට යොමු විය. ඒත් සමඟින් ලකුණු පුවරුව ආරම්භ කල නිව් යංග්ස් ක්‍රීඩකයෝ තව තවත් තරගය තුල පෙරමුණ ගැනීමට වෑයම් කෙරූහ.

තරගයේ නාවිකයන්ට ලැබුණු නිදහස් පහරක් සාර්ථකව වළක්වන්නට ප්‍රතිවාදී ගෝල රකින්නා සමත් වූ අතර නාලක රොෂාන් නාවිකයන් වෙනුවෙන් තවත් ගෝලයක් සාර්ථක කර ගන්නට උත්සහ කල ද එය ද ගෝල රකින්නා සාර්ථකව වළක්වා ලන ලදි.

ප්‍රථම අර්ධය: නිව් යංග්ස් 01- 00 නාවික හමුදාව

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් ගත වන විට ගෝල පරතරය 02-00ක් ලෙස වැඩි කර ගන්නට මොහොමඩ් ෆවුසාන් සමත් විය. ඒ ඔහුගේ හිසින් එල්ල වූ ගෝලය වළක්වා ලන්නට ගෝල රකින්නාට නොහැකි වීමත් සමඟිනි.

එම ගෝලයේ උණුසුම යන්නටත් මත්තෙන් නැවතත් ගෝලයක් වාර්තා කරන්නට නිව් යංග්ස් ක්‍රීඩක සුදත් ජයලත් සමත් විය.

නාවිකයන්ට පිට පිටම පහර එල්ල වන මොහොතක දී නාවිකයන් වෙනුවෙන් නැඟි සිටින්නට සමත් වූයේ චමීර ක්‍රිෂාන්ත පමණි. ඒ තරගයේ 58 වැනි මිනිත්තුවේ දී යි.

ඉන් පසුව නැවතත් ක්‍රියාත්මක වුනු නිව් යංග්ස් ක්‍රීඩකයන් අතරින්, තරගයේ නියමිත කාලය අවසන් වන විට තවත් ගෝලයක් සාර්ථක කර ගත්තේ හසිත ප්‍රියංකර සමත් විය. ඒ තරගයේ 78 වැනි මිනිත්තුවේ දීයි.

තරගයේ නාවික හමුදාවට ගෝල වාර්තා කරන්නට අවස්ථා කිහිපයක් උදා වුන නමුත් ඔවුන් ක්‍රීඩකයින් කළමනාකරණය කර ගැනීමේ දී සිදු වූ අඩුපාඩු හේතුවෙන් ඒවා ගෝල බවට පරිවර්තනය වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: නිව් යංග්ස් 04 – 01 නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: හසිත ප්‍රියංකර

ගෝල රැස් කල ක්‍රීඩකයින්

නිව් යංග්ස්: ෆොස්ටර් අමාඩී 21”, මොහොමඩ් ෆවුසාන් 47’, සුදත් ජයලත් 49’, හසිත ප්‍රියංකර 78’

නාවික හමුදාව: චමීර ක්‍රිෂාන්ත 58’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට