ඩිලෝන්ගෙන් කඩුලු 7ත් සමඟින් තවත් සුපිරි තරු දෙකක විශිෂ්ට දස්කම්

810
Schools Cricket

පළමු ඉනිමේ ජයග්‍රහණ කිහිපයක්ම සමඟින් සිංගර් 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම අද (23) දිනය තුල දී අවසන් වූ අතර, හසිත බෝයගොඩ හා ඩිලෝන් පීරිස් මෙන්ම හසින්ත ජයසූරිය ද අද දිනයේ දී වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය.

කිංග්ස්වුඩ් විද්‍යාලයේ අවිශ්කගෙන් නොදැවී ශතකයක්

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (22) අවසන් වූ බොහෝ තරග පළමු ඉනිමේ ජයග්‍රහණ වලින් අවසන් වූ අතර, ඊයේ දිනයේ මෙන් අදත් කිංස්වුඩ් විද්‍යාලයේ…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ සහිරා විද්‍යාලය

ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමින් අවසන් වූ මෙම තරගයේ අද දිනය තුල දී හසිත බෝයගොඩ ලකුණු 110ක් සමඟින් විශිෂ්ට ශතකයක් තම විද්‍යාලයේ දෙවන ඉනිමට වාර්තා කල අතර, හසින්ත ජයසූරිය ද ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

සහිරා විද්‍යාලය තම පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලබා ගත්තේ ලකුණු 123ක් පමණි. එම ඉනිමට මොහොමඩ් ශමාස් නොදැවී ලකුණු 41*ක් රැස් කර ගැනීමට සමත් විය. එමෙන්ම හසිත බෝයගොඩ පළමු ඉනිමේ කඩුලු 3ක් ලකුණු 3කට දවාලමින් තම තුන් ඉරියව් දස්කම් නැවතත් විදහා දක්වන ලදි. එසේම විමුක්ති නෙතුමල් ලකුණු 2කට කඩුලු 3යි. තරගය පල්ලේකැලේ දී පැවැත් විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 252 (63.5) : හසින්ත ජයසූරිය 66, ශැනොගීත් ශන්මුගනාදන් 56, හසිත බෝයගොඩ 30, තිසුරු ඩිල්ශාන් 28*, ත්‍යාගරාජන් බනුගොබන් 22, මොහොමඩ් ශමාස් 2/09, හෂ්මි හුසේන් 2/42, සජිත් සමීර 2/63

සහිරා විද්‍යාලය පළමු ඉනිම –  සියල්ලන්ම දැවී 123 (39.5) : මොහොමඩ් ශමාස් 41*, විමුක්ති නෙතුමල් 3/02, හසිත බෝයගොඩ 3/03, ට්‍රිවෝන් පර්සිවල් 2/32

ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම – 394/5 (79) : හසිත බෝයගොඩ 110, හසින්ත ජයසූරිය 106, ශැනොගීත් ශන්මුගනාදන් 60, ත්‍යාගරාජන් බනුගොබන් 44*, චානුක බණ්ඩාර 41, මහධී නමිස් 2/105


කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

ඊයේ (22) දිනය අවසන් වන විට සාන්ත පීතර පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලෙස දැක්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. මෙම තරගයෙන් සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

තවත් ලකුණු 77ක් ලබා ගැනීමට හැකි වූවා නම් සාන්ත පීතර විද්‍යාලයට ජයග්‍රහණය ලබා ගන්නට තිබූ මෙම තරගයේ දක්ෂ පන්දු යැවීමක නිරත වුන ඩිලෝන් පීරිස් සාන්ත පීතර පළමු ඉනිමේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

සත්කාරක සාන්ත පීතර විද්‍යාලයේ පන්දු යවන්නන් වෙනුවෙන් මොහොමඩ් අමීන් කඩුලු 5ක් දවා ගනිද්දී ඉවසිලිමත්ව ලකුණු 46ක් තම කණ්ඩායමේ ලකුණු පුවරුවට එක් කිරීමට සිතිර අප්පුහින්න සමත් විය. ඔහුට සහය වුනු මන්තිල විජේරත්න ලකුණු 42ක් ලබා ගන්නා ලදි. සාන්ත පීතර දෙවන ඉනිමට මනෙල්කාර් ද සිල්වා හා විනුල් ගුණවර්ධන පිළිවෙළින් ලකුණු 36*ක් හා ලකුණු 27ක් එකතු කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 145 (48.4) : භාග්‍ය දිසානායක 41, ඩිලෝන් පීරිස් 28

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 152 (56) : සන්තුෂ් ගුණතිලක 85, ඩිලෝන් පීරිස් 7/44

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – 169/9 dec (50.5) : සිතිර අප්පුහින්න 46, මන්තිල විජේරත්න 42, මොහොමඩ් අමීන් 5/63, සචින් සිල්වා 3/49

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 86/3 (26) : මනෙල්කාර් ද සිල්වා 36*, විනුල් ගුණවර්ධන 27


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය,

කොළඹ රාජකීය විද්‍යාලය හා කැළණිය ධර්මාලෝක විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර, එම තීරණය අභියෝගයට ලක් කරමින් යුගීෂ ඩිල්ශාන් ධර්මාලෝක විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් ලකුණු 28ක් තුල දවා ගනිමින්, සවිමත් පිතිකරණ නාමාවලියක් ඇති රාජකීය විද්‍යාලයේ පළමු ඉනිම, ලකුණු 128කට සීමා කිරීමට සහය විය. එහි දී නොදැවී ක්‍රීඩා කල අභිෂේක් පෙරේරා ලකුණු 31*ක් ලබා ගත් අතර, එය රාජකීය පළමු ඉනිමේ හොඳම ලකුණ විය.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ධර්මාලෝක විද්‍යාලයේ මදුමාධව අනුරුද්ධ ලකුණු 58ක අඩිතාලමක් ගොඩ නගන ලදි. දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැදෙමින් ක්‍රීඩා කරන සමිත රංගන ලකුණු 29*යි.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 128 (44.5) : අභිෂේක් පෙරේරා 31*, රොනුක ජයවර්ධන 30, තෙවිදු සේනාරත්න 23, යුගීෂ ඩිල්ශාන් 4/28, වෙනුර ගයාශාන් 2/26, මදුමාධව අනුරුද්ධ 2/36

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 116/6 (48) : මදුමාධව අනුරුද්ධ 58, සමිත රංගන 29*, හේලිත විතානගේ 2/14, ගනිත් සංදීප 2/20

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව