February 21, 2017

පියාඹන කාර් සිහිනය

ඩොලර් බිලියන ගණනක වත්කම් සහිත තාක්ෂණික යෝධයකු වු Uber ආයතනය තාක්ෂණික කුලීරථ සේවාවක් ලෙස පොළවට උඩින් පියාඹන කාර් නිපදවීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා නාසා ආයතනයේ හිටපු ඉංජිනේරුවර‍යකුද සම්බන්ධ කර ගෙන තිබේ.

නාසා ආයතනයේ ඉංජිනේරු Mark Moore  සිරස් ලෙස ගුවන් ගත වීම හා නැවත භූගත වීම (VTOL) පිළිබඳ ප්‍රායෝගික විස්තර පත්‍රිකාවක් අවුරුදු 07 කට පෙර ලියා තිබේ. පුද්ගලික ගුවන් ගමන් සඳහා භාවිතා කළ හැකි මෙම VTOL ක්‍රමය කෙරෙහි පැහැදුනු Uber ආයතනය Moore ගේ දැණුම-හැකියාව සහ අවුරුදු 30 ක අත්දැකීම යොදා ගැනීමට තීරණය කර තිබේ. එමඟින් Uber ගේ පියාඹන නාගරික ප්‍රවාහනය සාර්ථක කර ගැනී ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මෙම නව පාරිසරික පද්ධතිය සහ නාගරීක විදුලි  VTOL ක්‍රමය සජීවි කිරීමට පුරෝගාමි විය හැකි Uber හැර වෙනත් ආයතනයක් පිළිබඳව තමාට  සිතා ගැනීමට නොහැකි බැවින් පියාඹන කාර් සිහිනය සැබෑ කර ගැනීමට Uber හා එක් වූ බව නාසා ආයතනයේ හිටපු ඉංජිනේරු Moore පවසයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී Uber  ආයතනය සම්පූර්ණ නග්න සිතිවිල්ලක් ලෙස නගරය තුල ක්ෂණික ප්‍රවාහනය සඳහා පියාඹන කාර් යොදාගමු යන අනාගත සංකල්පය ඉදිරිපත් කරන ලදි. එහිදි ඉතා උස් මන්දිර වල මුදුනේ පිහිටි මධ්‍යස්ථාන  අතර ගමනාගමනය සුදුසු බව Uber මුලින් උපකල්පනය කලද නව VTOL ක්‍රමය ඊට වඩා දියුණු ක්‍රමයක් ලෙස සැලකේ. කෙසේවෙතත් VTOL විසින් කාර්යක්ෂමතාවය, විමෝචනය, ශබ්දය , බැටරි ජීවය, සහතිකකරණ ක්‍රියාවලිය, විශ්වාසනීයබව, ආරක්ෂාව, ගුවන් ගමන් පාලනය සහ වියදම යන බොහෝ බාධක කඩුලු ජයගත යුතුව ඇත.  Moore ඔහුගේ ක්‍රියාකාරකම් වල ආරම්භකය ලෙස පියාඹන කාරයක් ඉදිරිපත් කළ හැකි අතරම මෙම ගැටළු සඳහාද විවිධ පිළිතුර සෙවීමට මූලික වී කටයුතු කරනු ඇත. අවුරුදු කිහිපයක් යන තෙක් මෙය ප්‍රායෝගිකව සිදු වීම අපේක්ෂා කළ නොහැකි නමුත් Uber ආයතනයට හා Moore ට ඒ පිළිබඳව හොඳ හැකියාවක් ඇති බව ස්ථිරය.      

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන්

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි


https://youtu.be/ch7Q_j_VTUQ?t=2

0 comments:

Post a Comment