සුපර් ස්ටාර්ස්, සුපිරි මෙහෙවරක

375
Stars play for a worthy cause

සාමය සඳහා වන ශ්‍රී ලංකා පාපන්දු සංගමය (Football for Peace) සහ මුතුවැල්ල ප්‍රවීණයන්ගේ පාපන්දු සමාජය එක්ව සංවිධානය කරන ලද 2017 ප්‍රවීණයන් සඳහා වූ සාම පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීමට සුපර් ස්ටාර්ස් පාපන්දු සමාජය සමත් විය. තරගය පැවැත්වුණේ කැලණිය ක්‍රීඩාංගණයේදීයි.

නාවික සෙබළියන් පොලිසියට පහර දෙයි

පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති, කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ තවත් තරගයක දී තරගයේ අවසන් භාගය සම්පූර්ණයෙන්ම තමා වෙතට හරවා ගෙන ගෝල 2-0 ක් ලෙස…

දිවයිනේ විශේෂ අවශ්‍යතා වලින් පෙලෙන දරුවන් වෙනුවෙන් පැවැත්වූ මෙම තරගාවලිය තුළ, අන්තර් සමාජ තරගාවලියේ කණ්ඩායම් 9ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගී වූ අතර සැබෑම දිලෙන තරු වූයේ ඔවුන් බව සඳහන් කළ යුතු ය.

සුළු ප්‍රේක්ෂක ජනකායක් ඉදිරියේ පැවති තරගයට පෙරාතුව වැල්ලම්පිටිය අශ් ෂිෆා (විශේෂ අවශ්‍යතා ඇති දරුවන්) සහ ප්‍රීතිපුර ළමා නිවහනේ දරුවන් විසින් තරගාවලිය කෙරේ සිය සතුට ප්‍රකාශ කරනු වස් සහ මුහීඩ් ජීරන් මහතා ප්‍රමුඛ සංවිධායක මඩුල්ලට සිය ස්තුතිය ප්‍රකාශ කරනු වස් සිදු කළ නිර්මාණාත්මක නර්තනය සියලු දෙනාගේ නෙතගට කඳුළක් එක්කළේය.

කණ්ඩායම් 9ක් නියෝජනය කරමින් ඊට එක්ව සිටි 200කට ආසන්න ක්‍රීඩකයන් අතර ලන්ඩන් පාපන්දු සමාජය (FC London),  රෙඩ් ඇන්ඩ් වයිට් ෆ්‍රොම් එංග්ලන්ඩ් (Red and white from England), යුනයිටඩ් වෙටරන්ස් ෆ්‍රොම් කල්කටා (United veterans from Kolkata), සුපර් ස්ටාර්ස් වෙටරන්ස් (Super stars veterans, මාලිගාවත්ත වෙටරන්ස් (Maligawaththa veterans), ජාවා ලේන් වෙටරන්ස් (Java lane veterans), අළුත්කඩේ වෙටරන්ස් (Aluthkade veterans), ඕල්ඩ් පීටරන්ස් වෙටරන්ස් (Old Petersons veterans), වැනි කණ්ඩායම් වල ක්‍රීඩකයන් සිටි අතර ඇතුලත්වීමේ ගාස්තුවම දන්දෙමින් ඔවුන් නොමිලේම ලබා දුන් දායකත්වය නිසා එදින තරු බවට පත්වූයේ ඔවුන්ය.

ලන්ඩන් පාපන්දු සමාජය, කණ්ඩායම් දෙකක බරපැන දරමින් රු. 50,000ක මුදලක් ලබා දුන් අතර අනෙකුත් කණ්ඩායම් රු.25,000 බැගින් ලබා දෙන ලදී. සුභ පතන්නන්ගේ ද දායකත්වයෙන් රු. 220,000කට ආසන්න මුළු මුදලක් එකතු වූයේ පොරොන්දු වූ පරිදිම ශූරයන් වූ සුපර් ස්ටාර්ස් කණ්ඩායමත්, අනුශූරයන් වූ කල්කටා යුනයිටඩ් වෙටරන්ස් කණ්ඩායමත්, දෙවන අනුශූරයන් වූ ජාවා ලේන් වෙටරන්ස් කණ්ඩායමත්, තෙවන අනුශූරයන් වූ මාලිගාවත්ත වෙටරන්ස් කණ්ඩායමත් තමන්ට හිමි ත්‍යාග මුදල් නැවත පුණ්‍යාධාරයට පරිත්‍යාග කිරීමෙන් අනතුරුවයි.

පරිත්‍යාගයෙන් වල හිමිකරුවන් වූයේ මහරගම ළමා පිළිකා රෝහල (100,000), රත්මලාන අඳ ගොළු බිහිරි විද්‍යාලය (40,000), වැල්ලම්පිටිය අල් ශිෆා නිවහන (40,000), ප්‍රීතිපුර ළමා නිවහන (40,000) යි.

තරගාවලියේ අවසන් තරගය ගැන අවධානය යොමු කිරීමේ දී, සුපර් ස්ටාර්ස් කණ්ඩායම විසින් යුනයිටඩ් වෙටරන්ස් ඔෆ් කල්කටා කණ්ඩායම 5-1ක් වශයෙන් පරාජය කරන ලද්දේය. නමුත් දෙපිලේම ක්‍රීඩකයන් ප්‍රකාශ කර සිටියේ තමන් යහපත් කටයුත්තක් වෙනුවෙන් ක්‍රීඩා කළ බැවින් ජය පරාජය නොවැදගත් වූ බවයි.

හිටපු ජාතික ක්‍රීඩකයන් 10 දෙනෙක්, සුපර් ස්ටාර්ස් කණ්ඩායමට ඇතුළත් වූ අතර පසුගිය එෆ්.ඒ. කුසලානය තුළ ක්‍රීඩා කළ වර්තමාන ක්‍රීඩකයන් තිදෙනෙකු ද ඊට ඇතුළත් විය. එක්දිනක් තුළ තරග 5ක් ක්‍රීඩා කළ ඉන්දියානුවන්ගේ කණ්ඩායමට ඔවුන්ගේ අභියෝගය පහසු නොවීය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ මූලාසනය, පකිස්තානු මහා කොමසාරිස්,  වි.මේජර් ජෙනරාල්: ශකීල් හුසේන් මහතාට හිමිව තිබූ අතර එංගලන්ත වෙස්ට් හැම් යුනයිටඩ් (West ham) කණ්ඩායමේ තානාපතිවරයෙකු වශයෙන් සකීර් ඛාන් මහතා ද මේ අවස්ථාවට සහභාගී විය. පාපන්දු ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති තිලක් පීරිස්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී මහතා ද, ටොප් ප්‍රින්ටර්ස් ආයතනයේ ප්‍රධානී සමීර් යුනුස් මහතා ද මේ අවස්ථාවට සහභාගී විය. කොළඹ ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ පුවෙන්ද්‍රන්,  හදිසි කටයුත්තකට කොළඹින් පිටට ගොස් සිටි බැවින් පසුව රු. 50,000කින් ආධාර කිරීමට පොරොන්දු විය.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට