කිංග්ස්වුඩ් විද්‍යාලයේ අවිශ්කගෙන් නොදැවී ශතකයක්

319
Singer U19 Schools Cricket

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (22) අවසන් වූ බොහෝ තරග පළමු ඉනිමේ ජයග්‍රහණ වලින් අවසන් වූ අතර, ඊයේ දිනයේ මෙන් අදත් කිංස්වුඩ් විද්‍යාලයේ අවිශ්ක චන්ද්‍රසිරි ලකුණු 151*ක් වාර්තා කරන්නට සමත් විය. එසේම තවත් තරග කිහිපයක්ම අද පළමු දිනය සඳහා ආරම්භ විය.

අර්ධ ශතක පිරි දිනයේ ජය තර්ස්ටන් විද්‍යාලයට

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 8ක පූර්ණ ජයග්‍රහණයක් හිමි කර දෙමින් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් අද (21) නිමාවට පත් වූ අතර, මහින්ද විද්‍යාලයේ…

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය

මහනුවර පොලිස් පිටියේ දී කාසියේ වාසිය ජය ගත් කිංග්ස්වුඩ් විද්‍යාලය, පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කල අතර, අවිශ්ක චන්ද්‍රසිරිගේ සුපිරි පිතිකරණයත් සමඟින් තරගයෙන් පළමු ඉනිමේ ජය ලබා ගැනීමට කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය. අවිශ්ක නොදැවී 151*ක් ලබා ගැනීමට සමත් විය. කසුන් ඒකනායක එම ඉනිමේ කඩුලු 4ක් දවාලමින් විද්‍යාර්ථ විද්‍යාලයට යම් සැනසුමක් ගෙන එන ලදි. විද්‍යාර්ථ දෙවන ඉනිමේ කඩුලු 4ක් දවාලීමට විමුක්ති විජේවර්ධන සමත් විය.  

විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 162 (66): සචිත ප්‍රියමාල් 45*, රවිශ්ක උපනන්ද 37, රංගන රත්නායක 3/25, යශෝධ කාවින්ද 2/09, ජනිත් තෙන්නකෝන් 2/35

කිංග්ස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – 272/9 dec (73): අවිශ්ක චන්ද්‍රසිරි 151*, දුලින් විජේනාරායන 28, අමිල ජයවීර 21, කසුන් ඒකනායක 4/86, රවිශ්ක උපනන්ද 2/31

විද්‍යාර්ථ විද්‍යාලය දෙවන ඉනිම – 169/7 (57): රවිශ්ක උපනන්ද 60, සචිත ප්‍රියමාල් 41*, ඉසුරු ප්‍රබෝධ 29, විමුක්ති විජේසිරිවර්ධන 4/63


කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

සාන්ත මරියා විද්‍යාලයට පළමු ඉනිමේ ජය හිමි කර දුන් මෙම තරගයේ දී ගජිත කොටුවේගොඩ, ටී. එස්. කුමාර සමඟින් එක්ව මනරම් පිතිකරණයක් දියත් කරමින් සාන්ත මරියා ලකුණු පුවරුව ඔසවා තබන ලදි, ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 105ක් හා 79ක් වාර්තා කරන ලදි. ශෙහාන් උදාර සාන්ත මරියා විද්‍යාලයේ කඩුලු 4ක් දවාලූ අතර, පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කල සාන්ත සෙබස්තියන් විද්‍යාලයට දිනය අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 146ක් පමණි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 175 (51.4): නිමේෂ් ධනංජය 36, ශෙහාන් උදාර 34, ගයාන් චන්ද්‍රසිරි 4/35, මදුෂාන් උඩගේ 3/59, නිර්මාල් ප්‍රනාන්දු 2/11

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 323 (99.5): ගජිත කොටුවේගොඩ 105, ටී. එස්. කුමාර 79, ශෙශාන් උදාර 4/52, රශ්මික උදාර 2/52

සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉනිම – 146/7 (37): සමිත ඩිල්ශාන් 70, කවිඳු ඉරෝෂ් 30, ලසිත උඩගේ 3/89


මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

මහානාම විද්‍යාලයට කාසියේ වාසිය හිමි කර දුන් මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට සිදු විය. මාරිස් ස්ටෙල්ලා  ඉනිමට පිළිතුරු ලෙස මහානාම විද්‍යාලය ලකුණු 364ක් ලබාගෙන තම පළමු ඉනිම අත්හිටවූ අතර, කදිරානේ දී කවිඳු මුණසිංහ ශතකයක් ලබා ගැනීමට සමත් විය. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් සචිදු කොළඹගේ කඩුලු 5ක් දවා ගන්නා ලදි.

මහානාම විද්‍යාලයේ දෙවන ඉනිම වෙනුවෙන් ලසිත කෘෘස්පුල්ලේ තම අර්ධ ශතකය සපුරාලීමට සමත් විය. අවසානයේ මහානාම විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

මහානාම විද්‍යාලය – සියල්ලන්ම දැවී 211 (52.5): රවිඳු ප්‍රනාන්දු 106, සචිදු කොළඹගේ 44, නිදුක වැලිකල 4/54, හේශාන් හෙට්ටිආරච්චි 2/25, හෙශාන් සංදීප 2/64

මහානාම විද්‍යාලය පළමු ඉනිම  –  සියල්ලන්ම දැවී 364 dec (103.1): කවිදු මුණසිංහ 114, විහාන් මුදලිගේ 82, දිනුක රෑබසිංහ 57, නිදුක වැලිකල 57, සචිදු කොළඹගේ 5/77

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම – 135/5 (25): ලසිත් කෘෘස්පුල්ලේ 54, රවිඳු ප්‍රනාන්දු 34*, අශාන් ප්‍රනාන්දු 27, හෂාන් සංදීප 3/54


ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය

පළමු දිනය නිමාවන විට සත්කාරක මහින්ද විද්‍යාලයේ ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 292ක් ලෙස සටහන් වී තිබුණි.

දෙවන දිනය වෙනුවෙන් ආරම්භ වූ මෙම තරගයේ මහින්ද විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 392කට අවසන් වූ අතර පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කල නාලන්ද විද්‍යාලයට දෙවන දිනය අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 226ක් පමණි. එම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, ලක්ෂිත රසාංජන හා මාලිංග අමරසිංහ නාලන්ද විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වන ලදි.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 392 (132.2): හංසික වැලිහිද 151, විනුර විරංජිත් 53, කේ. කේ. කෙවින් 53, ප්‍රමීත් හංසික 40*, මාලිංග අමරසිංහ 5/53, අසේල කුලතුංග 3/74

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – 226/4 (60): ලක්ෂිත රසාංජන 72*, මාලිංග අමරසිංහ 53, අවිශ්ක පෙරේරා 46, දසුන් සෙනෙවිරත්න 32, අශේන් කණ්ඩම්බි 3/41


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය

පළමු දිනයේදීම අවිශ්ක ප්‍රනාන්දු හා මන්ජිත් රාජපක්ෂ අර්ධ ශතක ලබා ගත් මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සිල්වෙස්ටර් විද්‍යාලය, ප්‍රතිවාදී පිටියේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දුන් මෙම තරගයේ තම පළමු ඉනිම ලකුණු 293කට අත්හිටවීමට ඔවුන් තීරණය කරන ලදි. එම ඉනිමේදී අවිශ්ක ප්‍රනාන්දු හා තරුශ ප්‍රනාන්දු අර්ධ ශතක දෙකක් තම විද්‍යාලය වෙනුවෙන් වාර්තා කලේය. පන්දු යැවීමේ දී තුසිත් සොයිසා සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5යි.

සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 173 (75.2): මන්ජිත් රාජපක්ෂ 51*, චන්දුල ජයකොඩි 27, නුවනිදු ප්‍රනාන්දු 5/54, අශේර් වර්ණකුලසූරිය 2/07

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම – 293/7 dec (60): අවිශ්ක ප්‍රනාන්දු 75, තරුශ ප්‍රනාන්දු 53, මලින්ද පීරිස් 46*, තුසිත් සොයිසා 5/97, බිම්සර අත්තනගල්ල 2/74

සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිම – 102/7 (58): චන්දුල ජයකොඩි 35, ප්‍රවීන් ජයවික්‍රම 3/32


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරඟ,

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ සහිරා විද්‍යාලය

පල්ලේකැලේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල සහිරා විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ත්‍රිත්ව ඉනිම වර්ණවත් කල හසින්ත ජයසූරිය හා ශැනොගීත් ශම්මුගනාදන් අර්ධ ශතක ඉනිම් දියත් කරන ලදි. ත්‍රිත්ව ඉනිම ලකුණු 252කට සීමා කිරීමට මූලිකත්වය ගත් මොහොමඩ් ශමාස් ලකුණු 9කට කඩුලු 2ක් දවාලන ලදි. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සහිරා විද්‍යාලයේ කඩුලු 2ක් පළමු දිනය තුලම දවා ගන්නට ට්‍රිවෝන් පර්සිවල් සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 252 (63.5): හසින්ත ජයසූරිය 66, ශැනොගීත් ශම්මුගනාදන් 56, හසිත බෝයගොඩ 30, තිසුරු ඩිල්ශාන් 28*, ත්‍යාගරාජන් බනුගොබන් 22, මොහොමඩ් ශමාස් 2/09, හෂ්මි හුසේන් 2/42, සජිත් සමීර 2/63

සහිරා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 65/4 (24): ට්‍රිවෝන් පර්සිවල් 2/23


කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

දිනය අවසන් වන විට සාන්ත පීතර පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලෙස දැක්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

භාග්‍ය දිසානායක සාන්ත තෝමස් ලකුණු පුවරුවේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 41ක් ලබා ගෙනයි. ඔහුට සහය ලබා දුන් ඩිලෝන් පීරිස් ලකුණු 28ක් ලබා ගත් අතර, පීතර පළමු ඉනිමේ කඩුලු 3ක් ද දවා ගන්නා ලදි. පිළිතුරු සාන්ත පීතර ඉනිම වෙනුවෙන් දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරන සන්තුෂ් ගුණතිලක ලකුණු 73*යි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 145 (48.4): භාග්‍ය දිසානායක 41, ඩිලෝන් පීරිස් 28

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 109/4 (36): සන්තුෂ් ගුණතිලක 73*, ඩිලෝන් පීරිස් 3/27

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව