ධාරානිපාත වර්ෂාවෙන් යුධ හමුදා ජයග්‍රහණය කල් යයි

375
Downpour postpones Army victory translated

කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ තරගයක දී යුධ හමුදා ක්‍රීඩා සමාජය වාර්තා කළ ගෝල 3කින් පොලිස් කණ්ඩායමට කණගාටුදායී ලෙස පසුබසින්නට සිදුවිය. පිටියට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය කල් දැමුණු අතර එය යළි පැවැත්වෙන දිනය තරග සංවිධායකයින් විසින් දැනුම් දෙනු ඇත.

16න් පහළ පාපන්දු සංචිතයට ක්‍රීඩකයින් 32ක්

දකුණු ආසියානු – ජපාන වයස අවුරුදු 16න් පහළ පාපන්දු තරගාවලිය මාර්තු 11 සිට 14 දක්වා කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගණයේ දී රටවල් හතරක සහභාගීත්වයෙන් පැවැත්වේ.

කණ්ඩායම් දෙකම එකිනෙකා හා කරට කර ක්‍රීඩා කිරීමට හැකි දක්ෂතාවලින් පසුවූ බැවින්, තරගය වඩාත් තරගකාරී වනු ඇතැයි වාර්තා විය.

ප්‍රථම වටයේ මුල් භාගයේ දී තරගය එලෙසින්ම උණුසුම් වූයේ කණ්ඩායම් දෙකම කැපීපෙනෙන දක්ෂතා වලට පැමිණි බැවිනි. නමුත් කේ. ලියනගේ, එස්. ගුණවර්ධන සහ සී. කරුණාරත්න එක් වී යුධ හමුදා මැදපෙළ ශක්තිමත් කරන ලදී.

තරගයේ පළමු ගෝලය වාර්තා වූයේ ඉතාමත් අලංකාර අයුරිනි. පිටියේ දකුණු අන්තයෙන් දිවයමින් යුධ හමුදාවේ එස්. ගුණවර්ධන “තිතටම” ලබා දුන් හරස් පහර ගෝලය තුළට යැවීම සඳහා කේ. ලියනගේට කිරීමට ඉතිරිව තිබුණේ කුඩා කාර්යයකි. ප්‍රතිවාදී පොලිස් ක්‍රීඩිකාවන් වූ රදීකා සජීවනී සහ ශානිකා දිල්රුක්ෂි, යුධ හමුදා ක්‍රීඩිකාවන් පිටියේ මැද කොටස තුළ සිරකරගත නොහැකිව දිගින් දිගටම අපහසුතාවයට ලක්වනු දැකිය හැකි විය. ලක්ෂානි අනුරුද්ධිකා පමණක් පොලිස් කණ්ඩායම වෙනුවෙන් ඉදිරියට ගියත් ඔවුන්ගේ මැදපෙළ අසාර්ථක වීමත් සමඟ ඔවුන්ට යුධ හමුදාවට වඩා පසුපසින් සිටීමට සිදුවිය.

යුධ හමුදාව මීළඟ ගෝලය වාර්තා කළේ පන්දුව පොලිස් සීමාව තුළ තිබූ මොහොතක පොලිස් ක්‍රීඩිකාවන් එය සාර්ථකව අනතුරක් රහිත සීමාවට එල්ල කරන්නට අසමත් වූ බැවිනි. හිසින් පන්දුව ගෝලය තුළට යැවිය හැකි මට්ටමකට පන්දුව ඉහල නැගි අතර එන්. මධුශානිගේ හිසින් එම ගෝලය වාර්තා විය.

පළමු අර්ධය – යුධ හමුදා ක්‍රීඩා සමාජය 2-0 පොලිස් ක්‍රීඩා සමාජය.

දෙවන අර්ධය ආරම්භ කිරීමට සිදුවූයේ අකුණු පහර සහ වර්ෂාව මධ්‍යයේය. පළමු අර්ධයේ දී මෙන්ම පිටියේ මැදපෙළ ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම දරන ලද්දේ යුධ හමුදාව විසිනුයි.

යුධ හමුදාව වෙනුවෙන් ගුණවර්ධන ලද කෝණයක් ගෝල චතුරශ්‍රයට එල්ල කිරීමේ දී ඊට හිසින් පහරක් එල්ල කළ, පොලිස් කණ්ඩායමේ චතුරිකා මධුශානිගේ උත්සාහය වැරදී පන්දුව පොලිස් ගෝලය තුළට ගියේය. පසුව යුධ හමුදාවෙන් පොලිසිය වෙත දැවැන්ත තර්ජනයක් එල්ල වූ අතර පොලිස් නායිකා දුලීකා චාමලී පමණක් නොසැලී ක්‍රීඩා කළාය.

තරගයේ 67 වන මිනිත්තුව වන විට වර්ෂාව තදින් ඇදහැලීම නිසා ක්‍රීඩිකාවන්ට පන්දුව පාලනය කිරීම අපහසු බව දුටු විනිසුරු තරගය කල් තැබුවේය.

දෙවන අර්ධය – යුධ හමුදා ක්‍රීඩා සමාජය 3-0 පොලිස් ක්‍රීඩා සමාජය.

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවන්.

යුධ හමුදාව.

කේ. ලියනගේ 14′, එන්. මධුශානි 47′, චතුරිකා මධුශානි (OG) 50′.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට