ශ්‍රී ලංකා කාන්තාවෝ ලෝක කුසලානයේ ජය මාවතට

1352
SRI LANKA WOMENS CRICKET

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ 8 වන තරගය වන ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගය ඊයේ (19) පෙරවරුවේ එන්. සී. සී පිටියේ දී පැවැත්විය.

එංගලන්ත ලයන්ස් පිළෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්

එංගලන්ත ලයන්ස් පිළේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන ප්‍රථම සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (19) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

මෙහි දී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 42ක ජයක් සමඟ ජුනි මස එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒ සමඟම ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය යන කණ්ඩායම් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශය පළමුව පන්දුවට පහර දීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරන ලදි. ලකුණු 39ක්ව තිබිය දී පළමු කඩුල්ල ලෙස නිපුනි හංසිකා ලකුණු 19කට දැවී යද්දී පිටියට පැමිණි චමරි අතපත්තු තරගයේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කරන්නට විය.

හතරේ පහර 8ක් ද, හයේ පහර 1ක් ද ඇතුලත්ව පන්දු 114කදී ලකුණු 84ක් රැස් කිරීමට ඇය සමත් විය. 10 වෙනි පන්දුවාරයේ සිට 49 වන පන්දුවාරය වනතෙක් ජයග්‍රාහී ඉනිමක යෙදුනු ඇය, තම හැකියාවන් මනා ලෙස එලි දක්වන ලදී. ඉනිමේ 2 වන වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 32ක් රැස්කළ හසිනි පෙරේරාය. ඉන්පසු බංගලාදේශ පන්දුයවන්නියන් හමුවේ සාර්ථක වීමට කිසිම ශ්‍රී ලංකා පිතිකාරිනියකට නොහැකි විය. පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා පිලට රැස් කරගත හැකි වූයේ කඩුලු 9කට ලකුණු 197ක් පමණි. පන්දු යැවීමේ දී සල්මා කාතුන් කඩුලු 3යි.

වැස්සෙන් බාධා ඇති වූ නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව බංගලාදේශය සඳහා  හඹා යෑමේ ඉලක්කය වූයේ පන්දුවාර 21කදි ලකුණු 111කි.

පළමු පන්දුවේදීම කඩුල්ල මුවා කල වරදට ශාමින් සුල්තානා දවා ගන්නට උදේශිකා ප්‍රබෝධනි සමත් විය. බංගලාදේශය වෙනුවෙන් ලකුණු 20 සිමාව පසු කලේ නිගර් සුල්තානා සහ ශෛයිලා ශාමින් දෙපල පමණි. පන්දුවාර 21 අවසානයේ බංගලාදේශ කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ කඩුලු 5කට ලකුණු 68ක් පමණි. පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධනි සහ ඉනොෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැගින් දවා ගන්නා ලදි. තරගයේ වීරවරිය චමරි අතපත්තු.

අනෙකුත් තරග ප්‍රතිඵල  

පකිස්ථාන කාන්තා කණ්ඩායම 67 V ඉන්දියානු කාන්තා කණ්ඩායම 70/3(22.3/50) – ඉන්දියානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

අයර්ලන්ත කාන්ත කණ්ඩායම 166  V දකුණු අප්‍රිකානු කාන්තා – 82/1(21/21) – දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 36ක ජයක්. (ඩක්වත් සහ ලුවිස් ක්‍රමයට අනුව)

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව